2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යළ
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යළි ‘නමෝ බුද්ධාය’ භාවිතයට ගනිමු
නමෝ බුද්ධාය!
පින්වත් ස්වාමීන් වහන්ස,
පින්වතුනි, පින්වත් දරුවෙනි,
අපගේ ශාස්තෘන් වහන්සේ දිවමන්ව වැඩසිටියදී උන්වහන්සේගේ සිව්වණක් පිරිස වන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ දිව රෑ දෙක්හි උන්වහන්සේට නමස්කාර කළහ. ඒ ‘නමෝ බුද්ධාය’ (බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!) යන වැකිය හෝ ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ (ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!) යන වැකිය හඬ නගා කීමෙනි.
කොසොල් රට මණ්ඩලකප්ප නම් ගමෙහි ධනඤ්ජානි නමින් සැදැහැවත් උපාසිකාවක් සිටියාය. දිනක් ඕ පය පැකිළී වැටෙන්නට ගියාය. ඒ මොහොතේ ඇය තුන්වරක් ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යනුවෙන් පැවසුවාය. මෙය සඳහන් වන්නේ මැදුම් සඟියෙහි සංගාරව සූත්‍රයේය.
එමෙන්ම රජගහ නුවර ඇතුළු නගරයෙහි තනි වී සිටි කුඩා දරුවෙකු රාත්‍රියෙහි නිදා සිටියේය. මැදියම් රැයෙහි පැමිණි යක්ෂයෙක් දරුවා ඩැහැගන්නට අතින් ඇද්දේය. එකෙණෙහිම දරුවාගේ මුවින් ‘නමෝ බුද්ධාය’ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා යන වැකිය පිටවුණේය. ඒ යක්ෂයාගේ යහළු යක්ෂ තෙමේ ඔහුට මෙසේ පැවසීය. ‘යහළු යක්ෂය, නුඹ විසින් වරදක් කරන ලදී. මේ දරු තෙමේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය කෙනෙකි. මේ වරදින් මිදීමට නම් දැන් මේ දරුවාට නුඹ උපස්ථාන කළ යුතුය.’
මෙයින් පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කිරීම පවා මහත් ආනුභාව ඇති දෙයක් බවයි. මුස්ලිම් භක්තිකයෝ ඔවුනොවුන් මුනගැසීමේදී හා වෙන්ව යෑමේදී තමාගේ ආගමට සම්බන්ධ දෙවියන් සිහිකරති. හින්දු බැතිමත්හු ඔවුනොවුන් මුනගැසීමේදී හා වෙන්ව යෑමේදී තමාගේ ආගමට සම්බන්ධ දෙවියන් සිහිකරති. පුට්ටපර්තියෙහි ප්‍රශාන්ති නිලයම්හි සිටින සායිබාබා මුනගැසෙන්නට යන බෞද්ධයන් පවා ‘ ඕම් සායිරාම්’ කියමින් එතුමා ගැන සිහි කරනු ඕනෑම කෙනෙකුට අද පවා දැක්ක හැකිය. මා බුද්ධගයාවේ සිටි දිනෙක ලංකාවේ සිට දඹදිව වන්දනාවේ පැමිණි සිංහල බෞද්ධ එක්තරා මිත්තණියක් තම මුණුබුරාට දුරකථනයෙන් ඇමතුවාය. එවිට ඇය පැවසුවේ, ‘හායි පුතා’ යනුවෙනි. ‘හලෝ, හායි හූයි’ යන වදන් අපට හුරු වී තිබීම තුළින් අපගේ අනන්‍යතාවයට බලවත් හානියක් සිදුවූ තිබේ. එනිසා කෙමෙන් කෙමෙන් අපි එයින් නිදහස් වෙන්නට වෙර වඩමු.
වර්තමාන ඉන්දියාවෙහි බෞද්ධ ජනයා අතර ‘නමෝ බුද්ධාය’ යන වචනය භාවිතයට ගැනෙමින් තිබේ. බුද්ධගයාවෙහි පිහිටා ඇති අපගේ බුදුනුවණ අසපුවෙහි ද ‘නමෝ බුද්ධාය’ භාවිතයට ගැනෙයි. මෙනිසාම කුඩා දරුවෝ පවා ඔවුනොවුන් මුණගැසීමේදී, වෙන්ව යෑමේදී, නින්දට යෑමේදී, අවදිවීමේදී ‘නමෝ බුද්ධාය’ යන වැකිය භාවිතයට ගනිති. අපගේ මග පෙන්වීම යටතේ මේ වන විට ඉන්දියානු බෞද්ධ සමාජය තුළ ‘නමෝ බුද්ධාය’ භාවිතය ස්ථාවර වෙමින් පවතී.
දැනට අප රටෙහි ‘ආයුබෝවන්’ යන වචනය භාවිතා වෙයි. මෙයින් අදහස් කරන්නේ දිගාසිරි වේවා යන්නයි. අප විසින් ‘තෙරුවන් සරණයි’ යන වැකිය භාවිතයට පුරුදු කරන ලදී. එහි තේරුම තුනුරුවන්ගේ සරණ වේවා යන්නයි. නමුත් පැරණි ශ්‍රී ලංකාවේ ද, පැරණි ජම්බුද්වීපයේ ද භාවිත වූයේ ‘නමෝ බුද්ධාය’ යන වැකියයි. ශාස්තෘන් වහන්සේට නමස්කාර කිරීම මෙයින් සිදුවේ. සිඟිති ලොවට බුදු සමිඳු වඩිනවා යන හිසින් යුතුව අප විසින් කුඩා දරුවන් උදෙසා ලියන ලද පොතෙන් සිඟිත්තන්ට නමෝ බුද්ධාය භාවිතා කිරීමට උගන්වන ලදී. එමෙන්ම තෙරුවන් සරණයි යන්න භාවිතයට ගන්නට ද උගන්වන ලදී. මේ තුළින් බොහෝ දරුවන්ට යහපත සැළසුණේය. මෙහි ඇති ඉතාම ආනුභාව සම්පන්න වැකිය නම් ‘නමෝ බුද්ධාය’ යන්නයි. මෙනිසා ගිහි පැවිදි අප කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වය සමරන උතුම් මොහොතේදී ‘නමෝ බුද්ධාය’ යන්න භාවිතයට ගැනීම අපගේ බෞද්ධ අනන්‍යතාවය තහවුරු කරගැනීමකි. එමෙන්ම උදේ හවස බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා යන්න අප මුවින් ගිලිහේ. දැනට මහමෙව්නාව භාවනා අසපුව තුළින් ද දුරකථන ඇමතුම් වලදී පවා ‘නමෝ බුද්ධාය’ භාවිතයට ගැනේ. මෙය අපගේ ශාස්තෘන් වහන්සේ සිහි කිරීමයි.
මිහිඳු මහරහතන් වහන්සේ අපට ලබාදුන් දායාදයට ‘නමෝ බුද්ධාය’ යන වැකිය අයත්ය. එකල සැදැහැතියෝ ඕනෑම කෙනෙකු මුණගැසුන කල්හි ‘නමෝ බුද්ධාය’ යැයි පැවසූහ. එවිට අන්‍යයෝ ද ඔවුන්ට ‘නමෝ බුද්ධාය’ කීහ. බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම ශ්‍රාවක ජනයා තුළ නිරන්තරයෙන් සිදුවේ. එනිසා අපට අහිමි වූ එ් අභිමානවත් යුගයේ සළකුණු යළි ජීවමාන කරන්නට කැප වෙමු.
‘නමෝ බුද්ධාය’ මේ අයුරින් භාවිතයට ගනිමු.
♦› එකිනෙකා මුණගැසීමේදී ‘නමෝ බුද්ධාය’ කියා පැවසීම කොතරම් අගනේද? එකිනෙකා වෙන්වී යාමේදී ‘නමෝ බුද්ධාය’ කියා පැවසීම කොතරම් අගනේද?
♦› කුඩා දරුවන් නින්දට යෑමේදී ‘නමෝ බුද්ධාය අම්මේ, තාත්තේ’ කියා පැවසීම කොතරම් අගනේද?
♦› ‘නමෝ බුද්ධාය දරුවනේ’ කියා නින්දට යන දරුවන්ට සෙත් පැතීම කොතරම් අගනේද?
♦› දෙමව්පියන්ට වන්දනා කොට පාසල් යන දරුවෝ ‘අම්මා, මා ගිහින් එන්නම්. නමෝ බුද්ධාය’ කියා පිටත් වන විට ‘හොඳයි පුතේ, පරෙස්සමින් ගිහින් එන්න. නමෝ බුද්ධාය’ කියා මව්පියෝ පවසත් නම් කොතරම් අගනේද?
♦› ලිපියක් ලියන විට ‘නමෝ බුද්ධාය’ යන්නෙන් ඇරඹීම කොතරම් අගනේද?
♦› අවදිවූ විට ‘නමෝ බුද්ධාය’ කියා පැවසීම කොතරම් අගනේද?
♦› දුරකථනයෙන් අමතන විට ‘නමෝ බුද්ධාය’ කියා ඇමතීම මෙන්ම දුරකථනයෙන් වෙන්වන විට ‘නමෝ බුද්ධාය’ කියා ඇමතීම කොතරම් අගනේද?
♦› බියක්, තැතිගැනීමක් ඇතිවූ විට, කරදරයක් වූ විට, ප්‍රශ්නයක් ඇති වූ විට ‘අයියෝ, අපුච්චියේ, අපෙ අප්පෝ, මයිගෝඞ්, මදැයි කොළා’ යන වදන් වෙනුවට ‘නමෝ බුද්ධාය’ යන්න මුවින් පිටවේ නම් කොතරම් අගනේද?
♦› ගමනක් යන්නට පළමු ‘නමෝ බුද්ධාය’ කියමින් පය පෙරට තබන්නේ නම් කොතරම් අගනේද?
මේ අයුරින් ඔබට ඔබේ එදිනෙදා සිදුවෙන කටයුතු වලදී ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් ආරම්භ කළ හැකිය. මෙය ඔබගේ ජීවිතයට ඒකාන්ත ආශිර්වාදයක් වනු නිසැකය. එමෙන්ම මෙය නිසි පරිදි භාවිතයට පැමිණියොත් යම් දිනෙක ඔබ මෙලොවින් සමුගනීද එදිනටද ඔබ සතුටු සිතින් ‘නමෝ බුද්ධාය’ කියමින් මිනිස් ලොව අත්හරිනු ඇත. ‘නමෝ බුද්ධාය’ කියමින් දෙව්ලොව උපදිනු ඇත.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
නමෝ බුද්ධාය!
මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
මහාමේඝ වෙසක් කලාපයේ පළවූ ලිපියකි..

Last edited: