3වන_ලෝක_යුද්ධයක්_එයිද.?
මාතෘකාව මෙහෙම තිබ්බට බය වෙන්න එපා.
මේක ලියන්න හිතුනේ සිරියානු අර්බුදය ගැන මම ලියපු පලවෙනි ආටිකල් එකට ගොඩක් හොද ප්‍රතිචාර තිබුණු නිසා.
එක කියවපු නැති , සිරියානු අර්බුදයට මුල ගැන දන්නේ නැති අය " මෙතනින් " ගිහින් එක කියවන්න .
ඔබාමා සහ සිරියාව.
කට්ටිය දැනටමත් දන්නවා ඇති සිරියාවේ රසායනික ප්‍රහාරය හේතු කොටගන ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සිරියාවට පහර දිය යුතු යයි යෝජනාවක් ගෙනාවා.
ඒ යෝජනාවට ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ සහය හිමිවුණා, එත් කොන්ග්‍රස් එකේ සහය තවම හිමිවී නැහැ. මොකද ඒ යෝජනාව සාකච්චා කිරිමට කොන්ග්‍රස් එක තාම රැස් වෙලා නැහැ. රැස් වීමට නියමිත ලබන සතියේ.
කොන්ග්‍රස් එකේ තීරණය මොකක් වුනත් ,
ඇමරිකාවේ ජනාධිපති කෙනෙකුට වෙන රටකට පහර දෙන්න "තනි" අයිතිය උන්ගේ ව්‍යවස්ථාවෙන් තියනවා.
(ලංකාවෙත් එහෙමයි ඈ , විධායක ජනාධිපතිට කරන්න බැරි දෙයක් නැහැ රටේ.)
ව්ශ්ලේෂකයින් නම් කියන්නේ ඔබාමා කොන්ග්‍රස් එකේ අවසර පැතුවේ නිකන් ලෝකෙට පෙනෙන්න විතරයි කියල.
බැරි වෙලාවත් සිරියාවට ගහන්න ගිහින් කෙලවුනොත් එකේ තනි වගකීම ඔබාමාගෙන් නිදහස් වෙනවා.
සිරියාවේ අලුත්ම තත්වය.
උන්ට ගහන්න ඇමරිකාව තියා මොකෙක් ආවත් උන් නෙවේ මරාගන්න එක නවත්තන්නේ.
සිරියාවේ මිනිස්සු ගොඩක් දෙනෙක් (ගාන මතක නෑ , මිලියන තුන හතරක්) දැන් තුර්කිය සහ අසල්වැසි රටවල් වලට සරණාගතයෝ වශයෙන් ගිහින්. ඇමරිකාව ගහනවයි කිව්ව කියල එකේ වෙනසක් නැහැ. යන උන් කොහොමත් යනවා. ඉන්න උන් කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ යුද්දේ තියන එකේ අමරිකාව ගැහුවා කියල වෙනසක් වෙන්නේ නැහැ අවුරුදු දෙකක් හිටිය වගේ දිගටම අපි ඉන්නවා කියල..
පුටින් , රුසියාව සහ සිරියාව.
රුසියාවේ සහ සිරියාවේ ලව් එකට හේතුව මම කලින් ලිපියෙත් පැහැදිලි කරා.
ඒ ටික මෙතනත් දාන්නම් , රුසියාවේන් පිට එකම රුසියානු නාවික හමුදා කදවුර තියෙන්නේ සිරියාවේ. ඒ වගේම ,
සිරියාව රුසියානු අවි ආයුධ වල හොද ගැනුම් කාරයෙක්.
ඊට අමතරව සිරියාවේ ඛනිජ තෙල් ප්‍රවාහනයේ අයිතිය තියෙන්නේ රුසියානු සමාගමකට.
ඒ වගේම රුසියාව ඉරානයේ මිත්‍ර රටක්, සිරියාව වැටුන කියන්නේ බටහිර රටවලට ඉරානය ඇල්ලීම තවත් පහසු වෙනවා.
පුටින් පහුගිය දවසක කියල තිබුන ,
"සිරියානු ආණ්ඩුව රසායනික ප්‍රහාරයක් එල්ල කරා කියන එක පිළිගන්න අමාරුයි. මොකද ඇමරිකාව බලාගන ඉන්නේ සිරියාවේ අඩුපාඩුවක් හොයල උන්ට ගහන්න. ඒ තියෙද්දිත් අසාද් රජය ඒ වගේ මෝඩ වැඩක් කරයිද?
ඒ වගේම ඇමරිකාව එකට ශාක්ෂි තියනවා කියල කියනවනම් ඒවා ලෝකේ හමුවේ පෙන්නන්න පැකිලෙන්නේ ඇයි " කියල.
පොර කියන එකෙත් ඇත්තක් තියනවා.
G20 සමුළුව සහ සිරියාවේ අනාගතය
රුසියාවේ සෙන්ට් පිටර්ස්බර්ග් නුවර G20 සමුලුව මේ මොහොතේත් පැවැත්වෙනවා.
ගොඩ දෙනෙක් කිව්වේ ස්නොඩන්ගේ ගැටලුවෙන් පස්සේ ඔබාමා රුසියාවේ පස් පාගන එකක් නැහැ කියල.
(අර CIA රහස් එලිකරපු ඇමරිකන් කාරයාට රුසියාවේ රැකවරණ දීපු සීන් එක )
නමුත් ඔබාමාත් මේකට සහභාගී වෙනවා.
දැනට තියන නිවුස් වල හැටියට තුර්කිය , කැනඩාව ප්‍රංශය වගේ රටවල් ඔබාමට කියන්නේ සිරියාවට ගහපන් කියල.
බ්‍රිතාන්යත් ගහපන් කියල කියනවා, එත් උන් මිලිටරිමය සපෝට් එකක් දෙන්නේ නැහැ.
රුසියාව , ඉරානය , චීනය ගහනවට විරුද්දයි.
පුටින් කියන්නේ UN ආරක්ෂක මණ්ඩලය ට විරුද්දව යමින් ඇමරිකාව සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කරනවානම්,
සිරියානු හමුදාවට මිසයිල ආරක්ෂණ පද්ධති ලබා දීමට ක්‍රියා කරන බව.
චීනය කියන්නේත් පහරදීමකින් මේක තවත් දරුණු වෙන බව සහ ලෝක ආර්ථිකය කඩාවැටෙන බව.
ඉස්සරහට මොනවා වෙයිද?
දැන් ලෝකේ ඉන්නේ සිරියාව නිසා දෙකට බෙදිලා.
පුටින් කියන්නේ රුසියාව ගොඩගත්ත නායකයා. දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ ඇමරිකාවත් එක්ක කරට කර ලෝකේ පාලනය කරේ සෝවියට් සමුහාණ්ඩුව.
කට්ටිය දන්නවනම් 1991 ද කොහෙද සෝවියට් සංගමය බිදවැටීමත් එක්ක සෝවියට් සමුහාණ්ඩුව කියන සුපිරි බලවතා ඇදවැටුන.
ඇදවටුන කියන්නේ ආය ලොවෙත් නැති වෙන්නම කුජීත වුනා. රුසියාව කිව්වට ගණන් ගැන නති ගානට ආව.
ආර්ථිකේ කඩන් වැටිලා මිනිස්සු බඩගින්නේ හිටියා. චෙච්නියානු අර්බුදය වැනි හේතු හින්ද එක තවත් අවුල් වුනා.
සෝවියට් සංගමයේ බිදවැටීමත් එක්ක රුසියාවේ යුධ ශක්තියෙන් බාගයක්ම කැඩිච්ච රටවල් වලට ගියා.
(කසකස්තානේ , යුක්රේනය, බේලරුසියාව වගේ )
200 දී වගේ පුටින් රුසියාවේ ජනාධිපති උනාට පස්සේ චෙච්නියානු අර්බුදය ඉවර කරලා, රුසියාවේ ආර්ථිකේ ශක්තිමත් කරලා රුසියාව ටිකෙන් ටික ගොඩ ආවේ. දැන් රුසියාව ආයෙත් කලින් හිටිය වගේ නැති උනත් , ඇමරිකාව ඉදිරියේ කෙලින් ඉන්න පුළුවන් තත්වෙක ඉන්නවා.
ඒ මොනවා උනත් ඇමරිකාව සිරියාවට ගැහුවොත් , රුසියාව ඇමරිකාවට ගහන්න තියන ඉඩකඩ අඩුයි .
මොකද තාම ඇමරිකාවේ යුධ ශක්තිය රුසියාවට වඩා වැඩියි. රුසියාව අවුරුදු 10ක් විතර පසුබාද්දී ඇමරිකාව තමන්ගේ යුධ ශක්තිය තවත් වැඩිකරගත්ත . (න්‍යෂ්ටික අවි නැතුව අනික් යුධ ශක්තිය)
හැබැයි මෙහෙම එකක් තියනවා . ඇමරිකාවට වගේ දෙගුණයක් පමණ න්‍යෂ්ටික අවි රුසියාව සතුව තියනවා.
එත් ඒවගෙන් කෙල ගත්තොත් ඇමරිකාව , රුසියාව විතරක් නෙවේ, ලෝකේ ඉතුරු වෙන්නෙත් නැහැ.
මේ ප්‍රශ්නෙදි තවත් එක සාදකයක් තමයි ඉරානය.
ඉරාකේ කෑවට පස්සේ ඉරානයේ තෙල් ටිකට ඇමරිකාව කෙල ගිලින බව කවුරුත් දන්නවා.
ඒ වගේම සෞදි අරාබිය, ඊශ්‍රායලය, තුර්කිය කියන ඇමරිකන් හිතවාදියොත් හරි කැමතියි ඉරානෙට කෙල වෙනවනම්.
සිරියාව කියන්නේ කලාපේ ඉරානේ මිත්‍ර රාජ්‍යකට කියල ඉන්න අවසාන රට.. ඉරානේ හොදටම දන්නවා සිරියාවට ගැහුවොත් ,ඉරානෙට ගහන දවස වැඩි ඈතක නැහැ කියල.
එක නිසා තමයි සිරියාවට ගැහුවොත් ඊශ්‍රායලය දුවිලි කරනවා කියල ඉරානේ පහුගිය දවසක පොඩි සද්දයක් දැම්මේ.
ඒ අතර කට්ටියගේ කට ඇරවන නිවුස් එකක් දාන කැමතියි.
වාර්තාවක සදහන් උනේ චීන යුධ නැවු සමුහයක් රතු මුහුද ඔස්සේ ගොස් , සිරියාව ආසන්නයේ ඇති රුසියන් යුධ නැවු සමග එක් වූ බව.

ෂුවර් නැත්තන් මෙන්න news report එක.
http://www.infowars.com/report-china-sends-warships-to-coast-of-syria/
(එන්ටර් ද ඩ්‍රැගන් සීන් එකක්
)
ඒ ලග පාතම තමයි ඇමරිකන් යුධ නැවු තියෙන්නෙත්.
(මට මතක් උනේ අර "civilization game" එකේ , යුද්දේ නැතත් මුහුදේ එක එක පාට යුධ නැවු නතර කරලා තියන සීන් එක

)
ඇමරිකන් යුධනැවු
රුසියන් යුධනැවු
ඊයේ සිරියාව බලා ගියපු චීන නැවු සෙට් එකෙන් එකක් වන ජින්ගන්ශාන් කියන චීන යුධ නැව
3 වන ලෝක යුද්දයක් ඇත්තටම එයිද ?
සීන් එක පුපුරන්න ඔන්න මෙන්න තියෙන්නේ.
එත් 3වන ලෝක යුද්දයක් එයි කියන එක කියන්න අමාරුයි. මොකද න්‍යෂ්ටික යුද්දයක් එහෙම ආවොත් ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ. දැන් ලෝකේ සතු මුළු න්‍යෂ්ටික අවි සියල්ල පුපුරා ගියොත් පෘතුවිය වගේ තුන් ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් උනත් විනාශ කරන්න තරම් බලය තියනවා. අනික ඔබාමා , පුටින්ලා මෝඩයෝ නෙවෙයි.
අපි නිකන් හිතමු එහෙම එකක් ආව කියල.
රුසියාවයි , චීනෙයි ඇමරිකාවට ගහද්දී නේටෝ එකයි යුරෝපිය සංගමයයි ඇමරිකාව බේරගන්න එනවා ලොවෙත්.
ඊට පස්සේ ඉරානේ ගහනවා ඉෂ්රායලයටයි , සෞදි අරාබියටයි වටේ තියන සතුරු රටවල් සේරටම. උන්ව බේරගන්න වෙන්නෙත් අමරිකාවටයි යුරෝපෙටයි. එකට උන් හමුදාව යොදද්දී , උතුරු කොරියාව ගහනවා දකුණු කොරියාවටයි ජපානේටයි. උතුරු කොරියාවට තම ලෝකේ සිවු වන විශාල හමුදාව ඉන්නේ.
ජපානේටයි , දකුණු කොරියාවටයි උන් එක්ක හැරෙන්නවත් බැහැ. එක නිසා තමයි ඇමරිකන් හමුදා කදවුරු තියෙන්නේ ඒ කලාපේ. ඔහොම යුද්දේ යද්දී පකිස්තානෙයි , චීනෙයි එකතුවෙලා ඉන්දියාවට ගහන්න පටන් ගන්නවා. මොකද ඉන්දියාව කියන්නේ ඇමරිකාවේ බොක්කක්. චිනේ අනිවාර්යෙන් ලංකාව යොදාගන්නවා උන්ගේ කදවුරක් විදියට. ඊටපසේ ඉන්දියාවෙන් ලංකාවට ගහනවා. පට්ට ආතල් නේ.
බය වෙන්න එපා , එහෙම එකක් වෙන්න තියන ඉඩකඩ 0.01 % විතරයි.
මොකද 3වන ලෝක යුද්දයක් අවොත් එක මිනිස් සංහතියේ අවසානය කියල මොලේ තියන ඕනේ එකෙක් දන්නවා.
ඉස්සුවේ නැහැ. මම ලියපු එකක්.
අනික් කට්ටියට බලන්න බම්ප් එකක් වත් දාගන යන්න.
ඒ වගේම මේ අර්බුදය ගැන කට්ටියගේ අදහස් දැනගන්නත් කැමතියි.

) ඒ ලග පාතම තමයි ඇමරිකන් යුධ නැවු තියෙන්නෙත්.