29වැනිදා_දුම්රිය_වර්ජනයක්?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාටත් එකටකෙල වෙන එක හොදයිනෙ බන්..මොකක්ද දැන් ප්‍රශ්නෙ??? :rolleyes::rolleyes: මහින්ද ගෙනල්ල දුන්න කෝච්චියෙ යන ගාමන් තියෙන කුහකකමය වෙන උන්ට චන්දෙ දුන්න උන්ට හොදම වැඩේ , දැන් පලකො පයින්.. :lol::lol::lol::lol:

    මහින්ද කෝච්චිය ගෙනල්ල දුන්නෙ එතුමා රෑ දවල් බලන්නැතුව මහන්සි වෙලා හම්බකරපු සල්ලි වලිං වෙන්න ඇති නේ බං :( ඇයි බං රටේ මිනිස්සු එහෙව් මනුස්සයෙක්ව ගෙදර යැව්වෙ :( මට නං තාම හිතාගන්න බෑ මොකක්ද වුනේ කියල :no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද කෝච්චිය ගෙනල්ල දුන්නෙ එතුමා රෑ දවල් බලන්නැතුව මහන්සි වෙලා හම්බකරපු සල්ලි වලිං වෙන්න ඇති නේ බං :( ඇයි බං රටේ මිනිස්සු එහෙව් මනුස්සයෙක්ව ගෙදර යැව්වෙ :( මට නං තාම හිතාගන්න බෑ මොකක්ද වුනේ කියල :no:

    ආන්න ඒක තමයි මාත් කියන්නෙ, කෝච්චි නැතුව පයින් යන ගමන්, කල්පනා කරල බලන්ඩ පුලුවන්, ඇයි මහින්ද වගේ මනුස්සයෙක්ව ගෙදර යවුවෙ කියල.:yes:.කොච්චර හොදද.. :):)
     

    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    :D:D:D:D:D:D:D
    මහින්ද කෝච්චිය ගෙනල්ල දුන්නෙ එතුමා රෑ දවල් බලන්නැතුව මහන්සි වෙලා හම්බකරපු සල්ලි වලිං වෙන්න ඇති නේ බං :( ඇයි බං රටේ මිනිස්සු එහෙව් මනුස්සයෙක්ව ගෙදර යැව්වෙ :( මට නං තාම හිතාගන්න බෑ මොකක්ද වුනේ කියල :no:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක තමා කරුමේ බන් අපේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ උනාම චප්ප වෙන්නේ රටේ මිනිස්සු. එක්කෝ මුන්ටම කරගන්න කියල මේකේ විනාසය බලාගෙන ඉන්න ඕනේ කටපියන්, ඒම නැත්තම මේ මාෆියා කරයොන්ගේ පුකට පයින් ගහල රට කරන්න පුලුවන් සිරා මොල ටිකක් ගෙනල්ලා LRT සබ් වේ හැදෙන ගානට රට ගොඩ ගන්න ඕනේ. මේ ඉන්න මල ප්‍රේරේත කුම්භාන්ඩයෝ එක්ක නම් පලවෙනි එකට හිත හදාගෙන ඉන්න වෙන්නේ. උබලගේ ලමයෙක්ටවත් දියුණු ශ්‍රී ලංකාවක් මුන් හදල දෙන්නේ නෑ දෙන්න ඕනකමකුත් උන්ට ලොවෙත් නේ.

    LRT eka patangaddima company ekak dala karannathuwa me ponnayinta dunnoth nam mama rata daala yanawa
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වහල දාල අලුතින් කොම්පැනියක් දාල කැමති උන් ඉදපල්ලා නැති උන් පලයල්ලා කියලා . මැනේජ්මන්ට් එක ප්‍රයිවෙට් කරානම් හරි රෙද්ද. අර බැරි උන්ට කොටුව ඉස්සර පිකටින් කරන්න පුලුවන් මානව හිමිකම් යන්න පුලුවන් කෝම කරත් පඩි දෙන්නේ නෑ , නඩුව අදින්න ඕනේ අවුරුදු 2ක් වගේ , කන්න බොන්න නැතුව හාමත් උනාම පොදු ජනතාවගේ දුක දැනෙයි . මේවට පණතක් ගේන්න ඕනේ අත්‍යාවශ්‍ය සේවා වර්ජනය කරොත් සස්පෙන්ඩ් කරන්න හරි නඩු දාන්න හරි. සේවකයගේ පැත්තෙන් සේවකයට වැඩ කරල මගියගෙන් සල්ලි ගත්තේ නැත්තම් හරිනේ පාඩුව ආන්ඩුවට, ආන්ඩුවට. මොන මගුලක්ද මිනිස්සුව මරාගෙන කන්නේ. මුංව හොයල ,උන්ට අනික් මිනිස්සු දෙන සර්විස් ටිකත් නතර කරන්න ඕනේ

    බලහන් පිංතූරේ හටි මිනිස්සු එල්ලිලා හද්ද පරණ කෝච්චි , ඈ මුන්ට වර්ජනයක් කරන්න බැරිද අලුතින් කෝච්චි ගේන්න පාරවල් දාන්න කියල. කොහෙද අපේ උන් ජීවත් වෙන්නේ උන්ගේ පොකට් එක පිරෙනකම් රටට හෙන ගහල හියත් ගානක් නෑ


    හම්මා අන්තිමට ඔය පාඩුව පියවන්න කොහෙන් හරි ටැක්ස් එකක් වැඩි වෙද්දී කෝමද සැප :rolleyes:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    වෘත්තිය සමිති 05ක් යළිත් දුම්රිය වර්ජනයකට සැරසෙයි


    qPult2S.jpg


    වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන ලෙසට බල කරමින් දුම්රිය වෘත්තිය සමිති ලබන 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.වැඩ වර්ජනය සඳහා දුම්රිය වෘත්තිය සමිති 5ක් එක්ව සිටියි.

    වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඉකුත් 8 වැනිදා වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඉකුත් 12 වැනිදා පෙරවරුවේ වර්ජනය අත්හිටුවීමට තීරණය කළේය.

    කෙසේ වෙතත් ඊයේ(23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තිය සමිති සාමාජිකයින් සඳහන් කළේ සාකච්ඡා අසාර්ථක වු බවයි.එවන් පසුබිමක ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සභාපතිවරයා හා දුම්රිය වෘත්තිය සමිති සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(24) පැවැත් වුණු අතර එම සාකච්ඡාවද අසාර්ථක බව වෘත්තිය සමිති සාමාජිකයින් සඳහන් කළේය.

    මෙලෙස සාකච්ඡා අසාර්ථ වු පසුබිමක දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ විධායක කමිටුව රැස්වි ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළේය.

    -------------------

    Source

    :frown::frown::frown::frown: