ලංකාවෙ විතරක් නෙමේ කොහෙත් මධ්‍යම පන්තියක් නිශ්චිතව පෙන්නන්න අමාරුයි. නමුත් අදායමට අමතරව ඔය ණය අරව මේවයින් හෝ ජීවත් වීම ආර්ථික ක්‍රියාකාරකමක් තමයි. ණයක් උනත් නිකන්ම දෙන්නෙ නෑනෙ මූල්‍ය ආයතන වලින්. කොහොම හරි මධ්‍යම පන්තියක් ඉන්න බව දන්නවනෙ, එයාල කවුද කියන එක දත්ත මත නිර්වචනයට විවෘතයි.
ලංකාවෙ සාමාන්‍ය ගෘහස්ථ ආදායම (average household income) පිළිබඳ දත්ත¹ සළකල බැලුවොත්,
පහළ 20% - රු.15,000
මැද 60% - රු.60,000
ඉහළ 20% - රු. 150,000
වගේ තමයි තියෙන්නෙ (මේ 2019 සාමන්‍යය අගයන්. ඩොලර් පූට්ටුව නිසා ඉහළ 20% අගය තව වැඩියි). දැන් කෙනෙක්ට ඕනෙනම් මැද්දෙ ඉන්න 60% තමයි මධ්‍යම පන්තිය කියල ව්‍යුහාත්මකව කියන්න පුලුවන්. එතකොට උඩ 20% ධනපති පන්තියක් ද? මගෙ ආදායමත් වැටෙන්නෙ ඒ කෑල්ලට නමුත් කිසිම ධනපති බවක් නම් මට දැනෙන්නෙ නෑ. ඒ නිසා ඔය මැද කෑල්ල මධ්‍යම පන්තිය විදිහට නම් කරන ක්‍රමේ ඩුබියස්. මධ්‍යම පන්තිය කියල අපි හඳුනගන්න සමාජ ස්ථරය- ඒ කියන්නෙ නාගරිකව හෝ තදාසන්නව ජීවත් වෙන, වාහනයක් තියෙන, ප්‍රමිතිගත හෙල්ත්කෙයා සහ අධ්‍යාපනයට ප්‍රවේශයක් හිමි ස්ථරය- තියෙන්නෙ ඔය 60% ඉහළම කොටසක් සහ උඩ 20% න් පහළ කොටසත් අතර කලාපයක. මම උඩ රිප්ලයි එකකත් කිව්ව විදිහට රු.79,000 ආදායම පවා වැටෙන්නෙ උඩම 10% ට.
අනිත් රටවලට වඩා ලංකාවෙ මධ්‍යම පන්තිය කුඩායි. අති බහුතරය පහළ මධ්‍යම පන්තිය හෝ දරිද්‍රතා රේඛාවෙන් පහළ.
[1]
View attachment 186787