5 ශිෂ්‍යත්වෙ ජන.22 වනදා, උසස් පෙළ පෙබ. 07 වනදා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    AVvXsEiTfeSq2Se-doHNol90JD4XA11aU1s6f-vPXbSlRqUWocW5-wYLPRs9YijXznqy6i8dCXHycUYUzTB_mwDQ144mi3IwmPynYFJxys-ZlPUicZ1z96XIBQY2ZJ9MjmTMl03aWWEKksgkW9B54Qjh4jsG-B3PT06adYwlAYDDGR90-KnqLG9J8vgPlj6vDQ=s16000


    පසුගිය වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබී කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ජනවාරි මස 22 දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග මධ්‍යස්ථාන 2,943කදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

    එමෙන් ම, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන පෙබරවාරි මස 7 වන දා සිට මාර්තු 5 වන දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,438කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙම විභාග පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදු කිරීම සඳහා ද මේ වන විට අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව අදාළ නිවේදනයෙන් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් දැනුම් දී තිබේ.


    Source: gossiplankanews.com