5G car-to-car communication

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මෝටර් රථ අතර ඇති සංනිවේදනය
    (5G car-to-car communication )

    ... මොනවාද මේ 5G කියන්නේ? ඉන් පෙර අපි 3G කියන්නේ මොකක්ද කියා කෙටියෙන් සාකච්චා කරමු. ඔබ අතේ බොහෝවිට ස්මාර්ට් දුරකතනයක් ඇති. එහෙත් ඒ ආකාරයේ දුරකතනයකින් කල හැකි දේ සීමා වෙන්නේ, එයින් කල හැකි සංනිවේදනය සීමා වෙන විටයි. G කියා කියන්නේ Generation කියන ඉංග්‍රීසි වචනයේ මුල් අකුර ගෙන කරන හැඳින්වීමයි. දැන් ඒ අනුව 4G යන්න ස්මාර්ට් දුරකථන සඳහා ඇති වේගවත්ම සංනිවේදන ක්‍රමය වෙනවා. මෙය වෙනත් විදියකින් පැහැදිළි කරන්න පුළුවන්. හිතන්න, කරාමයකින් වතුර වැක් කෙරෙනවා. ඒ කරාමය බාගෙට වැහුවොත් ඒ වතුර වැක් කිරීම අඩු වෙනවා. ඉතින් 3G කියන බාගෙට කරාමය ඇරුනු ක්‍රමයට වඩා, සම්පුර්ණයෙන් කරාමය ඇරුනු 4G වල දත්ත ඉක්මනින් හුවමාරු වෙනවා...

    ... ඒ කියන්නේ ඔබට 4G වලින්, 3G වලට වඩා ඉක්මනට, උදාහරණයක් කිව්වොත්, අන්තර් ජාලයෙන් වීඩියෝ ගේම් එකක් බාගත කර ගන්න පුළුවන්...

    ... ඉතින්, මේ ක්‍රමයේ තවත් ඈතට ගිය ස්පාඥ්ඥ විද්‍යාඥයන් පිරිසක් විසින් වාහන එකිනෙකට කතා කිරීම හා සම්බන්ද ව පරීක්ෂණයක් පැවැත්වීමට 5G තාක්ෂණික ක්‍රමය භාවිතා කරලා තියෙනවා. ඒ ක්‍රමය වඩාත් වේගවත් වෙනවා. 3 G ක්‍රමය ඉවත් වී 4G ක්‍රමය ආවා වගේ, අනාගතයේ 4G ඉවත් වී 5G ඒවි. 5G ක්‍රමයේ තත්පරයකට ගිගා බිට් 5 ක පමණ දත්ත යවන්න පුළුවන් වේවි. (මේ ප්‍රමාණය වෙනස් වෙනවා. තවත් වැඩිවෙන්න හැකියි ) ඉතින් වාහනයක් ගැන කරන විට ඉතා ඉක්මනින් තීරණ ගන්නට වෙනවා. මෙතනදී එක් වාහනයක පරිඝනකය තීරණයක් ගන්නවා වගේ නොවේ, වාහන කීපයක් තීරණ ගන්න විට. හිතන්න, ලංකාවේ පාරක වාහනයක් එලවන ඔබ හතර මං හන්දියකට එනවා. ඉතින් දකුණේ ඉන්න කෙනාට මුලිකත්වය ලැබෙනවා. බැරිවෙලාවත්, ඒ හන්දියට එකම ආකාරයේ මෝටර් රථ හතරක් එකම වේගයෙන් ආවොත් මොකද කරන්නේ?...?

    ... සාමාන්‍ය ක්‍රමය නම්, මේ වාහන හතර ක්‍රියාත්මක කරන ප්‍රධාන මූලස්ථානයකින් තීරණය ගන්නා එකයි. එහෙත් ඒ සම්ප්‍රදායික සිතුවිල්ල වෙනස් කරන්න මේ විද්‍යාඥයන් තීරණය කර තියෙනවා. එනම් මේ වාහන වල පරිඝනක එකිනෙක කතා කර කුමන වාහනයට මුලින් යන්න දෙනවාද කියා තීරණය කරනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, මේ ක්‍රමය රියදුරන් නැති මෝටර් රථ සඳහා අනාගතයේ භාවිතා වේවි...

    ... ඉතින් මේ සඳහා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්, කාර්ඩ්ස් භාවිතා කරනවා. ඒ සඳහා භාවිතා කරන අයි. සී. චිප් සෙට් එක සඳහා වූ සිංහළ පාරිභාෂික වචනය දන්නේ නැති නිසා ඉංග්‍රීසි වචන ලියන්න වෙනවා. ඔව්, එයට කියන්නේ Field-programmable gate array හෙවත් FPGA කියා. මේ ඉලෙක්ට්‍රොනික පරිපථ වෙනත් පරිපථ වලින් වෙනස් වන්නේ, එය භාවිතා කරන කෙනාට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කරගත හැකි නිසා. ඉතින් වාහන කීපයකින් එන තරංග, එක් එක් අවස්ථාවට අනුචිත ආකාරයෙන් ඉතා වේගයෙන් මේ 5G සංනිවේදන ක්‍රමයෙන් වෙනස් කරන්න පුළුවන්...

    ... මේ ක්‍රමයේ ඇති තවත් විශේෂයක් නම්, අවශ්‍ය නම් වෙනත් මධ්‍යස්ථානයකින් වාහන වල ක්‍රියා කාරිත්වය දැන ගන්නට හැකි වීමයි. එසේම, සයිබර් ප්‍රහාරයකදී එම මධ්‍යස්ථානයෙන් දෙන විධාන වලට වාහනය ලෙහෙසියෙන් පාලනය කිරීමත් මේ ක්‍රමයේ එක් වාසියක් වෙනවා. අනෙක් දේ නම්, වාහනයක් පදවා ගෙන දුර ගමනක් යාමේදී රියදුරාට ඇතිවන ගමන් මහසියක් නැති වීමත්, ඒ කාලය වෙනත් වැදගත් දෙයකට භාවිතා කිරීමත් වෙනවා....


    පසු වදන:- බොහෝ කලකට පෙර එක් විදේශීය රටක දුම්රිය පෙට්ටියක ගමන් කලෙමි. එහි සිටි සියල්ලන්ම එක්කෝ පොතක් පත්තරයක් බලන අය, මොනවා හෝ ලියන අය, මැහුම් ගොතන අය වුහ. ඒ පෙට්ටියේ දෙදෙනෙක් පමණක් කිසි දෙයක් නොකර ගමන් කලෝය. එකෙක් සෙල්ලම් බඩුවක් අතේ තියාගෙන සිටි අවුරුදු හතරක පමණ ළමයෙකි. අනෙකා මා විය. වාහනයක යන විට පවා කාලය නාස්ති නොකළ යුතු බවට, මා ගත් වැදගත්ම පාඩම එය විය.



    බුකියෙන් ඉස්සුවේ....
     
    • Like
    Reactions: sithija.h