4 වෙනි මානයට....

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මම මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අපට හතර වන මානයේ වස්තු ගැන අදහසක් ගැනීමට උපකාරී වන එක්තරා සංකල්පයක් පිළිබඳවයි.
    දැන් ඔබ සිතාගන්න ඕනේ එක්තරා ලෝකයක් පිළිබඳව,..ඒක තනිකරම පැතලි ලෝකයක්.ඒ කියන්නේ මේ ලෝකේ ඝනකමක් කියලා දෙයක් නෑ. එහි ජීවත් වෙන්නේ පැතලි ජීවීන් . හරියට කඩදාසි වලින් කපාපු හැඩතල වගේ.අපි මේ ලෝකෙට කියමු ෆ්ලැට් ලෑන්ඩ් කියලා. ඒකේ ජීවත් වෙන ජීවියෙකුට කියමු ෆ්ලැට්ලෑන්ඩෙර් කියලා.
    දැන් මේ ෆ්ලැට්ලෑන්ඩර් ජීවත් වෙන පරිසරය ගැන සැලකුවොත් එයාට පේන්නේ මාන දෙකයි. දිග පළල ගැන විතරයි ඔහුට අවභෝදයක් තියෙන්නේ.එයා කවදාවත් උඩ යට කියලා දෙයක් ගැන අහලා නෑ.අපිට එයාට පෙන්නන්න පුලුවන් හැඩතල විතරයි. දැන් අපි එයාට බෝලයක් පෙන්නෙන්නයි යන්නේ. ඒ කියන්නේ අපි එයාට ත්‍රිමාන වස්තුවක් පෙන්නන්නයි යන්නේ.. අපිට මේක එයාට පෙන්නන්න පුලුවන් එකම විහිහයි තියෙන්නේ. අපි මේක ෆ්ලැට්ලෑන්ඩ් එක විනිවිද යන විදිහට මේක ෆ්ලැට්ලෑන්ඩ් එක තුලට තල්ලු කරමු. අපි මේක කලොත් ඉස්සෙල්ලාම ෆ්ලැට්ලෑන්ඩර් දකින්නෙ තිතක්. ඊට පස්සෙ ඒක ටික ටික එක්තරා ප්‍රමානයක රවුමක් වෙලා ආයෙ ටික ටික කුඩා වෙන්න ගන්නවා. අවසානෙටම තිතක් වෙලා මුකුත් නැතුව යනවා. ඔබ ඝනකයක් නැත්තම් පෙට්ටියක් මේ තලයට ඇතුලු කලොත් එක පාරටන්ම ෆ්ලැට් ලෑන්ඩර්ට කොටුවක් පෙනෙයි. ඒක ටික වෙලාවක් එහෙම්මම තිබිලා නැතුව යයි.. නමුත් එහෙම වෙන්නෙ නෑ ඔබ පෙට්ටියේ කොනකින් ෆ්ලැට්ලෑන්ඩ් එකට ඇතුලු කලොත්. එහෙම කලොත් ෆ්ලැට්ලෑන්ඩර් අමුහ්තුම ආකාරයේ ක්‍රියාවලියක් දකියි.එකිනෙකට කිසිම සම්බන්දයක් නැති හැඩතල වෙනස් වීමක් ඔහු දකියි. මන්න මේකම තමා අපට වෙන්නෙත් වෙනත් මානවල වස්තු දකින්නට අපි උත්සාහ කලොත්.දැන් අපි
    tesseract නමින් හඳින්වන වස්තුව ගනිමු. මෙයට මාන 4ක් තියනවා. හැබැයි ඇත්තටම මෙහෙම එකක් නෑ....මේක අදහසක් පමනයි. මේ තියෙන්නේ ඒක..
    240px-Schlegel_wireframe_8-cell.png

    හැබැයි මෙහෙමම නෙවේ..මේකෙ තියන කෝන ඔක්කොම සෘජුකෝන වෙන්න ඕනෙ. ඒ වගේම ඔක්කොම පැති සමාන දිගකින් යුතු වෙන්න ඕනෙ..මේක දිග ඇරපුවහම පේන්නෙ මෙන්න මෙහෙම...
    150px-Tesseract2.svg.png

    200px-8-cell-simple.gif

    මේ තියෙන්නේ ඒක කැරකෙනකොට පේන ත්‍රිමාන ප්‍රොජෙක්ශන් එකක්. තව එක එක ජාතියෙ එව්ව මෙව්වා තියනවා..මේ සරලම එකක්. මෙම ලිපිය වීඩිඕ එකක් බලා ඒක සින්හලට පරිවර්තනය කිරීමක් බව කරුනාවෙන් සලකන්න..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් ඉස්සර ඕවා ගැන හෙනම පිස්සෙක් බන්..තාම ඒ පිස්සුව ලාවට තියෙනවා. ඒත් ඕවා ගැන හොයල වැඩක් නෑ කියල තමයි මට නම් දැන් හිතෙන්නේ. ලැබෙන එකම දේ කුතුහලය නිසා ඇති වෙන රසවින්දනය. :)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    වෙලාව කියන්නෙ මානයක් නෙමෙයි නේද?
    ඒක අපි හදාගත්ත එකක් කියල නේද කියන්නෙ
    මම දන්න තරමින් නම් මානයක් තමා....වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න..ඔව් ඔයා කියන එකත් හරි...තවම 4 වැනි මානයක් තියනවා කියලා හරියටම හොයාගෙන නෑ
     
    Last edited:
    Mar 4, 2011
    76
    59
    0
    මචන් අපේ පිසික්ස් සර් ඕක ගැන දවසක් කියඔ දුන්නා..හැබැයි ඕක ගැන වැඩි දුර හිතන්න එපා කිවුවා....
    උබලා අහලා තියෙනවද කූබින්ට 4 වැනි මානයක් තියෙනවා කියලා......
    අපිට පේන්නෙ 3 වැනි මානයක් විතරලු...
    උදා :-
    *මචන් කූබි අපි කොච්චර හොදට බෝතලේ වහලා තිබ්බත් ඇතුලට යන්න පුලුවන්ලු..ඒ උන්ට 4 වැනි මානයක් පේන හින්දලු...

    ඔන්න ඔහොම කතවක් කිවුවා බන්....
    විශ්වාසය හා අවිශ්වාසය අතර දෝලනයක් උනා ඕක අහල.........
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම දන්න තරමින් නම් මානයක් තමා....වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න..ඔව් ඔයා කියන එකත් හරි...තවම 4 වැනි මානයක් තියනවා කියලා හරියටම හොයාගෙන නෑ

    welawa nemei machan.. kalaya.. time is the fourth dimension..
    menna me article eka balanna.. meke tiyanawa dimensions gana hamadeyakma :)

    http://www.trans4mind.com/personal_development/DimensionalViewpoints/dimensions.htm
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    Honda thread ekak machan. Tika welawak giya therum ganna. Puluwannam balapu video eke link eka danna.