සින්ගපුරුව හොදම උදාහරනයක්. ඔක මැත කාලේ හින්දා මම ගෙනාවේ නැත්තේ මෙතනට. නැත්තම් සින්ගපුරුව කියන්නේ මඩ වලක්. කුනු ගදගහන මාලු වරායක්. මදුරු විමානයක්. අද ලොකයේ ඉහලම ආදායමක් ලබන රට. මැතක් වෙනකන් වතුර ගෙනාවේ මැලේශියාවෙන්. රටේ කියලා මුකුත්ම ස්වබාවික සම්පතක් නැ. සම්පූර්න යැපෙන්නේ විදේශ ආයොජන මගින්. මාකට් ප්ලේස් එකක්. ලී ක්වාන් යු ඔක ඔහොම කලේ කොහොමද? ඉස්සෙල්ලාම නීතිය ගෙනාව. සන්ස්කෘතික රාමුවෙන් මිනිස්සු ගැලෙව්වා. ආගමික සන්කල්ප එලියට දැම්මා. රට ගොඩ ගියා. අද දවස ඇතුලත මෙන්න මේ දේවල් ටික ගෙනාවොත් හෙට උද්ගොශන කීයක් රටේ එයිද කියපන්..ඒක රටේ තීරණ ගන්න අයගේ වැරැද්දක් මිසක් රටේ වැරැද්දක් නෙමෙයිනෙ.ඔය singapore දියුණු වගේ රටවල් තියෙන්නේ
කොච්චියෙ කැම කැවොත් දඩය ලක්ශයයි.
එහෙන් මෙහෙන් පාර පැන්නොත් දඩේ ලක්ශයයි.
කෙලගැහුවොත් පාරෙ දඩේ ලක්ශයයි.
කුනු පාරට් දැම්මොත් දඩේ ලක්ශයයි.
ඉරි කපුවොත් වගේ මාර්ග නීති වලට් ලොකු දඩ.
ඇක්සිඩන්ට් එකක් කරල මරුනොත් ලයිසන් කැන්සල් ලයිෆ් ටයිම්.
කලර් ලයිට් නීතිය.
කැසිනො සන්ස්කෘතිය,
ඔය වගේ මිනිස්සු අකමැති දේවල් ටිකක් හෙට ලන්කාවේ නිති කලොත් ලන්කාවට මොනා වෙයිද? ඉතින් කොහොමද ලන්කාව සින්ගපුරුවක් කරන්නේ. එහෙනම් ලන්කාවේ උන් සින්ගපුරු යවලා එහේ උන් මෙහේ ගේන්න වෙනවා. ලන්කාවේ උන්ගේ ආකල්පේ එක්ක බැ.
