3rd Fatal Death in the Southern Highway today

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ මැද යකඩවැට කඩාගෙන අනිත් පැත්තට හැරුණු ඩබල්කැබ් රියක සිටි ගාල්ල දංගෙදර රියදුරා ආසනයෙන් ඉවතට විසිවී පාරට වැටී රියට යටවී මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. කොන්ත්‍රාත්කරුවකු වන ඔහු ආසන පටිය නොපැළඳ සිටි බව ද කැබ් රථයේ වායු රයිපලයක් සහ විශාල මන්නා පිහියක් තිබූ බව ද පොලීසිය පවසයි. මෙය අධිවේගී මාර්ගයේ තුන්වැනි මාරක අනතුරයි.

    Code:
    lankadeepa
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ..........ආසන පටිය නොපැළඳ සිටි බව ද..........

    දැන් මේ නිවුස් එක දැකපු ගමන් කට්ටිය කියයි Seat belt දාල හිටිය නම් ඔහොම වෙන්නෙ නැඇ කියල. ඒත් අපෙ නීති හදන එවුන් ම තමයි ඔය මරනෙට වග කියන්න ඔනෙ. ලන්කාවෙ නීතිය අනුව ඉන්ග්‍රිසි අකුරු වලින් නැති වාහන වලට seat belt නීතිය වලන්ගු වෙන්නෙ නැ.

    උදාහරනයක් කියන්නම් : පහුගිය දවසක මම යාපනේ ගියා. මම ගියෙ 301 - Honda Civic කාරයකින්. කොහොමත් මම Seat Belt දානව. ඕමන්ත check point එකේ හිටපු පොලිස් කාරය කියනව 301 - අන්කයට Seat Belt දාන්න ඕනෙ නැ කියල. නමුත් අපේ අර්ක්ෂාව අපි හදගන්න ඕනෙ.