49+රේප්_පවර්_වෙලා

Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,022
    10,588
    113
    49+රේප්_පවර්_වෙලා

    ලෝකය පුරා ගුවන් විදුලි නාලිකා රැසක් මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරණයෙන් ඉවත් කරයි

    leaving neverland වාර්ථාමය චිත්‍රපටය මයිකල් ජැක්සන් පිළබද හෙළිකළ තොරතුරු මෙයට හේතුවයි

    _105752388_leaving-neverland2.jpg


    විශේෂයෙන්ම කැනඩාව නවසීලන්තය ඇතුලු යුරෝපීය ගුවන් විදුලි නාලිකා රැසක් මයිකල් ජැක්සන් ගේ ගීත ප්‍රචාරණයෙන් වැලකී සිටීමට පියවර ගෙන ඇත. මෙම හදිසි තීරණයට හේතුව වූයේ පසුගියදා ඔහු පිළිබදව නිර්මාණය වූ වාර්ථාමය චිත්‍රපටයක අඩංගු වූ ඔහු කෙරේ වී විවේචනයක් හේ තුවෙනි.

    ලෝකයේ සුප්‍රසිද්ධම ගායකයෙකු ලෙස තවමත් ජනතාව අදහමින් සිටින ඔහුගේ ජීවිත කථාව පිළබද මෙම වාර්ථා චිත්‍රපටයේදී ඔහු විසින් සිදු කළ ළමා අපයෝජනයන් සම්බන්ධව විසතරාත්මකව දක්වා තිබූ අතර වේඩ් රොබ්සන් සහ ජේම්ස් සෙෆ්සන් නම් තරුණයන් දෙදෙනා එම වාර්ථා චිත්‍රපටය තුළ පවසන්නේ මයිකල් ජැක්සන් විසින් තමන්ව සිය වරකට වැඩි වාර ගණනක් අපයෝජනය කර ඇති බවයි.



    නවසීලන්තයේ හරි අඩකටත් වඩා වැඩිම පිරිසක් විසින් සවන් දෙන ගුවන් විදුලි නාලිකාව විසින් මුලින්ම මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරණය නවතා දැමූවේය. එහි හිමිකාරීත්වය පවසා ඇත්තේ එය සංස්කාරක මණ්ඩලයේ තීරණයක් බවයි.

    ඊට අමතරව නවසිලන්තයේ තවත් පෞද්ගලික ගුවන් විදුලි ගණනාවක් විසින් මයිකල් ජැක්සන්ගේ ගීත සිය ගීත දරශක වලින් ඉවත් කර ඇත.

    කැනේඩියානු ගුවන් විදුලි CKOI සහ Rythme ආදී සුප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකා විසින් මෙසේ මයිකල් ජැක්සන්ගේ ගීත ඉවතට දමා ඇත. ඒ හැරුණ විට තවත් නාලිකා 23ක් විසින් මෙම ක්‍රියාමාර්ගයම ගනු ලැබීය. ඔවුන් බොහෝමයක් දෙනා පවසන්නේ සිය ශ්‍රාවකයන්ගේ ඉල්ලීමට තමන් කන් දුන් බවයි.

    ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ BBC Radio 2 ගුවන් විදුලි සේවය විසින් ද නිහඬවම ඔහුගේ ගීත සිය ගීත දර්ශකවලින් ඉවත් කර ඇති බව ය. කෙසේ නමුත් මයිකල් ජැක්සන්ගේ ගීත ඔවුන් විසින් තහනම් කර ඇති බව එයින් අදහස් නොවේ.

    4d6bc3df-507d-4059-93b3-6bee7610eae7-AP_2018_Sundance_Film_Festival_-__Leaving_Neverland__Premiere.JPG


    පැය 4 ක් පුරා දිවෙන Leaving Neverland නම් මෙම වාර්ථා චිත්‍රපටය මයිකල් ජැක්සන් නැමති අති දක්ෂ ගායකයා පිළිබදව ජනතාව වෙත තිබූ සියළු ආදරය මෙන්ම ගරුත්වයද එක් රාත්‍රියක් තුළ බිද දමන්නට සමත් විය. නමුත් ඇතැම් රසිකයන් පවසන්නේ වාර්ථා චිත්‍රපටය සත්‍ය්‍යක්ම විය නොහැකි බවයි.

    එහිදී වේඩ් රොබ්සන් (වමේ) සහ ජේම්ස් සේෆ්චක් (දකුණේ) විසින් කියා සිටියේ තමන් මයිකල් ජැක්සන් විසින් අපයෝජනයට ලක් කළ බවයි.

    10563122-6769447-The_bombshell_documentary_Leaving_Neverland_premiered_on_HBO_on_-a-1_1551804737339.jpg

    වේඩ් සහ ජේම්ස් අධ්‍යක්ෂවරයා (මැද) සමග

    ‍ලීවින් නෙවර්ලන්ඩ් Leaving Neverland නමැති මෙම වාර්තා චිත්‍රපටය ඩෑන් රීඩ් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. කොටස් ‍දෙකකින් යුත් එහි ප්‍රධාන වශයෙන් වින්දිතන්ගේ කථාන්දරය අන්තර්ගත වේ.

    මෙහිදී වේඩ් සහ ජේම්ස් පවසන්නේ තමන් ඔහුගේ දැඩි රසිකයන් වූ බව සහ, මයිකල් ජැක්සන්ට අයත් නෙවඩා මන්දිරයේ තමන් කලක් ජීවත් වූ බවයි. එම නෙවඩා මන්දිරය ප්‍රකටව තිබෙන්නේ මයිකල් ජැක්සන්ගේ ‘නෙවර්ලන්ඩ්‘ යනුවෙනි.

    පොප් රජු තමන්ව වයස අවුරුදු හතේදී අපහරණයට ලක් කිරීම ඇරඹූ බව වේඩ් පවසන අතර, ජේම්ස් පවසන්නේ තමන් වයස අවුරුදු 10 දී ඔහු වෙතින් අපහරණයට ලක්වීම ආරම්භ වූ බවය. ජේම්ස් ළමා නළුවෙකු වශයෙන් එකල ජනප්‍රියත්වයක් ඉසිළූ අයෙකි.

    මයිකල් ජැක්සන් ලොව පුරා පොප් ගීත රසිකයන් විසින් මහත් ආදරයෙන් සලකනු ලබන අමරණීය චරිතයකි. කෙසේ නමුත් ඔහු කුඩා දරුවන් සමග කල් ගත කිරීමට ප්‍රිය කළ බවද නොරහසකි. ඔහුට විරුද්ධව කලින් කලට ලිංගික අපයෝජන චෝදනා නැගේ. මේ අතර මයිකල් ජැක්සන් ද කුඩා කල සිය පියා වෙතින් අපහරණයට ලක්වූ දරුවෙකු බව ද නොරහසකි.

    පොප් රජු මයිකල් ජැක්සන් ඖෂධ විෂවීමක් හේතුවෙන් 2009 වසරේ අකාලයේ මරණයට පත්විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 50 කි. ඔහු දැඩි සේ ප්ලාස්ටික් සැත්කම්වලට සහ ඖෂධ සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු ලෙස ප්‍රකට ය.


    සලකන අයට සහ Bump , Comment කරන අයට 49++ ගානේ දෙනවා....
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,588
    113
    mam dekka pahu giya dawase ekek kiyala thibba 100warekata wadiya porawa rape kala kiyala MJ wisin.. :baffled::baffled:

    bump

    Rep+++

    You must spread some Reputation around before giving it to hi.dushan again. :eek:





    Rep 49 +++
     

    blue_in_rio

    Well-known member
  • මං හිතන් හිටියේ, කලාකාරයෙක්ගේ පුද්ගලික ජීවිතෙයි, කලාවයි පටලවගන්න ගෝත්‍රික අදහස් තියෙන උන් ඉන්නේ ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල විතරයි කියලා.බලන් ගියාම කැනේඩියන්, නිව්සීලන්ඩ් උන් පට්ටම ගෝත්‍රිකයිනේ..... :eek::eek:



    16+
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,102
    14,169
    113
    ගූඩ් පොස්ට් බ්‍රෝ,මොනවා උනත් මුගේ සින්දු ටික පට්ට.


    මේක තමයි ආසම එක


    rep added
     
    Status
    Not open for further replies.