ඇත්තටම 5G නිසා මෙහෙම වෙන්න පුලුවන්ද ?
උඩින් පල්ලෙන් බැලුවේ. මම පහළ මට්ටමේ සංවර්ධකයින් ගණයට වැටෙන පුද්ගලයෙක්.
හ්ම්.. ඔබලා හිනාවුනාට මම ඔය කතාවල සාරාංශය ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ.
දෙවන කාරණය, මුං 3ජී දෙනවිට 2ජී එකට කෙළියා, 4ජී දෙනවිට 3ජී එපාවෙන ගානට දැම්මා, ඊළඟට දැන් 5ජී දෙනවිට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ පොඩි රටේ දැන් අපට හම්බවෙන දළ 4ජී වේගය 3ජී වලින් දෙන්න පුළුවන් නමුත් ඒක මුං කරන්නේ නැහැ. මගේ සාමාන්‍ය අදහසට අනුව 4ජී මට්ටමින් එහාට ඊළඟ පරම්පරා වලට අපි යන්න ඕන නැහැ. එහි උපරිම වේගය දෙනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම 5ජී සේවා සැපයුම් උපාංග ප්‍රමාණය 4ජී වලට වඩා වැඩියි, නිකං බොරුවට විදුලි සංඥා කන්දරාවකට මැදිවෙලා ජීවත් වෙන්න ඕන නැහැ.
වෙනත් ස්ථාවර ප්‍රයෝජන සඳහා රැහැන් සම්බන්ධතා (උදා. ෆයිබර්) වැනි භාවිතා කරන්න පුළුවන්. අවශ්‍යතා වලට හෝ ව්‍යාපාරික ස්ථාන වලට අධි වේගයක් සැපයීමට හැකියි. පරිසරයට හෝ මිනිසුන්ට රැහැන් රහිත සැපයුම්වල මෙන් හානියක් නැහැ