2030 CMB megapolis nagarayae Dawasak

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    1. බස් නැවතුමේ කතාවක්.

    image03.jpg
    Source – zercustoms.com

    සෙනෙවිරත්න- ජයේ මතකද ඉස්සර? මෙතන ඔට්ටාව ඉටෝටුව කියාගෙන බුලත් කෙළ ගහගෙන බස් නවත්තන්නෙ. ඊට පස්සෙ අපිව බලෙන් ඇතුලට ඇදගෙන ඉස්සරහට යන්ඩයි පස්සට යන්ඩයි කිය කිය දීපු වදේ. දැන් ඒකට ඩ්‍රයිවැර්ලත් නෑ කොන්දොස්තරලත් නෑ කූල් එකේ නැග්ගා කූල් එකේ ඕන තැනින් බැස්සා. අනික බලන්ඩෙපැයි දැන් බස්හෝල්ටුත් ඒසී.
    ජයවීර- කොන්දොස්තරලටත් හොඳ කලක් ගියා නේද සෙනේ? අලුතින් හදන මහල් නිවාස ඩිසයින් කරන්නෙ ඒගොල්ලොනෙ. ලොකු සෙනගක් දාන්න පුලුවන් එවයෙ.

    2. ත්‍රීවීල් ස්ටෑන්ඩ් එක

    image04.jpg
    Source – vehiclepassion.com

    මචං ඊයේ නියම ඉටැලියන් ඔපෙරා එකක් ඇවිත් තිබ්බ බන් තියටර් එකට. මායි වයිෆුයි ගියා බබාව බේබි සිටර් කෙනෙක්ට බාර දීල. බලන් ඉන්න බෑ හෙන දුක් සීන් එක. අලුතින් ඕපන් කරපු හයි ස්පීඩ් ත්‍රීවිල් ට්‍රැක් එකේ ඔටෝපයිලට් දාල විනාඩි 10න් ගියා.

    3. පෙම්වතුන් හමුවක්


    පෙම්වතිය- ඔයාට දුක නැද්ද අනේ මට මෙහෙම කරන්න?
    පෙම්වතා- මොන දුකක්ද? දැන් මෙගාපොලිස් යටතේ මුලු ජනතාවම සතුටින් අනේ. බලෙන්වත් දුක හිතාගන්න බෑ .

    4. පල්ලෙහා තට්ටුවේ ගෙදර ආච්චි

    image00.jpg
    Source – flickr.com/geraldpereira, cnn.com

    උඹලෑ තාත්තගෙ දහ අවුරුද්දෙ දානෙ සිහිකරල බත් එකක් දෙන්න හිඟන්නෙක් වත් නෑනෙ බන්. ඒකට ඉස්සර පාරට බැස්සම උන්ට හිඟමන් දීල අපිව හිඟමනට වැටෙන තත්වයක්නෙ තිබ්බෙ. මේ අවුරුද්ද ලැබුවාත් හරි පිනක් දහමක් වත් කරන්න බැරි උනා. හාමුදුරුවො උනත් ඉන්ටනෙට් හරහා නොවැ වඩින්නෙ, ඇමොසොන් එකෙන්වත් පිරිකරක් අරන් යවමු නේද පුතේ?

    5. එහා ෆ්ලැට් එකේ කතා බහක්


    පුතා- තාත්ති අපි මේ සති අන්තෙ කොහෙ හරි ට්‍රිප් එකක් යමු ආ…
    තාත්තා- පුතා යන්න ආස කාර් එකේද? මොනො රේල් එකේද? ප්ලේන් එකේද? ජෙට් එකේද?

    6. අපේ ගෙදර

    Dog.jpg
    Source – Udithawix https://www.flickr.com/photos/126915310@N08/


    මම- දුප් බල්ලා!
    එයා- මොකද ඔයා හීනයක්වත් දැක්කද?
    මම- ඔව් අනේ මම හීනෙන් දැක්ක පාරෙ ඉන්න තඩි කලු බල්ලෙක් මගෙ පස්සෙන් එළවනවා.
    එයා- ඔයාට විකාර, දැන් කොහෙද පාරවල්වල බල්ලො. විකාර අමතක කරල නිදාගන්න!

    7. පාරේ අංකල් කෙනෙක්
    R2D2.jpg
    Source – helpfulgardener.com, gizmodo.com

    පුතා ක්‍රිකට් ගැහුවට කමක් නෑ. ඔය එහා පැත්තෙ කෘතිම වනන්තරේට බෝලෙ ගියොත් හොයන්න යනව එහෙම නෙමේ හොඳද.? එහෙම උනොත් අපේ R2D2 යවල බෝලෙ හොයාගන්න.

    8. පාක් එක
    image02.jpg

    Source – flickr.com/yimhafiz
    කොල්ලා – ස්ස්… මේ නංගි… හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ හරිද?
    කෙල්ල- හානේ… අයියා කොළඹ කීයෙද?
    කොල්ලා – කොළඹ 30, උතුරු කළුතර නංගි.

    9. ඉස්කෝලෙ


    ගුරුතුමිය- අතීතයේ පැවති කොළොන්නාව කුණු කන්ද වැනි… (ළමයින්ගෙන් බාධා)
    ළමයි- ටීචර් කුණු කියන්නෙ මොනවද??
    image01.jpg
    Source – chulie.wordpress.com

    10. ගමේපොලිස්


    පොලිස් නිලධාරී- මහත්මයා ඔබේ නිවසේ සංගීත ශබ්දය පිළිබඳ පැමිණිලි ලැබී
    තිබෙනවා. එය අසල්වැසියන්ට හිරිහැරයක්. කරුණාකර ශබ්දය මදක් අඩු කරන්න.
    නිවැසියා- අයියෝ රාළහාමි දන්නැද්ද අපි සෙට් එක පොඩි ජොලියක් දානව. රාළහාමිලටත් Blue label ගල් විස්කි එකක් ලෑස්තියි.
    පොලිස් නිලධාරී- කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා මහත්මයා. නැවත එවැනි අයුතු යෝජනාවක් කළොත් රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙකුට මත්පැන් අල්ලසක් දීමට තැත්කිරීමට ඔබව අත්අඩංගුවට ගැනීමට සිදුවනවා.






    Source : aniwa.lk