60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    කම්පැනියෙ කාගෙ හරි වාහනේකට ඕක කරන්න ඕන නං මගේ නම්බර් එක දීපන්, උඹේ නම කිවුවම 30ට කරලා දෙයි කියලත් කියන්න.
    mewage niche ekak set unama promote karala karanna one...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,066
    10,635
    113
    සිංහලු මේක පොඩි DIY වැඩක්. 2006-2011 Civic එකේ කොමන් අවුලක් එනවා headliner (වහලෙ රෙද්ද) එක ගැලවෙනවා ටික කාලයක් ගියාම. මේක සිවික් එකේ කොමන් issue එකක්. ඒ වගේම X-trail එකෙත් අර hybrid ආපු සීරීස් එකේ මේ අවුල එනවා
    තව ඒවයෙත් එනවා ඇති.
    මේක උනාම කාර් එකේ ඇතුල හෙන කැතයි වහල මැදින් එල්ලං හැලෙනවා, කොන් වලින් කෑලි එල්ලෙනවා අජූතයි. මගේ මේක වෙලා ටික කාලයක් හැබැයි හදාගන්න උවමනාවක් තිබ්බෙත් නැහැ. ලඟදි මේක හදාගන්න කියලා තැන් දෙක තුනකට කතා කරා, උන් වාහනේ මොඩල් එක අහල ගාන කියන්නෙ මේකට හැම තැනම 60-70 අතර ගනන් කිවුවා. අඩුම සෙට් උනේ 60යි

    මේක හදන හැටි youtube එකේ තියනවා, ලොකු වැඩක් නෙමෙයි ඒත් කරදර වැඩක්, ටිකක් හෙමීට කරන්න ඕන. හදන තැන් වල ගාන වැඩි නිසා අද උදේ පටන් ගත්තා වැඩේ කරන්න. වහල ගලවලා ඩිකියෙන් එලියට ගන්න ඕන. අමාරු වැඩක් නෙමෙයි, වහල එලියට ගනිද්දි තව කවරු හරි උදවුවට ඉන්නවා නං හරි.
    මේකෙ තියනවා සම්පූර්ණ වැඩේ කරන හැටි, මේක බලල වහලෙ ගලවා ගත්තා

    මේ වහල නිකන් කාඩ්බෝඩ් එකක් වගේ වැඩිය නැමෙන්නෙ එහෙම නැතිව හෙමීට ගලවලා එලියට ගන්න. ඒක එලියට අරගෙන රෙද්ද ගැලෙවුවට පස්සෙ මේ වගේ. මේකෙ මේ රෙද්දටම අලවලා ස්පොන්ච් එකක් තියනවා, කාලයත් එක්ක ඒක දිරලා ගිහින් තමයි මේක ගැලවෙන්නෙ

    m3TGc8Z.jpeg

    මේ ස්පොන්ච් ටික ස්ක්‍රේපරේකින් සූරලා දාල, වයර් බ්‍රශ් එකකින් අතුල්ලලා මේක ෆුල් ක්‍ලීන් කරගන්න ඕන. කිසිම ස්පොන්ච් කෑල්ලක් ඉතිරි වෙන්නෙ නැතිව සූරලා, ඊට පස්සෙ කම්බි බ්‍රශ් එකකින් හෙමීට අතුල්ලලා සේරම කෑලි අයින් කරගන්න.

    ඊට පස්සෙ මේකට රෙද්දක් හොයාගන්න ඕන. වාහනේ තිබුනු එකම හොයන්නත් පුලුවන්, හැබැයි පොඩි කට්ටක් කන්න වෙනවා. මේකෙ රෙද්ද එන්නෙ රෙද්දෙ එක පැත්තකට පොඩි ස්පොන්ච් ලේයර් එකක් අලවලා, ඒක හොයාගන්න ඕන. මගේ නං ඔරිජිනල් එකම හොයාගන්න බැරි උනා (කම්මැලි කමට හෙවුවෙ නැහැ), හැබැයි වාහනේ baige පාටට ඔරිජිනල් එකත් වඩා මැච් වෙන රෙද්දක් හම්බුනා ඒක නිසා ඒක ගත්තා
    ඒ රෙද්දෙ මීටරයක් 1750යි. මීටර් දෙකක් ගත්තම හරි. රෙදේදෙ පලල ඕනවටත් වඩා තියනවා

    මේ රෙද්ද අලවන්න ගම් ගන්න ඕන. මේකට හරියටම හරියන්නෙ 3M හරි Wurth වලින් හරි එන spray adhesive එක. ඒක මට හොයාගන්න බැරි උනා. ඒක නිසා ඔය රෙද්ද ගලවපු කඩෙන්ම ඕව අලවන්නම තියන නිකන් contact adhesive ගත්තා. මම ගම් 400ml ගත්තෙ හැබැයි හරියටම 500ml ඕන වෙනවා

    මේ ක්ලීන් කරපු වහල සහ ගනිපු රෙද්ද
    gvSX33s.jpeg

    මේක අලවන ටෙක්නික් එකක් තියනවා. මුලින්ම රෙද්ද හරියට තියාගෙන එක පැත්තකින් clamp කරගන්න. ඒ රෙද්ද එහෙ මෙහෙ වෙලා පැත්තකට යන එක නතර කරන්න

    3gzLqFd.jpeg

    ඊට පස්සෙ හරි මැදි ඉඳන් එක පැත්තකට අලවන් ගිහින්, ඊට පස්සෙ මැද ඉඳන් අනෙක් පැත්තට අලවන් යන්න ඕන

    7RQVr7Q.jpeg

    මම කරේ මේ මැද තියන ලයිට් එකේ කටවුට් එක වටේ අඟල් 10ක් විතර ගම් ගාල එතනට ගානට සෙට් වෙන රෙද්දෙත් ගම් ගාල, මුලින්ම අලවපු එක. contact adhesive යූස් කරන්නෙ මුලින් අලවන්න ඕන දෙකේම ගම් ගාල ටික වෙලාවක් වේලෙන්න තියනවා, අතින් ඇල්ලුවම දෙපැත්තම අතට තෙත ගතිය දැනෙන්නෙ නැති තරමට වේලෙන්න ඕන. ඊට පස්සෙ ඔය දෙක එකට තියල තද කරාම ඇලෙනවා
    මේක රෙද්දක් නිසා ටිකක් ඇදල වගේ අලවන්න වෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් රෙදි කෑල්ලකින් හොඳට අතුල්ලන්න ඕන රැලි හිටින්නෙ නැතිව ඇලවෙන්න

    ඊට පස්සෙ මැද ඉඳන් එක පැත්තකට ඔය වගේ ගම් ගාගෙන ඇවිත් ඇලෙවුවම හරි. අලවද්දි කාට හරි රෙද්ද එක පැත්තකින් ඇදගෙන ඉන්න කියලා අනෙක් පැත්තෙන් රෙදි කෑල්ලිකින් තදට අතුල්ලලා ඇලුවුවම රැලි නැතිව ලස්සනට ඇලවෙනවා
    මේ විදියට ඊතලේ තියන පැත්තට අලවගෙන යන්න ඕන

    c1a3RHd.png

    byxLSss.jpeg

    අලවද්දි ඔය grab handle, sun wiser වගේ තියන තැන් ඉතිරි කරලා තමයි ඇලෙවුවෙ. ඊට පස්සෙ ඒ වගේ තැන් වල හොඳට ගම් ගාල ඇලුවුවා. ඒව අලවද්දි මුලින් ඒවයෙ ඇතුලට බැහැල වගේ තියන දාර ටික අලවලා තමයි අනෙක් ටික ඇලවුවෙ. නැත්තං රැලි හිටිනවා.

    vw6Vp2B.png

    සේරම අලවලා පස්සෙ රෙද්දෙ වැඩි ටික කපලා අයින් කරා. කපද්දි අඟලක් විතර වැඩිපුර තියල කැපුවෙ. ඒ ටික වහලෙ උඩ පැත්තට නමල ඇලෙවුවා එතකොට edges වල ෆිනිශින් එක හොඳට එන නිසා. (Edges පේනනෙ ඉස්සරහ සහ පස්සෙ විතරයි දෙපැත්තෙ ඒව දොරවල බීඩින් වලට වැහිලා තියෙන්නෙ)
    3jFZbIC.png

    ඊට පස්සෙ ලයිට් හයි වෙන සිදුරු සහ එක එක ඇන වලට තියන සිදුරු වලට තියන තැන් සිදුරු ටික හැදුවා. මේක කරෙත් නිකන්ම හිලක් කැපුවෙ නැහැ, සිදුර මැදින් හරහට කපල අනෙක් පැත්තට ඇලෙවුවා.
    hnWmnF9.png

    EB2Aqgm.png

    VtsnCcW.png

    මේ තියෙන්නෙ ඉවර කරපු වැඩේ. සුපිරියටම ෆිනිශින් එක ආවා. එක තැනක පොඩි රැල්ලක් වගේ තිබුනා හැබැයි ඒක පේන්නෙම නැති තරං
    ief9rw0.png

    අද රෑ වේලෙන්න තියලා හෙට වාහනේට හයි කරනවා. ෆොටෝ එකේ මේ රෙද්දෙ තැන තැන පාට වෙනස් වගේ පේනවා ඒක අවුලක් නෙමෙයි. රෙද්ද පොඩ්ඩක් වෙල්වට් ගතියක් තියනවා ඒක එක පැත්තකට පිහදැම්මම ඕක හරියනවා.

    මට හිතාගන්න බැරි අර කුශන් කරන තැන් වල එවුන් 60 දාහක් අරන් මොකද්ද කරන්නෙ කියලා. සාමාන්‍යෙන් වැඩක් කරගන්න පුලුවන් කෙනෙක්ට ගේමක් නැතිව මේක ගෙදරදි කරගන්න පුලුවන් වැඩක්. මට බඩු වලට ගියේ
    රෙද්දට 1750x2. මේක ටිකක් හොඳ රෙද්දක් එතන තිබුනු ඒව බලලා ගත්තෙ, මේක වාහන වලටම ගහන්න එන රෙද්දක්. ඔරිජිනල් රෙද්දම හොයා ගත්තා නං මීට වඩා ගානක් යාවි.
    ගම් වලට 750යි
    වයර් බ්‍රශ් එකට 250යි
    සේරම 4500යි.

    මම ගම් ගෑවෙ පින්සලෙන්, රෙද්දෙ පින්සලෙන් ගම් ගාන එක එපා වෙන වැඩක් කවුරු හරි මේක කරනවා නං අනිවා spray adhesive එකක් ගන්න.

    badu gaththe kohenda machan ?
     
    • Love
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    badu gaththe kohenda machan ?
    රෙද්ද ගත්තෙ මාතර තියන සිසුරුබෝවා කියල තැනින්
    කොලඹ නං දෙල්කඳ මහරගම සයිඩ් එකේ ඕන තරං තැන් තියනවානේ
    ගම් ගත්තෙත් එතනින්. හැබැයි ඔයාම කරගන්නවා නං 3M හරි Wurth හරි spray glue එකක් ගන්න ඒක 8000 ගානක් වෙනවා හැබැයි වැඩේ ලේසියි සහ ෆිනිශින් එතක් තව පොඩ්ඩක් හොඳට එයි
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha

    අඩේ සුපිරිනෙ... මරු ඈ... මේවගේ වැඩ වල නූල් දැක්කම පුදුම ආසාවක් එන්නෙ.

    වීඩියෝ එක පස්සෙ බලන්නං ෆ්‍රී ටයිම්...

    එලකිරිබෝයි

    @PHBhagya ඉල්ලා අස් වෙන්ඩ මිස්ස්
    නෑ... නෑ.. කොල්ල ගේමෙ..
    නෙම්සිසා ඉතිං කොහොමත් වැඩ්ඩ බැරි දෙයක් නෑ පොරටත්...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔවු ඔව FD තමයි

    ඔවු ටිකක් තික් එක්ක තමයි මගේ ලඟ තිබ්බෙ. ඒක ඇත්තටම මෙහෙ ගන්න තියන ඒවට වඩා කොලිටි එකක්, සියෙරා එකේ ෆයිබර් equipment වගයක් wrap කරලා ආපු ෆොයිල් එකක් මට හම්බුනා ඒක තියෙන්නෙ.

    ඔවු දන්න හැම එකාගෙම FD වල මේ අවුල තියනවා හෝ තිබිලා හදලා තියනවා

    @Lakshan-Seram මේ සීන් එක හදන කතාවක් කිවුවා නේද. හැදුවද
    Na thama heduwe na. Mama nam hitan inne 3M spray adhesive ekak genath alawaganna kiyala

    thread eka dekke den mama hithuwe parana thread eka kiyala. wede hodai math karanna inne.
    ekama awla tiyenne mage eke sunroof eka tiyenawa eka wate lassatanata alawanna one nettam patta ketai :(
    ------ Post added on Dec 7, 2025 at 6:18 PM
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    Good Work, mamath ape Corolla KE50 oya wage wadak kara, eke enne ara kambi walata rali mahala dana wahala mehe eun, Mama hard board ekak gaanata kapala oya wage reddak alawala gahuwa, ekata udin aluminium foil ekakuth gahuwa, wade hodata awa, edges thama poddak awl. moko board eka nawanna bari nisa ethana hariyta ganna amarui.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Na thama heduwe na. Mama nam hitan inne 3M spray adhesive ekak genath alawaganna kiyala

    thread eka dekke den mama hithuwe parana thread eka kiyala. wede hodai math karanna inne.
    ekama awla tiyenne mage eke sunroof eka tiyenawa eka wate lassatanata alawanna one nettam patta ketai :(
    ------ Post added on Dec 7, 2025 at 6:18 PM
    sunroof එක වටේ බීඩින් එකක් හරි ප්ලාස්ටික් මෝල්ඩින් එකක් වගේ තියනවා නං කිසි අවුලක් වෙන්නනෙ නැහැ
    ඔය වගේ cutout තියන ඒව හොඳටම එනවා අනෙක් පැත්තකට නමලා ඇලෙවුවම

    before after පින්තූර 2කුත් ඕන හෙට හයි කරාම. :yes:
    after ඒවනං තියනවා, before එකක් හොයාගන්න තමයි අමාරු