3G සිග්නල් වැඩි කරගමු

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    3G සිග්නල් වැඩි කරගමු

    homemade+phone+3g+gsm+booster+antenna.JPG

    මොබිටෙල් 3G පාවිච්චි කරනකොට මටනම් මොබිටෙල් එකේ සභාපතිගේ ඉඳල එක එකාගේ ඔලුවේ කෙස් එක එක ගලවන්න හිතෙනවා:angry:අනික් තැන් වල කොහොමද දන්නේ නෑ. මම ඉන්නේ නුවර. මට සමහර වෙලාවට එන ස්පීඩ් එක 3 KBPS !!! :oo::angry: ඉස්සර ඉතින් ලොකු ලොකු slt පැකේජස් නැති කාලේ මම පාවිච්චි කරේ ඔය dialog 2GB පැකේජ් එකක්. ඒක මාසේ අන්තිම වෙනකම් කිලෝබයිට් එකෙන් කිලෝබයිට් එකට මෙගා බයිට් එකෙන් මෙගා බයිට් එකට එකතු කරලා එකතු කරලා දෙයියනේ කියල අන්තිම දවස් දෙකේ download කරනවා එක දිගට. ඒකාලේ උන් account එක update කරේ දවස් දෙකෙන් දෙකට. දෙයියනේ කියල 2GB එකෙන් 20GB විතර බාපු දවසුත් තිබුන. පස්සේ කොහොමහරි කවුදෝ පොඩි එකෙක් dialog account එක hack කරන විදියක් ගැන දාල මාසයක්වත් ගියේ නෑ විනාඩි 30න් 30ට විතර මුන් usage එක update කරන්න පටන් ගත්ත.:dull::dull:

    වෙන වෙන වටාරම් කියල කියන්න ගියදෙත් අමතක වුණා. එක දවසක් මොබිටෙල් අර 75 පැකේජ් එකද කොහේදෝ දාගෙන යන්න වුනා අර 2GB ඉවර උන වෙලාවක. පැය දෙක තුනක් අන්තර්ජාලයේ සැරි සැරුව සුපිරි වේගයෙන්:dull::dull:බැරිම තැන search කරලා කරලා එක එක පිළිකනු වල රිංගල රිංගල හොයාගත්ත 3G සිග්නල් බූස්ට් කරන ඇන්ටෙනාවක් ගෙදරදීම හදාගන්න විදිය. හදල බැලුව. අනේ අපරාදේ කියන්න බෑ 25 KBPS - 30 KBPS විතර එනවා ඒ පාර !!! හිනාවෙන්න එපා බන්:P 3 KBPS ඉඳල 30 KBPS කියන්නේ 10ගුණයක් විතර. පස්සේ ඉතින් බොහොම අමාරුවෙන් අම්මට වැඳලා වැඳලා web family පැකේජ් එකක් ගත්ත. අර හදපු ඇන්ටෙනාව දැන් කොහෙද නෑ.(මේක හැදුවේ මට මතක විදියට මාස 6කට විතර කලින්) :rolleyes:

    ඊයේ මගේ desktop එක "අස් කරනකොට" මම save කරගත්ත වෙබ් page එක හම්බුනා. (ඔව් ඔව් ඒක මාස 6ක් විතරම ඩෙස්ක්ටොප් එකේ තිබිල :P)

    Delete කරන්න කලින් දාන්න හිතුන thread එකක් අපේ mobile බ්‍රෝඩ් බෑන්ඩ් use කරන කට්ටිය වෙනුවෙන්. මම හදපු එකනම් වැඩ කරා. වැඩ කරේ නැත්තන් මාව කන්න එපා ඔං . හැබැයි හැදුවොත් වැඩද නැද්ද කියල reply එකක් දාපං:yes:

    අවශ්‍ය ද්‍රව්‍ය :

    01+homemade+phone+3g+gsm+booster+antenna.JPG

    1.අඟල් 15ක විතර යකඩ කම්බියක්.( තඹ ඒවා එපා, මමනම් හාඩ්වෙයාර් එකකට ගිහිල්ල උඩ පින්තුරේ ගානට මහත එකක් බලල ගත්තේ)
    2.connector block එකක් ( අර වයරින් කරනකොට ගන්න ඒවා. අපේ නම් ගෙදර එකක් තිබුන. නැත්නම් ඕකක් රුපියල් 15ක් විතර ඇති මම හිතන්නේ)
    3.PVC බට කෑල්ලක්.
    4.connector block එක PVC බටේට සෙට් කරන්න පුළුවන් වෙන විදියේ බෝල්ට් එකකුයි nut එකකුයි.
    5.අවශ්‍ය ප්‍රමාණයට දිග, එත් අඩි 32ට අඩු coax cable එකක්. (ඒකිව්වේ ඇන්ටෙනා වයර් එකක් බන්:rolleyes:මමනම් ගත්තෙත් පරණ ඇන්ටෙනා එකක වයර් එක. නැත්නම් කඩෙන් ගන්නත් තියෙනවා. රුපියල් දෙතුන් සීයක් වෙයි මම හිතන්නේ)
    6.dongle එකට වඩා පොඩ්ඩක් දිග පළල plastic කෑල්ලක්.

    හදාගන්න විදිය :

    02+homemade+phone+3g+gsm+booster+antenna.JPG

    මුලින්ම යකඩ කම්බිය හොඳට ඇද ඇරලා අරගෙන රූපේ තියෙන විදියට නමා ගන්න ඕනේ. මේ නවපු කම්බියේ උඩ කෝණ තුනම අංශක 90ට තියෙන්න ඕනේ. යට, කම්බියේ කෙළවරවල් දෙකත් ඇතුලට නමල තියෙනවා පේනවා ඇති. එතන කෝණ දෙක අංශක 45 ගානේ තියෙන්න ඕනේ. රූපේ A කියල සටහන් කරලා තියෙන දුර අඟල 3.54යි. දශම ගානටම ඕනේ නෑ ඉතින්. එත් පුළුවන් තරම් හරියට මැනලා ගන්න. B කියල තියෙන දුර අඟල් 3.14යි.

    03+homemade+phone+3g+gsm+booster+antenna.JPG

    දැන් මේ වගේ connector block එක connect කරගන්න වයර් එකේ කොන් දෙකට. දැන් තේරෙනවා ඇති කොච්චර මහත කම්බියක්ද ගන්න ඕනේ කියල. අර තඩි කොන්ක්‍රීට් කම්බි එහෙම ගන්න එපා

    04+homemade+phone+3g+gsm+booster+antenna.JPG


    අර PVC බටේ එක පැත්තක් විතරක් රුපයේ තියෙන විදියට කපාගෙන අනික් පැත්තේ මද හරියෙන් අර බෝල්ට් එක දාල හිරකරගන්න පුළුවන් විදියට ලොකුත් නැති පොඩිත් නැති සිදුරක් විදගන්න. එකරලා අර connector block එක හරහා බෝල්ට් එක දාල ඔය තියෙන විදියට PVC pipe එකට සෙට් කරගන්න.

    05+homemade+phone+3g+gsm+booster+antenna.JPG

    දැන් තියෙන්නේ අර ඇන්ටෙන වයර් එක connect කරගන්න. ඒක එක කොනකින් කපල ඇතුලෙන් යන වයර් එක connector block එකේ එක පැත්තකටයි අනිත් වයර් එක අනිත් පැත්තටයි connect කරන්න.

    06+homemade+phone+3g+gsm+booster+antenna.JPG

    දැන් ඔය තියෙන විදියට කැමති තැනක සෙට් කරගන්න. කැමති තැනක කිව්වේ ඇඳ යට එහෙම නෙවේ. එළියෙන්. (මෙතන මම මේක බලාගත්ත site එකේ තියෙන්නේ "Place the GSM antenna on your TV antenna pole facing the same direction and lead the cable into the house." කියල .මට එකනම් ටිකක් පැහැදිලි මදි. මම නම් නිකන්ම ඔය තියෙන විදියට කොහු මිටක හයි කරේ. වැඩ නම් කරා:rofl::D:rofl:

    දැන් යන්න පාරවල් දෙකක් තියෙනවා :P

    site එකේ තිබුන විදිය :

    දැන් cable එකේ අනික් කොන ගෙදර ඇතුලට ඇදල cable එක ඇතුළෙන්ම යන වයර් එක විතරක් ටිකක් දිගට තියෙන විදියට සුද්ද කරගන්න. අර plastic කෑල්ලේ එක පැත්තක මැද හරියෙන් පොඩි සිදුරක් විදලා අර වයර් එක එක ඇතුලෙන් දාල ඔය පින්තුරේ තියෙන විදියට tape කරගන්න ඔක්කොම.

    07+homemade+phone+3g+gsm+booster+antenna.JPG


    08+homemade+phone+3g+gsm+booster+antenna.JPG

    වයර් එක cover වෙන්න බෑ හැබැයි. දැන් වැඩේ ඉවරයි.

    ඕක උඩින් dongle එක තිබ්බහම ටිකක් විතර ස්පීඩ් එක වැඩි වෙයි. හැබැයි මම අයෙත් කියන්නේ මේක වැඩ කරේ නැත්තන් නඩු දාන්න එහෙම එපා ඔං. මම එහෙම කියන්නේ මේකේ මේ අන්තිමට වයර් එක උඩින් තිබ්බහම ස්පීඩ් වැඩි වෙන්නේ කොහොමද කියල මටත් හිතාගන්න බෑ . අනික cable එකේ එක වයර් එකයි use කරන්නෙත්. අයියත් මට අනන් මනං කියල bite කරා මේක දැකල.

    09+homemade+phone+3g+gsm+booster+antenna.JPG

    මම කරපු විදිය :

    මට මේක sure නැති නිසා මම නම් වයර් එකේ අනිත් කොන සුද්ද කරලා ඇතුලේ තියෙන වයර් දෙක dongle එකේ ඇන්ටෙනා එක connect කරන්න තියෙන තැනට වෙන වෙනම ගැහුවා. කැමති එකක් කරලා බලන්න. :yes:

    try කරලා බලන්න නිකන් ඉන්න වෙලාවක. කොහොමත් internet stuck වුනාම ලැප්ටොප් එකයි dongle එකයි කුස්සියේ හට්ටි මුට්ටි ටිකයි පොළොවේ ගහනවට වඩා හදල බලන එක හොඳයි නේ. මේක උපුටා ගත්තේ මෙන්න මෙතනින්.

    මගේ කතාව මින් අවසානයි අසා සිටි ඔබ සැමට ඉස්තූති :P :P
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මම නම් යු.එස්.බී. එක්ස්ටෙන්ෂන් කේබල් එකකට ඩොංගල් එක සෙට් කරල ජනේලෙ ලගින් තියල තියෙන්නේ. සිග්නල් කනු දෙක තුනක් වැඩිවෙනව.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මොබිටෙල් 3G පාවිච්චි කරනකොට මටනම් මොබිටෙල් එකේ සභාපතිගේ ඉඳල "එක එකාගේ ඔලුවේ කෙස් එක එක ගලවන්න හිතෙනවා:angry:අනික් තැන් වල කොහොමද දන්නේ නෑ. මම ඉන්නේ නුවර. මට සමහර වෙලාවට එන ස්පීඩ් එක 3 KBPS !!! :oo::angry: ඉස්සර ඉතින් ලොකු ලොකු slt පැකේජස් නැති කාලේ මම පාවිච්චි කරේ ඔය dialog 2GB පැකේජ් එකක්. ඒක මාසේ අන්තිම වෙනකම් කිලෝබයිට් එකෙන් කිලෝබයිට් එකට මෙගා බයිට් එකෙන් මෙගා බයිට් එකට එකතු කරලා එකතු කරලා දෙයියනේ කියල අන්තිම දවස් දෙකේ download කරනවා එක දිගට. ඒකාලේ උන් account එක update කරේ දවස් දෙකෙන් දෙකට. දෙයියනේ කියල 2GB එකෙන් 20GB විතර බාපු දවසුත් තිබුන. පස්සේ කොහොමහරි කවුදෝ පොඩි එකෙක් dialog account එක hack කරන විදියක් ගැන දාල මාසයක්වත් ගියේ නෑ විනාඩි 30න් 30ට විතර මුන් usage එක update කරන්න පටන් ගත්ත.:dull::dull:"

    මේ කියමනට නම් මාත් එකගයි. මමත් කලේ උඹ කරපු වැඩේම තමයි.මගේ තිබුනෙත් 2GB පැකේජ් එකක්.මාත් ඉස්සර 20-30GB බානවා මාසෙකට....දැන් ඒ සෙල්ලං බෑ තමයි.මම DIALOG & MOBITEL පැකේජ් 2 ම පාවිච්චි කරනවා.DIALOG වල SPEED වැඩියි....මොනවා වුනත් හොද අදහස් ටිකක්......කරලා බලන්ඩ ඕනේ.....ජයවේවා !!!!:D:D