35k wiyadan kerela cream ekak ganda tharan wathkemak tiyena aya Lankawe Bohoma adui…ehema thiyena ekek ohoma unknown brand ekak ganneth nethi wei…
naththan itin oya garment yana kello desperate hindama padiyama wiyadan kerela gannewa kiyela tamai hithanna wenne…


නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි විසින් අලෙවි කරන ලද පැහැපත් කරන ආලේපන වර්ග පාර්සල් තම ආයතනය හරහා අලෙවි කර ඇත්තේ තුන්දහස් පන්සියයක් බවට ඒවා බෙදා හැරි කුරියර් සමාගමේ ප්‍රධානියා හෙලි කර ඇත.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම භාණ්ඩ වර්ග බෙදා හරින ලද කුරියර් සමාගමේ ප්‍රධානියාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමකදීය.
නමුත් පියුමි හංසමාලී මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් එකක් රුපියල් තිස්පන්දහසක් බැගින් ක්‍රීම් පාර්සල් 25,000ක් පමණ කුරියර් සේවය හරහා අලෙවි කළ බවයි.
ඒ හරහා රුපියල් කෝටි 87 ක් පමණ උපයා ගත් බවද ඇය සඳහන් කර තිබිණ.
මෙම භාණ්ඩ ඇය කුරිය සමාගම් දෙකක් හරහා අලෙවි කර ඇති අතර දැනට එක් සමාගමකින් පමණක් ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර අනෙක් සමාගමේ හිමිකරුවන්ගෙන්ද ප්‍රශ්න කිරීමට කටයුතු කරමින් සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන් මේ වන විට පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් පරීක්ෂාවක් සිදු කරන අතර එම කටයුතුවලින් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීමටද නියමිතව ඇත.
අනිත් සමාගමේ එකා දැන් මොකක් කියාවි ද දන්නෑ