මේ පැත්තේ ගොඩ වේලා මගේ ගැටළුව ගැන යමක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තිබ්බා...
ඒ හින්දාමයි උදෙන්ම මේ පැත්තට ගොඩ වේලා මගේ ප්රශ්නය කියන්න උත්සහ කරන්නේ.
ඉතින් කොහොමද යාළුවනේ. මේ පැත්තේ ෆොන් රෙපයාර් කරන සර්විස් කරන කවුරු හරි ඇති නේ
අන්න ඒ අයගෙන් තමයි මම මේ ප්රශ්නයට පිළිතුරක් බලාපොරොත්ත්තු වෙන්නේ.
අයිෆොන් එකේ පාස්කෝඩ් එක වැඩිවාර ගාණක් ගහන්න ගිහිල්ලා අයිෆොන් එක ඩිසේබල් වේලා.
මට අයිෆොන් එක රිස්ටොර් කර ගන්නේ නැතිව රිකවරි කර ගන්න මෙටඩ් එකක් ගෙදරදිම හදා ගන්න විදිය දන්න කෙනෙක් පුලුවන් නම් කියලා දෙන්න.
.
මම ලගදි අයි ටියුන්ස් වලින් බැක් අප් අරන් තිබ්බේත් නෑ..
මගේ වැදගත් පින්තුර වගේම නොට් පැඩ් වල වැදගත් ලියකියවිලි වගේම කන්ටැක්ස් වුනත් තිබ්බා. ඒ හින්දායි රිස්ටොර් කර ගන්නේ නැතිව ගොඩ දා ගන්න බලන්නේ.
මම දන්නවා රි ස්ටොර් කර ගන්නේ නැතිව මේක ගොඩ දා ගන්න පුලුවන් කියලා. ඒත් හරියටම ඒ කරන විදිය දන්නේ නෑ.
දන්නේ නැතිව අත දාන්න විදියක් නෑ. සේරම ඩිලිට් වුනොත් තේරුමක් නැති හින්දා.
පුලුවන් කෙනෙක් මේ වගේ අවස්ථා නිරාකරනය කරපු අය මේක ගොඩ දා ගන්න විදිය පියවරෙන් පියවර කියලා දෙනවා ද ලොකු උදව්වක්.






