ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියන්නේ ෆින්ලන්තයේ. ඒ රටේ ළමයි සාම්ප්‍රදායික පොතේ අධ්‍යාපනය නෙමේ ලබන්නේ. පරිසරයත් එක්ක සබැදුන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබන්නේ. ඒ ළමයින්ට හරි සතුටින් තමයි ඉගෙන ගන්නේ.
මේක තමයි ලංකාවේ බහුතරයක් දෙමාපියන්ගේ ආකල්පය. අහිංසක ළමයට එන මානසික පීඩනය හිතාගන්න පුළුවන් ලියුම දැක්කම. මේ ළමයි මානසික අවපීඩනයට ගොදුරුවෙලා අනාගතයේ නිසි පෞරුෂයකින් තොර පුරවැසියෝ විදිහට තමයි සමාජගත වෙන්නේ. එක ලොකු හානියක්.
මුලින්ම කරන්න ඕනේ දෙමාපියන්ට ළමා මනසේ සංවර්ධනය ගැන අවබෝධයක් දෙන එක.
අනික ළමයින්ගේ බුද්ධි මට්ටම් වර්ධනය ළමයාගෙන් ළමයාට වෙනස්. එක එක ළමයින්ට බුද්ධිය වර්ධනය වෙන කාල සීමාව වෙනස්. සමහර ළමයි ශිෂ්‍යත්වය පාස් නොවුනට පස්සේ කාලයේ අධ්‍යාපනයෙන් ඉහලටම යනවා.