ජෙප්පෝ සහ සජබයියන් යනු අතුගෑවී යන්න ඕන මෙන්න තියෙන දුවිලි අංශු කිහිපයක් පමණි. උන් එහෙම්පිටින්ම අමුතුම ජීවීන් කොට්ඨාශයකි. මොකද ඔවුන්ට පෙනෙන්නේ වැරදි පමණි. තමන්ගේ පක්ෂයට කඩේ යන ඔවුන් දේශප්‍රේමියෝ ලෙස හඳුන්වයි. ඔවුන්ට විරුද්ධව කතා කරන අය ඔවුන් වහලුන් ලෙස හඳුන්වයි. ඔවුන්ගේ පාලනයක් බැරි වෙලා හරි ආවොත් ඔවුන් එම කාලය තුල සිදු කරන්නේ නිදා ගන්න එකම පමණි. ඔවුන්ගේ පාලනය අහවර ඌ සැනින් බූමිතෙල් ගැසූ ගැරඩින් මෙන් අවදි වි සක්‍රිය වෙයි. ඔවුන්ගේ දින චර්යාව ගත්තොත් අනෙක් මිනිස්සු වගේ ඔවුනුත් කෑම වේල් 3ක් අනුභව කරයි. තිබෙන එකම වෙනස යනු ඔවුන් කෑම ගැනීමට පෙර රාජපක්ෂ සහ මැදමුලන යන වචන 2ක තුන්වරක් ජපකරයි. මොකද එය ඔවුන්ගේ අහාර ජීරණයට සෑහෙන්න උදවු වන බවට ඔවුන් තරයේ විශ්වාස කරනවා. එමෙන්ම වැසිකිලි යෑමට පෙර මැදමුලනේ වැසිකිලිය ඔවුන් සිතෙන් මවා ගැනීමට අමතක අරන්නේද නැත. එවිට ඔවුන්ට හොඳින් වැසිකිලි යන්න පුළුවන් වනවා කියලා ඔවුන් පවසනවා. දැන් අවුරුදු 15-20 අතර කාලයක් තිස්සේ ඔවුන් සාර්ථකව මෙම පිළිවෙත් අනුගමනය කරමින් සිටින අතර 2025 ජනාධිපතිවරණයෙන් ජයගෙන තමන්ගේම කියා ජනාධිපතිවරයෙක් සහ එතනින් නොනැවතී තමන්ගේම අගමැතිවරයෙක් පත් කරගෙන මුළු රටේම බලය ඇල්ලීමට ඉතා ලොකු සිහිනයක් දකිමින්ද සිටියි. අප සැමගේම වගකීම ඔවුන්ගේ මේ අහිංසක සිහිනය සිහිනයක් පමණක් වීමට ඉඩ දීමට වගබලා ගැනිමයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි.