50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    බිල්ලන් මැවිලි නවතා දැන්වත් ප්‍රධාන කැම්පේන් එකට එන්න - බැසිල් පොහොට්ටුවට කියයි

    දෙමළ ජාතික සන්ධාන විරෝධය, මුස්ලිම් විරෝධය, ඇමරිකානු විරෝධය වැනි මාතෘකා හරහා බිල්ලන් මැවීම වෙනුවට ප්‍රධාන ප්‍රචාරණ ව්‍යාපෘතිය, එනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාව අතරට ගෙනයාමේ ව්‍යාපාරය කෙරෙහි සම්පූර්ණ ශක්තිය යොමු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයට දැනුම් දී තිබේ.

    මෙම අතුරු මාතෘකා වෙත වැඩිබර තබා ක්‍රියාකිරීම මේ මොහොතේ සුදුසු නොවන බවයි ඒ මහතා අවධාරණය කර ඇත්තේ.

    විශේෂයෙන් පසුගිය දින කිහිපයෙහි පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපාරය සම්පූර්ණ බර තැබූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහි විරෝධතාවයෙන් ද අවසානයේ ලකුණු රැස්කර ගත්තේ සජිත් ප්‍රේමදාස මහතා බව පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා අවසාන සතිය තුළ සතුරාට ආයුධ ලබාදීම වෙනුවට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැකිතාක් ජනතාව වෙත ගෙනයමින් මධ්‍යස්ථ ඡන්ද දායකයින් දිනාගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වාදී ඇත.


    https://www.lankanewsweb.net/sinhal...න-කැම්පේන්-එකට-එන්න---බැසිල්-පොහොට්ටුවට-කියයි
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත් දිනවන ජනරැළිය රාජපක්ෂ බලකොටුව
    තංගල්ලට එක්වු මහා ජන ගංඟාව


    74615528_1146341125755987_3400977773257293824_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ශ්‍රීලනිප - පොහොට්ටු ගිවිසුම අවලංගු වන ලකුණු. දයාසිරිලාට හුළං ?

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සම්පූර්ණ ශක්තිය යෙදවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපොහොසත් වී ඇති නිසා ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැඳී නොමැති බවට තර්කයක් එම පක්ෂය තුළින් මතුව ඇතැයි වාර්තා වේ.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දැනටමත් ශ්‍රීලනිප ආසන සංවිධාකයින් විශාල පිරිසක් සමඟ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටින බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ ද ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දු වූ ඇමතිකම් ඇතුළු තනතුරු ලබා නොදිය යුතු බවයි පොහොට්ටුවේ බහුතරයකගේ අදහස වී ඇත්තේ.



    එසේම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවේ වේදිකාවකට හෝ ගොඩවීමේ හැකියාවක් නොමැති ලෙස පොහොට්ටු පාක්ෂිකයින් විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔවුන් සමඟ මහමැතිවරණයකට එක්ව තරග කිරීමේ වුවමනාවක් නොමැති බවට ද ඔවුන් තර්ක කර ඇති බව සඳහන්. විශේෂයෙන් නාමයෝජනා ලැයිස්තුවලින් 30% ශ්‍රීලනිපයට ලබාදීමට කිසිදු වුවමනාවක් දැන් නොමැති බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

    ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ද දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට ඔවුන් බලාපොරොත්තු වූ තනතුරු කිසිවක්ම නොලැබෙන තත්වයක් නිර්මාණය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.



    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පොහොට්ටුව එළඹ නොමැති බව ද වාර්තා විය.


    https://www.lankanewsweb.net/sinhal...ටු-ගිවිසුම-අවලංගු-වන-ලකුණු--දයාසිරිලාට-හුළං--
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,812
    113
    මාලඹේ
    17 වෙනිදා මුන්ගේ මොඩ ආතල් ඔක්කොම ඉවර වෙනවා. 18 නැට්ට පුකේ.:lol::lol::lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත්ගේ රැළිවලට සුවිසල් ජන ගඟක්. පොහොට්ටුව නොසන්සුන් !

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජන රැළි සඳහා අතිවිශාල ජනකායක් එක්රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බරපතළ ලෙස ගැටළු සහගත වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

    පෙරේදා (06) දිනයේ රාත්‍රියේ බණ්ඩාරවෙල නගරයේ පැවති ජනරැළියට සහභාගී වූ අතිවිශාල ජනකාය මෙන්ම ඊයේ (07) දිනයේ දෙනියාය, අකුරැස්ස සහ හබරාදූව ප්‍රදේශවල පැවති ජනරැළි සඳහා පැමිණි සුවිසල් සෙනඟ පොහොට්ටුවට යම් කම්පනයක් ඇතිකිරීමට සමත්ව ඇති බවයි වාර්තා වූයේ.

    විශේෂයෙන් සෙනඟ පෙන්වා ප්‍රතිවාදීන් බියවැද්දවීමේ මානසික මෙහෙයුම මෙතෙක් කල් අතිසාර්ථක ලෙස කරගෙන පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්ම බැවින් සජිත් ප්‍රේමදාස මහතාට සුවිසල් සෙනඟක් පෙන්වීමට හැකිවීම තුළින් පොහොට්ටුවට තමන්ගේ ක්‍රමවේදයම පෙරළා ප්‍රහාරයක් ලෙසින් එල්ල වී ඇති බව සඳහන්.



    ගෝඨාභය රාජපක්ෂ මහතා අමතන රැළි සඳහා ද සෙනඟෙහි අඩුවක් නැතත් ඔහු දිනකට රැස්වීම් දෙකක් හෝ තුනක් අමතද්දී සජිත් ප්‍රේමදාස මහතා එමෙන් දෙගුණයක් රැස්වීම් ඇමතීමත් ඒ හැම එකක් සඳහාම විශාල සෙනඟක් සහභාගී වීමත් මත පොහොට්ටුවේ පහළ සාමාජිකත්වය තුළ යම් නොසන්සුන්තාවක් ඇතිවී ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

    රැස්වීම්වලට සහභාගී වන සෙනඟ යනු මැතිවරණ ප්‍රතිඵලයක් ගැන පුරෝකථනය කිරීමට එතරම් හොඳ නිර්ණායකයක් නොවෙතත් පවතින තත්වය බැරෑරුම් ලෙස භාරගැනීමට පොහොට්ටුවට සිදුව ඇති බවත් වාර්තා විය.


    https://www.lankanewsweb.net/sinhal...ැළිවලට-සුවිසල්-ජන-ගඟක්--පොහොට්ටුව-නොසන්සුන්--
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පරාජයෙන් බේරෙන්න ගොටාගෙන් සහන මිළට කෑම මල්ලක්. මේ සතියේ නොමිලේ..

    පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොටාබය අපේක්ෂා කළ ලෙස ග්‍රාමීය ජන කොටස් වල සහයොගය සීග්‍රයෙන් නොලැබී යන බව පොදු ජන පෙරමුණ විසින්ම සිදු කරනු ලැබූ සමීක්ෂණ වර්තා මඟින් පෙන්වා දී තිබේ.

    පසුගිය සතිය වන විට වැඩි ඡන්ද බලාපොරොත්තු වූ බහුතර සිංහල ජනතාවක් වෙසෙන දිස්ත්‍රික්ක ගනනාවකින් ඔහු පසු බැස තිබිණි.

    විශේෂයෙන් සජිත් ප්‍රේමදාස ග්‍රාමීය සහ නාගරික පීඩිත ජන කොටස් වෙත ලබා දි තිබෙන පොරොන්දු කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තැබීම මෙයට හේතු වී තිබේ.

    මේ තත්වය මත තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේවත් සඳහන් නොකළ , වියලි ආහාර ඇතුලත් සහන මල්ලක් දුප්පතුන් වෙත ලබා දීමේ යෝජනාවක් ප්‍රකාශට පත් කිරීමට සිදුව තිබේ. එපමණක් නොව එය දැන්ම ආරම්බ කළ බව කියමින් මේ සහන මළු නොමිළයේම මේ සතිය තුළදී බෙදා දීමේ වැඩසටහනක්ද සැලසුම් කර ඇත.

    මෙය මැතිවරණ අල්ලසක් වන අතරම පරාජය හමුවේ වෙන කරකියා ගන්න දෙයක් නැති කමද ප්‍රදර්ශනය කිරීමක්ද වේ.

    රාජපක්ෂලා බලයේ සිටි කාලයේදීද අරලිය ගහ මන්දිරයට විවිධ ජන කණ්ඩායම් ගෙනවිත් දන්සල් දීම මෙන්ම එවකටද මෙවැනි සහහන මළු ලක්ෂ ගනනාවක් බෙදා හැරීම සිදු විය.එහෙත් රාජපක්ෂ වරුන්ගේ පරාජය වලක්වා ගැනීමට හැකි වූයේ නැත,

    අරලිය ගහ මන්දිරයේ දුන් දන්සැල් වල වියදම රුපියල් බිලියන හය හතක් පමණ වී තිබූ අතර ආහාර ආදිය ලබා ගත් පෞද්ගලික සමාගම් වලට ඒ මුදල් නොගෙවා වංචා කිරීමද වර්තා වී තිබිණි. එම මුදල රුපියල් බිලියන 4 ක් පමණ වී තිබිණි. මේවා ජනාධිපති කාර්යාලය හරහා සිදු කෙරුණු වැඩ සටහන් වන නිසා රාජපක්ෂල වංචා කළ රුපියල් බිලියන 4 ක පමණ වන හිඟ මුදල් වත්මන් ආණ්ඩුවට දැරීමට සිදුව තිබිණි. මේ මුදල් ගෙවීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියද ඉල්ලා තිබිණි. එහෙත් ඊට මුදල් අමාත්‍යංශය එරෙහි වීම නිසා මෙතෙක් එම මුදල් ගෙවීම සිදු කර ද නැත.

    කෙසේ නමුත් ඡන්දය කොල්ල කෑම වෙනුවෙන් මෙලෙස සහන මළු දීම රාජපක්ෂවරුන්ගේ කෂඩ ප්‍රතිපත්තිය තවමත් වෙනස් වී නැත. ආහාර වේලකට සිය ඡන්ද බලය හුවමාරු කර ගන්නා මරි මෝඩ ජනතාවක් මේ රටේ සිටින බැවින් මේ හරහා යම් ඡන්ද ප්‍රමාණයක් එකතු කර ගත හැකි බව පොදු ජන පෙරමුණේ ගනන් තැබීම වී තිබේ.


    https://www.lankadaily.com/latestnews/item/10292-foods
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    2015 - අපි පැරදුනේ සුළු ජාතික ඡන්ද නොලැබිච්ච නිසා.- මරා
    2019 - අපි පැරදුනේ සිංහල බෞද්ධ ඡන්ද නොලැබිච්ච නිසා.- ගෝරා
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාබය දිනවන්න අනුකම්පා ඡන්ද මෙහෙයුමක් ! :lol:

    පොහොට්ටුව විසින් සිදු කළ අභ්‍යන්තර සමීක්ෂණ වාර්තා වලට අනුව, ගෝඨාභයගේ කතා වල ආකර්ෂණීයත්වයක් නොමැති වීම, සෑම රැලියකට ම සෙවණැල්ලක් මෙන් මහින්ද රාජපක්ෂ ගෝඨාභය පිටුපසින් යාම, ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් බලාපොරොත්තු වූ ගැම්ම ලබා ගැනීමට නොහැකි වීම සහ එහි අඩංගු බොහෝ දෑ දැනටමත් පවතින ආණ්ඩුව විසින් සිදුකර තිබීම, සජිත් ප්‍රේමදාස ගේ රැලි වලට සහභාගි වන ජන ගඟ එන්න එන්නම වැඩි වීම, ගෝඨාභය කෙරෙහි ග්‍රාමීය ජනතාවගේ වැඩි විශ්වාසයක් නොමැති කම යන හේතු දක්වා තිබීම නිසා පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ වෙමින් පවතින බව ඔවුනට අවබෝධ වී තිබෙනවා.

    සුළු ජාතීන්ගේ සහයද ලැබීමත් සමගම සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට ලැබුණ නව තල්ලුව නිසා පොහොට්ටු පාර්ශ්වය අභ්‍යන්තරයේද ගැටුම් හට ගැනීමට පටන් ගෙන ඇත. මේ වන විට බැසිල් රාජපක්ෂ හා විමල්-ගම්මම්පිල අතර ඇති වුන ගෝරිය පාලනය කරගත නොහැකි තැනකට උත්සන්න වී තිබේ. 'අපි කිව්වේ ඕක තමයි' කියමින් එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කරගැනීම ඒ ඒ පක්ෂ වල පහළ මට්ටම් වල කණ්ඩායම් අතරද වැඩ අඩපණ කර තිබේ. ඒ නිසා මැතිවරණ මෙහෙයුම වෙනත් අතකට යොමු කිරීමට ඔවුන් යොදවා ඇති විදේශ උපදේශක කණ්ඩායම රාජපක්ෂ පවුලට යෝජනා කර තිබෙන බව අප වෙත වාර්තා වෙමින් පවතී.
    ඒ අනුව, වේගයෙන් අඩපණ වන මැතිවරණ ව්‍යාපාරයට මැතිවරණ ප්‍රචාරක රැස්වීම් අවසන් වූ පසු නව පණක් ලබා ගැනීමට සහ ගම්වල සිටින සිංහල බෞද්ධ ජනතාවගේ සිත්වල වූ කරුණා ගුණය අවභාවිත කරගෙන අනුකම්පා ඡන්ද ලබා ගැනීමේ මෙහෙයුමක් සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ අනුව පොහොට්ටු මැතිවරණ ප්‍රචාරක යන්ත්‍රයෙහි ප්‍රධානම ආකර්ෂණය වන හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතා අවසන් දිනවල මැතිවරණ රැලියකදී හදිසි හෘදයාබාධයකට ලක්වූ බව පවසමින් මැතිවරණ ප්‍රචාරණය නිල වශයෙන් අවසන් වූ පසුවත්, අවසාන දින කිහිපය තුළ මැතිවරණ නීති උල්ලංඝණය නොකරමින් රටපුරා පන්සල්වල බෝධි පූජා පැවැත්වීමේ සැලැස්මක් මේ වනවිට පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණ ඒකකය තුල සැලසුම් කෙරෙමින් පවතී.

    ඒ මගින් රෝහල් ගතවන මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා සෑම පන්සලකම බෝධිපූජා මාලාවක් පැවැත්වීමට සහ පොහොට්ටුවට හිතවත් ස්වාමින් වහන්සේලා ලවා මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ ගායනා කිරීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පමණක් මහින්ද රාජපක්ෂ ගේ සෞඛ්‍ය තත්ත්වය යළි හොඳ අතට හැරීමට ඉඩ ඇති බව පැවසීම, වෙනත් කෙනෙකු ජනාධිපති වුවහොත් මහින්ද රාජපක්ෂගේ සුවපත්වීමට අකුල් හෙළීමට ඉඩ ඇති බව පැවසීම, වැනි කාරණා පවසමින් ගම් වල කාන්තාවන්ගේ අනුකම්පා ඡන්ද ලබාගැනීමේ සැලසුමක් වාර්තා වී ඇත.

    මේ සැලසුම සිදු කරද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ අසනීප තත්ත්වය ඇති බවට ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබුණත් වසර 70 ක් වයසැති ජනාධිපති අපේක්ෂකයෙකු ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බව පවසමින් සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් වාසි ලබා ගැනීමට ඉඩ ඇති නිසා, මේ සඳහා පොහොට්ටුවේ ආකර්ෂණීයම පුද්ගලයා වන මහින්ද රාජපක්ෂ යොදා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත.

    මහජන හදවතට කතා කරන සජිත් ප්‍රේමදාස ගේ කතා 150 හා විවිධ තල වල ඡන්ද දායකයන් වේගයෙන් ආකර්ෂණය වී ඇති ඔහුගේ ජනාධිපතිවරණ මෙහෙයුම නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයට වැදී ඇති මරු පහර මෙවැනි අනුකම්පා ඡන්ද ව්‍යාපාරයකින් ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථයයි.

    (සිරිල් ප්‍රනාන්දු)


    https://newstube.lk/news/8844-2019-11-08-11-46-37
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මෙව්වා ස්ක්‍රීන්ශොට් ගහලා තියාගන්න, 17න් පස්සේ මූ මෙව්වා ඩිලීට් කරලා අකවුන්ට් එකත් ක්ලෝස් කරලා දායි
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මහින්දානන්ද ගෝඨාගේ සිංහල ඡන්ද කඩන්නන්ගේ සංගමයට එක්වෙයි !

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ඡන්ද හිමිව ඇත්තේ 10% - 15% අතර ප්‍රමාණයක් පමණක් බවත් ඉදිරි දින කිහිපය තුළ එය 25%ක් දක්වා ඉහළට ඔසවා දෙන්නේ නම් මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් අලුතින් ඉදිරිකර දීමට තමන් පොරොන්දු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.

    මුස්ලිම් ව්‍යාපාරිකයින් පිරිසක් හමුවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කර ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

    "සීයට දහයයි - පහළවයි මේ වෙනකොට. මේ දවස් ටිකේ මේක උස්සන්න ඕගොල්ලො සීයට විසිපහකට. එච්චරයි ඕනෙ කරන්න. ඉතුරු ටික කිසි දේකට බයවෙන්න එපා, අපි බලාගන්නම්. මේ නුවර ඔයාලට අබමල් රේණුවක දෙයක් .... මං කිව්වනෙ, ඔයාලා මේක හදලා දෙන්න, මං ඔයාලට නුවර ටවුමෙ මුස්ලිම් ඉස්කෝලෙකුත් හදලා දෙනවා. මුස්ලිම් දරුවන්ට ඉගන ගන්න මුස්ලිම් ඉස්කෝලයක්. මම නුවර මුස්ලිම් ඉස්කෝලයක් හදලා දෙනවා.



    තමුන්නාන්සෙලාගෙ තේ කොළ ප්‍රශ්නෙ දශමයක් බය වෙන්න එපා. අපි දැන් ජනාධිපතිතුමාත් එක්ක කතා කළා, හම්බන්තොට වරයා කේන්ද්‍ර කරගෙන ඔයාලගෙ තේ කොළ වෙනම එතන ගෙනල්ලා එක්ස්පෝට් කරන සිස්ටම් එකක්. ඒකත් මං ඕකේ කරගත්තා. ඔක්ෂන් එකක් හදලා ඒක වෙනම වැඩක්.

    ඒකනිසා ඔබතුමාලා අබමල් රේණුවක සැකයක් හිතන්න එපා. ඔයාලා වෙනුවෙන් අපට රණ්ඩු කරන්න, ෆයිට් කරන්න සීයට විසි පහක් දෙන්න. " යනුවෙනුයි ඒ මහතා සඳහන් කර තිබුණේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු උග්‍ර මුස්ලිම් විරෝධයක් නඩත්තු කළ, එය සිය ප්‍රමුඛ දේශපාලන ව්‍යාපෘතිය කරගත් පක්ෂයකි. ඊට උදාහරණ ඕනෑ තරම් පසුගිය යුගයේදී දක්නට ලැබිණි. එවන් වටපිටාවක් තුළ මහින්දානන්දගේ මේ පොරොන්දු පොහොට්ටුවේම මූලික මතවාදය හා ගැටෙන බැවින් සිදුවන්නේ පොහොට්ටුවේ, එනම් ගෝඨාගේ සිංහල ඡන්ද කැඩීමය.

    කෙසේවෙතත් මින් එකක් පැහැදිලි වෙයි. එනම්, මේ මහින්දානන්දලාම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවල මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඉහළ ප්‍රතිශතයක් ඉදිරියෙන් නොසිටිනා බවයි. මෙසේ පොරොන්දු වරුසාවන් හෙළීමට ඔවුන්ට සිදුව ඇත්තේ ජයග්‍රහණය හෙළත්තාඩු වී ඇති බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.


    https://www.lankanewsweb.net/sinhal...-ගෝඨාගේ-සිංහල-ඡන්ද-කඩන්නන්ගේ-සංගමයට-එක්වෙයි--
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මොනවා උනත් රට ජාතිය ආගම බේරගන්න ඉන්න කෙනෙක් තමයි මහින්දානන්ද සර්
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද මුස්ලිම් ඡන්දත් කඩයි :lol:

    ඊයේ (08) දිනයේ සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූ, තමන් මහනුවර මුස්ලිම් නියෝජිතයින් අමතන රැස්වීමේදී තමන් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව සියයට විසි පහක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් රැගෙන තමන් හමුවට නොපැමිණෙන ලෙස බව මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

    "අද දිනයේ සමාජ මාධ්‍ය ජාලවල බ්‍රෝ කියන පිටුවක සහ තවත් පිටු කිහිපයක සඳහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද තියෙන්නෙ 10%යි ඒක 25% දක්වා වැඩිකරලා දෙන්න කියලා මුස්ලිම් ජනතාවට පාසලක් හදලා දෙනවා කියලා ප්‍රකාශයක්. මේක මේ බ්‍රෝ කියන පිටුව මඟින් තමයි කරන්නෙ පහුගිය කාලෙ පුරාම මේ මඩ ප්‍රචාරය අරගෙන ගියා.

    මම ඒකෙ පැහැදිලිව කියන්නෙ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපට ඡන්දෙ දුන්නෙ 10%යි. නමුත් තමුන්නාන්සෙලා අපි ගාව වැඩ කරවාගන්න එනවා. ඒනිසා 25%ක්වත් අපට ඡන්දෙ දෙන්නෙ නැතුව මගෙ ළඟට එන්න එපා ! අපට ඔබේ ප්‍රශ්න කියන්න එපා ! කියන එක තමයි මම මුස්ලිම් ජනතාවට කිව්වෙ. ඒ සම්පූර්ණ කතාවෙදි මම එහෙම තමයි සඳහන් කරලා තියෙන්නෙ.

    image_737e99d222.jpg


    ඒ අවස්ථාවේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපට ඉගන ගන්න මුස්ලිම් අයට පාසලක් නෑ කියලා. මං කිව්වා පාසලක් හදලා දෙන්නම්, තමුන්නාන්සෙලා ඉස්සෙල්ලා ඡන්දෙ දෙන්න. දිනන අපේක්ෂකයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වා. මේක කපලා වෙනස් කරලා විකෘති කරලා හදලා තියෙනවා. මම මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කරන්නේ.

    මෙයින් පැහැදිලිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුස්ලිම් ප්‍රජාව වෙත කරන්නේ විවෘත තර්ජනයකි. ගෝඨාට ඡන්දය නොදෙන්නේ නම් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ඔහුට කියන්නට නොඑන ලෙස මහින්දානන්ද මහතා සෘජුවම තර්ජනය කරයි. මෙවැනි තර්ජනයක් ඉදිරියේ නියාළු වෙමින් තවත් ගෝඨාටම ඡන්දය දෙන්නට ආත්ම ගෞරවයක් ඇති කිසිම මුස්ලිම් ජාතිකයකුට හැකියාවක් නැත.

    ඒ අනුව පළමු වටයේදී සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙවැනි වටයේදී ගෝඨාට තිබුණු 10%ක මුස්ලිම් ඡන්ද ප්‍රමාණයත් කඩා ඇති බව පෙනේ. මේ, එළුවාගේ ගෙලත් කපා මුට්ටියත් බිඳින මහදැනමුත්තාගේ ක්‍රමවේදයයි.

    මෙවැනි මිතුරන් සිටිනා විට ගෝඨාභය රාජපක්ෂ මහතාට පිටින් සතුරන් නම් අවශ්‍ය නැති බව ඉතාම පැහැදිලිව කිව හැකිය.



    https://www.lankanewsweb.net/sinhal...හල-ඡන්ද-කැඩූ-මහින්දානන්ද-මුස්ලිම්-ඡන්දත්-කඩයි
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත් ඉදිරියෙන් බුද්ධි අංශ ජනපතිට දන්වයි…. දිස්ත්‍රික්ක 13 ජය සජිත් ට…. පොළොන්නරුවත් හංසයාට යන ලකුණු

    Published on- Nov 9, 2019 ලබන සෙනසුරාදා එනම් නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයක් දෙදෙනා විසින් ලබා ගනු ඇති බවට නිරීක්ෂණය කළ වාර්තාවක් ජනාධිපති බුද්ධි අංශ විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ඊයේ රාත්‍රියේ දි ලබා දී තිබෙනවා.

    එම වාර්තාව අනුව 2015 දි හංසයා වෙත ලැබුණු ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ඡන්ද ලක්ෂ 6 ක් මෙවර හංසයාට අහිමි වී අනුර කුමාර දිසානායක වෙත හිමිවන බවට සඳහන් වේ.

    එසේම හිටපු යුධ හමුදාපතිවරයාටද තවත් ඡන්ද ලක්ෂයක් පමණ ලැබෙනු ඇති එම වාර්තාව සඳහන්කරන්නේ .

    එසේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා සන්ධාන ගත වීම හේතුවෙන් බිම් මට්ටමේ පැරණි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ජනතා විමුක්ති පෙරමුණ වෙත සිය ඡන්දය ලබා දෙනු ඇති බවද තවත් කණ්ඩායමක් විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සමඟ එක්වී සජිත් ප්‍රේමදාස වෙත ඡන්දය ලබා දෙන බවද එම වාර්තා ව පෙන්වා දෙයි.

    ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කරන මට්ටමේ සහය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් නොලැබෙනු ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

    පසුගිය නොවැම්බර් 04 වෙනිදා එළිදැක්වූ බුද්ධි අංශ වාර්තාව අනුව සජිත් ප්‍රේමදාස ට ජයග්‍රහණය කිරීමට හැකි වන්නේ දිස්ත්‍රික්ක 11 ක් බව දක්වා තිබුණද මේ වන විට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කිරීමේ හැකියාව සජිත් සතු වන බවද නව බුද්ධි අංශය වාර්තාව දක්වාතිබෙනවා .

    සජිත් විසින් ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක අතරට පොළොන්නරුව දිස්ත්‍රික්කය ද අයත්වීම විශේෂත්වයක්. පොළොන්නරුවට අමතරව මහනුවර, මාතලේ, නුවරඑළිය, යාපනය, වවුනියාව, වන්නි, කොළඹ, දිගාමඩුල්ල, මඩකලපුව ආදී දිස්ත්‍රික්ක්ක විශාල පරතරයක් සහිතව ජයග්‍රහණය කරන බව එම වාර්තාව දක්වයි.

    ඒ අනුව සජිත් ප්‍රේමදාස ආසන්න වශයෙන් ඡන්ද 6,732,179 ලබා ගන්නා බවද, ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 5,583,879 ලබා ගන්නා බවද එම වාර්තාවේ සඳහන් වේ.


    http://lankanewsweb.org/archives/21353
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ජනපති මෛත්‍රීට මලපනී ! - දයාසිරි ලේකම් ධුරයෙන් දොට්ට!

    ''ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනපති සියයට සියයක් ඉන්නවා'' යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලවත්සේ කෝපයට පත්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර වහාම ලේකම් ධුරයෙන් ඉවත්කර වෙනත් අයකු තාවකාලිකව පත් කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lkවෙත වාර්තාවේ.

    ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂට සහයදිය නොදිය යුතු බවට ශ්‍රීලනිප ආසන සංවිධායකයින් සියයට 90කට වැඩි පිරිසක් දැඩිලෙස ප්‍රකාශකර සිටියදී, ගෝඨාබයට සහයදිය යුතු බවට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ප්‍රමුඛ මධ්‍යම කාරක සභාව තීරණය කල අවස්ථාවේදී, ජනාධිපතිවරණයේ දී කිසිඳු පාර්ශවයකට හෝ සහය නොදී මැතිවරණ සමය තුලදී ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කළ ජනාධිපතිවරයා, මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වනතෙක් පක්ෂයේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහචාර්ය රොහාන් ලක්ෂ්මන් පියදාසව නම් කළේය.

    ජනාධිපතිවරයා ඒ අනුව මෙතෙක් කිසිඳු පාර්ශවයකට සහය නොදී ස්වාධීනව කටයුතු කරමින් සිටිය දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හෙට්ටිපොල පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියයට සියයක්ම පෙනී සිටින බවයි.

    එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර විසින් පෙරේදා (08) පස්වරුවේ හෙට්ටිපොල පිහිටි සිය නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම ජනහමුව සංවිධානය කර තිබුණි.

    "ශ්‍රී.ල.නි.ප.ය නැවත UNPයේ එල්ලන්න නෙවෙයි. පක්ෂය හරි තීන්දුවක් ගත්තා. ජනපතිත් නිරන්තරයෙන් විමසනවා, ජනපති මෛත්‍රීත් ගෝඨාභය දිනවීමේ වැඩපිළිවෙලේ." යයි එහිද වැඩිදුරටත් අදහස් දැක්වු දයාසිරි ජයසේකර එහිදී වැඩිදුරටත් පැවසිය.


    https://www.theleader.lk/news/1392-dayasiri-removed-from-his-post