හොඳයි මම කියාන්න යන්නේ මට සිද්ද උන අසාධාරණයක් ගැන, සමහර විට ඔයාලටත් මෙමෙ අසාධාරණය සිදුවෙලා ඇති. ගොඩක් අයට මේ දේ පෙන්න නැහැ. මොකද 3 වීල් රියදුරන්ගේ තියන කපටි මොලය නිසා.
වැඩි විස්ටර මොකටද. ඔන්න මම කියන්නම්. අපි ඉස්සර 3 වීල් වලට අස්ප ගණන දීල ගියේ. නමුත් අප සියලුදෙනාම සතුටු උනා Metered Taxi අවම. ඇත්තටම Metered Taxi හරිම සාධාරනයි. උදාහරණයක් විදියට ගත්තම " Budget Taxi , Speed Taxi , Romaka Taxi , Home Taxi " හරිම සාධාරනයි. යන ගමන සැහැල්ලුවෙන් යන්න පුලුවන්.
මේ වගේ Metered Taxi අවම 3 වීල් පාර්ක් වල ඉන්න බුවාලට ලොකු බඩේ පහරක් වැදුන. මිනිස්සු පොරවල්ගේ 3 වීල් වල යන්න නැහැ. මොකද පොරවල් අයකරන්න හරිම අසාදාරන ගණන් නිසා. ඊට පස්සේ පාර්ක් වල පොරවලුත් මීටර් හයිකරගෙන දුවන්න පටන් ගත්ත. අද නුගේගොඩ , කොහුවල දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය ,කොල්ලුපිටිය පැත්තට ගියොත් මීටර් 3 වීල් පිරිලා.
නමුත් දැන් වෙන ප්රශ්නයක් උද්ගත වෙලා. මම දවසක් කොහුවලින් නැග්ග 3 වීල් එකකට ගෙදර යන්න. අම්බෝ ඒ යකා දෙවෙනි කිලෝමීටර් එකට රුපියන් 60 අයකරනවා. සාමාන්යෙන් Taxi company අයකරන්න රුපියල් 32.50 - රුපියල් 35.00 අතර මුදලක්. මුන් අපි නගින්න කලින් මීටරේ ඔන් කරනවා. සාමාන්යෙන් මීටරේ වම පැත්තේ සදහන් වෙනවා 2 වෙනි කිලෝමීටරයට අයකරන මුදල. නමුත් මීටරේ ඔන් කලට පස්සේ එක මැකිලා යනවා.
මට තියන ප්රශ්නේ අයි රජයෙන් මේවට විරුද්දව ක්රියා මාර්ග ගන්න නැත්ත කියන එක. ස්ථාවර මිලක් තමයි අයකල යුත්තේ. අනෙක මීටර් හයි කරන company උන්කියන ගානට හදල දෙනවා. රජයෙන් නීතියක් පනවන්න ඕන මීටර් company වලටත් කියන කියන ගණන වලට හදල දෙන්න නැතුව. ඉතින් බොහෝ දෙනෙක් ගණන් බලන්න නැතුව වැඩිපුර මුදලක් ගෙවල යනවා.
මීට පස්සේ උබලත් Metered Taxi එකකට නගිනවානම් දෙවෙනි කිලෝකීටරයට කීයක් අයකරනවද කියල අහල දන ගන්න . රුපියල් 35 ට අඩුනම් නගන්න.
අනෙක නිතරම ගමනක් යනවනම් කෝල් කරලා Taxi company එකකින් 3 වීල් එකක් ගෙනත් ගන්න.
Budget Taxi , Speed Taxi , Romaka Taxi , Home Taxi මේගොල්ලන්ගේ ගණන හරිම සාධාරනයි. යන ගමනත් ආරක්ෂිතයි. ගැහැණු ළමයෙකුට උනත තනියෙන් යන්න පුළුවන්.