Thi is a copy (repost one )
මම මේ ත්‍රෙඩ් එක දාන්නේ කලින් මම දාපු ත්‍රෙඩ් එක බලල ගොඩක් අය මගෙන් මේ ගැන අහල තිබුන මොනවද බොලේ මේ වාහන පර්මිට් කියන්නේ කියල. පර්මිට් නම් ඉතින් එමටයි. ඔය කූරු (Bar) පර්මිට් එකක් ලැබුනොත් ඉතින් පරම්පරා ගානක් ගොඩ දාගත හැකි. තව route පර්මිට් එකක් ලැබුනොත් ඉතින් තෙල් මිල වැඩි වෙනවා බලන් ඉඳල සතුටු වෙන්න පුළුවන්. හරි හරි, අනන් මනං ඕන නෑ. කියන්න ආපු එක කියන්නම්කො.
වාහන පර්මිට් වලත් එක එක වර්ග තියනවා. අඩුම එකේ ඉඳල කියනවා නම් USD 18000 ඉඳල පර්මිට් තියනවා. මම දන්නා වැඩිම එක තමයි USD 30000. අඩුම එක ලැබෙන්නේ පරිපාලන සේවයේ අයට, ඩොකා ලට, සහ ඔය ලෙක්චර් ලට අවුරුදු 5 කට විතර සැරයක්. ඊට පස්සේ මේ අය විශ්‍රාම යනකොට මීට වඩා වැඩි පර්මිට් එකක් ලැබෙනවා.
අප්පා, ඒ මොකක්ද ඒ USD කතාව? හ්ම්, USD කියන්නේ ඇමරිකානු ඩොලර් නේ බොල. අපි USD 18000 කියන එකේ තේරුම තමයි අපි ලංකාවට ගේන වාහනේ උපරිම CIF (Cost, Insurance and Freight)value එක ඔන්න ඔය දීල තියන අගයට වඩා අඩු වෙන්න ඕන. අපි කොහොමද ඔය CIF එක හොයා ගන්නේ? ඒකනම් මම දන්නේ නෑ රජෝ. පොඩ්ඩක් විතර මොලේ කල්පනා කරලා ඔය ජංජාලේ හොයල MSRP එක හොයා ගන්න. අන්න ඊට ආසන්න ගානක් තමයි (ගොඩක් වෙලාවට ඊට වඩා අඩුයි.) CIF value එක.
මම දැක්ක ගොඩක් අයියල අහල තිබුන දෙයක් තමයි USD 25000 පර්මිට් එකක් ගන්න ලක්ෂ 25 ක් ගෙවන්නේ අහවල් එකේ අමාරුවටද කියල. හ්ම්, පිස්සුද බොලව්?මම අයෙත් කියනවා, වාහන පර්මිට් විවිධාකාරයි. එක පර්මිට් එකක් ලක්ෂ 12 කට දුන්න කියල හැම එකම ඒ ගානට ගන්න බලන්න එපා.
දැන් අපි බලමු මොකක්ද මේ පර්මිට් එකේ වෙන ලාබය කියල.
මෙන්න මෙහෙමයි ලාබ වෙන්නේ, අපි ගමු USD 25000 හේ සාමාන්‍ය පර්මිට් එකක්, ඔය බලාපල්ලකෝ ඔය තියන්නේ එකක්.....
මේක නිකම් කොලයක් නේ? නැත්නං...හැබැයි මේක ෆොටෝ කොපියක් විතරයි. ඇත්ත එක එන්නේ රෝස පාට වගේ කොලේක. හරි, මේකේ තියන විදියට මේකට ගෙන්වන වාහනේට බදු අය වෙන්නේ මෙන්න මෙහෙම,
Cylinder Capacity (petrol/diesel)----------------Percentage of tax payable on Custom Value (CIF basis)
1000cc -------------------------------------------60
1600cc -------------------------------------------65
2000cc -------------------------------------------70
2600cc -------------------------------------------80
Exceeding 2600cc --------------------------------100
ඔන්න ඔය විදියට තමයි අපි බදු ගෙවන්න ඕන. දැන් එතකොට මේ මොකක්ද Exceeding 2600cc ඒවාට 100 % ක් බදු අය කරනවද? ඔව් නේ. හැබැයි පර්මිට් එක නැතුව ගේනකොට මේවට 300 % විතර බද්දක් වදිනවා.
මෙන්න තියනවා තව පර්මිට් එකක්. (මේක සම්පුර්ණ පර්මිට් එක නෙවෙයි. කොන්දේසි ටික විතරයි.)
මේකේ තියන්නේ
Importation of a vehicle is liable to the payment of a 5 % import duty. The balance duty will be waived under section....blah blah blah
එතකොට මේකට බදු අය කරන්නේ 5 % යි. කෝ බොලේ එතකොට එන්ජින් ධාරිතාව? එහෙම එකක් නෑ. මේකෙන් ඉතින් පාරේ යන නැවක් උනත් ගෙන්නවගත හැකි.හැබැයි මේකේ තියනවා කලින් එකේ වගේම උපරිම CIF value එකක්. ඒ තමයි USD 27500. ඊට වඩා වැඩි ඒවා ගේනවා බොරු. මේ වගේ පර්මිට් ලැබෙන්නේ රජයේ සේවකයෝ (හැමෝම නෙවෙයි හොඳේ) විශ්‍රාම යනකොට.
ඔන්න තියනවා කලින් එක වගේම 5% USD 25000 හේ පර්මිට් එකක්.
මේවා හරියට පේනවා නම් මේ වගේ තියන කොන්දේසි එහෙම පේනවා ඇති. මේවගේ තව කොන්දේසියක් තියනවා. ඒ තමයි
The above value could be exceed only up to USD 5000 and such exceed amount, in addition to the concessionary rate, is liable to the Custom Duty.
ඒ කියන්නේ ඔය කලින් කියපු ගානට වඩා USD 5000 දක්වා CIF එක වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒ වැඩිවෙන ගාන සාමාන්‍ය බදු වලට යටත් වෙනවා කියල. ඒ කියන්නේ ඒ ගානට 300% විතර බදු වදින්න පුළුවන්. (වාහනේ වර්ගය අනුව මේ ගාන වෙනස් වෙනවා.)
හරි...මේ ඔක්කොම සාවධානෙන් කියෙව්වා නම් දැන් තේරෙනවා ඇති අපි ලක්ෂ 25 ක් හෝ ලක්ෂ 50 ක් හෝ පර්මිට් එකට ගෙවන එකේ පාඩුවක් (පර්මිට් එකේ හැටියට) නෑ කියල.
දල වශයෙන් ඔය දාල තියන පර්මිට් වල වර්තමාන විකිනෙන ගාන කියනවා නම්
මුලින්ම දාපු එක-USD 25000 (එන්ජින් ධාරිතා ඇතුලත්) පර්මිට් එක -ලක්ෂ 9-12
අන්තිමට දාපු එක-USD 25000- 5% බදු සහිත පර්මිට් එක- ලක්ෂ 40-45
මැදින් දාපු එක-USD 27500- 5% බදු සහිත පර්මිට් එක - ලක්ෂ 50-55
මම දන්නා වැඩිම පර්මිට් එක මැති ඇමති වරුන්ට ලැබෙන එක. ඒකෙ වටිනාකම ලක්ෂ 100 ක් විතර වෙනවා.
මේ පර්මිට් වලින් ඇල්ටෝ ගෙන්නලා වැඩක නැහැ. මතක තියා ගන්න මේ පර්මිට් මේ ගානට ගන්නේ ඇඟ කහනවට නෙවෙයි. සාමාන්යෙන් ඔය මම දාපු USD 27500 පර්මිට් එකට Land Rover Discovery 4 එකක් ගන්න පුළුවන්. ඒ වාහනේ මේ කියන ගානට පර්මිට් එකට ගන්නවා නම් ලක්ෂ 75-100 ක විතර ලාබයක් තියනවා. (පර්මිට් එක ලක්ෂ 50 කටත් අරගෙන.) දැන් මට බනින්න එපා කොහෙද යකෝ මේ රටේ ඩිස්කවරි ගන්න පුළුවන් පොරවල් ඉන්නේ කියල? මාව විශ්වාස කරපන්, එහෙම මිනිස්සු ඕන තරම් ඉන්නවා.
දැන් පර්මිට් එකක් අරන් මෙතනට ගිහින් ජපන් වහනෙකුත් අරගෙනම පලයල්ලා.
මාගේ මේ ව්‍යායාමය හුදෙක් ඔබතුමන්ලාගේ දැන ගැනීම පිණිස පමණක්ම වන අතර මාගේ ළඟ පර්මිට් විකිනීමට හෝ වාහන ගෙන්වීම කරන්නේ නැත.