හායි යාලුවනේ.... 
අද 2025 නොවැම්බර් 15 වෙනිදා. ඒ කියන්නෙ මාලිමාවට 2/3 ලැබිලා අදට අවුරුද්දක් වෙනවා. අවුරුද්දක් ගතවුණා දැනුනෙත් නෑ නේද?
යාලුවනේ ඔයාලට මතකද එදා ඡන්ද ප්රතිඵල ආව දවස? 2024 නොවැම්බර් 15 එදා පෝය දවසක්. අපි හැමෝම සතුටු වුණා එදා.
අද 2025 නොවැම්බර් 15. පුනරුදය පටන් අරන් අදට අවුරුද්දක්. ඔයාලා කැමතිද මේ අවුරුද්දක කාලය ඇතුළත රටේ මොනවද වුණේ කියලා දැනගන්න?
මම කියන්නම් යාලුවනේ.
අද ඩොලර් එක රු. 106 යි. මම ගිය මාසෙ Starlink connection එක ගත්තා. ඒකෙ බිල ගෙවන්නත් පොඩි ගාණයි යන්නෙ.
ජනවාරියෙ වාහන ගෙන්නුවානෙ. මං පෙබරවාරියෙ එකක් ගත්තා. දැන් නම් වාහන මිල හොඳටම අඩු වෙලා. අපරාදෙ මං හදිස්සි වුණා වාහන ගන්න.
නාඩු හාල් කිලෝ 1 රු.100-120 අතර ගන්න පුලුවන්. පිටරටින් හාල් ගෙන්නුවෙම නෑ.
බිත්තර 25-30 අතර. උඹලා ඒ කාලෙ හිනා වුණා නේද?
පොල් රු. 50යි.
ලයිට් බිල අඩු කරපු හින්දා අපි AC දාගෙනමයි ඉන්නෙ. පෙට්රල් ලීටරේ 130 යි. ඊශ්රායෙල් පැත්තෙ යුද්දෙ හින්දා තමයි ටිකක් ගණං වැඩි.
ගොඩක් හොරු අල්ලලා ඇතුළට දැම්මා. අල්ලන කොට කෙඳිරි ගාන්න එපා කියපු හින්දා ඇතුළට දාන කොට තමයිලු කෙඳිරි ගෑවෙ.
සුනාමි සල්ලි හොරකම් කරපු අය, මහ බැංකුව කඩපු අය, උගන්ඩාවට සල්ලි යවපු අය, පාස්කු ප්රහාරයේ මහ මොළකරු ඔක්කොම හිරේ. (ඇප නෙවේ, කෙලින්ම හිරේ.)
කොට්ටහච්චි මැඩම් ටිකක් මහත් වෙලා. හැබැයි ඒ කාලෙ වගේම ලස්සනයි.
ඔයාලගෙ අත්දැකීම් එහෙමත් කියන්න මගෙ රත්තරං යාලුවනේ...

___________________
හුදෙක් ආතල් එක සඳහා පමණයි. පක්ෂ විපක්ෂ හැමෝම comment එකක් දාලා ආතල් එකට එකතු වෙන්න.
මාතෘකාව : අද 2025 නොවැම්බර් 15

Last edited: