දේශීයව නිපදවූ ඩොලර් 130 ක වියදමකින් මිලදීගත හැකි අඩුමිල ලැප්ටොප් පරිගණකයක් බංග්ලාදේශය විසින් එළි දක්වා තිබේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ එරට පාසැල් සිසුන් වෙනුවෙන් එළි දක්වා තිබෙන මෙම පරිගණකය මගින් බංග්ලාදේශයේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙම ලැප්ටොප් පරිගණකය බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා විසින් අඟහාරුවාදා දිනයේදී ඩකා නුවරදී එළිදැක්වූ බවත් මෙවැනි ව්‍යාපෘති තුළින් 2021 වනවිට බංග්ලාදේශයට මැදි ආදායම් ලබන රටක් ලෙස නැගී සිටීමට හැකිවනු ඇති බවත් ඇය පවසා ඇත.
Doel යනුවෙන් නම්කර තිබෙන මෙම ලැප්ටොප් පරිගණකය මාදිලි හතරකින් මිලදී ගත හැකිබව සඳහන්ය.පසුගියදා ඉන්දියාවද ලෝකයේ අඩුම මිලට හෙවත් ඩොලර් 45 ක් තරම් අඩු වියදමකින් මිලදී ගත හැකි ලැප්ටොප් පරිගණකයක් එළි දක්වනු ලැබීය.