66 වෙනි බ්‍රැඩ්බි ශූරතාවය රාජකීය කණ්ඩායමට

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    66 වෙනි බ්‍රැඩ්බි ශූරතාවය රාජකීය කණ්ඩායමට

    66 වෙනි බ්‍රැඩ්බි ශූරතාවය රාජකීය කණ්ඩායමට

    ජුනි.26- 2010 බ්‍රැඩ්බි පළිහ ජය ගැනීමට කොළඹ රාජකීය කණ්ඩායම අද සමත් විය.

    ඒ මහනුවර ත්‍රිත්ව කණ්ඩායම සමග පැවති දෙවෙනි තරගය ලකුණු 34 ට 17 ක් ලෙස ජය ගනිමිනි.

    66 වෙනි බ්‍රැඩ්බි ශූරතාව සදහා වූ දෙවෙනි තරගය අද මහනුවර නිත්‍යවෙල ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

    තරගය ආරම්භයේ සිටම උණුසුම්ව පැවති අතර පළමු මිනිත්තු 30 අවසන් වනවිට කණ්ඩායම් දෙකම සම සමව ලකුණු ලබාගෙන තිබුණි.

    ඒ ලකුණු 12 ට 12 ක් ලෙසිනි.

    කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 17 ට 12 ක් ලෙස පෙරමුණ ගැනීමට මහනුවර ත්‍රිත්ව කණ්ඩායම සමත් විය.

    පළමු අර්ධයේදි ත්‍රිත්ව ක්‍රීඩකයින් ගෝල උත්සාහක දිනුම් 2 ක් සමගින් ලකුණු 17 ක් රැස් කළේය.

    ප්‍රතිවාදි රාජකීය කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් පළමු අර්ධයේදි ගෝල 12 ක් රැස් කිරීමට සමත්විය.

    තරගයේ පළමු අර්ධයේදි පසුපසින් සිටියද දෙවෙනි අර්ධයේදි සුපිරි ලෙස ක්‍රීඩා කිරිමට රාජකීය කණ්ඩායම හැකිවිය.

    ඔවුන් දෙවෙනි අර්ධයේදි රැස් කළ ලකුණු සංඛ්‍යාව 22 කි.

    නමුත් ත්‍රිත්ව කණ්ඩායමට දෙවෙනි අර්ධයේදි කිසිදු ලකුණක් රැස් කිරිමට නොහැකි විය.

    ඒ අනුව 34 ට 17 ක් ලෙස රාජකීය කණ්ඩායම එහි දෙවෙනි අර්ධය ජය ගත්තේය.

    තරගාවලියේ පළමු තරගය කොළඹ රාජකීය කණ්ඩායම 38 ට 37 ක් ලෙස පසුගියදා ජය ගත්තේය.

    රාජකීය කණ්ඩායම අඛණ්ඩව දෙවෙනි වරටත් මෙවර බ්‍රැඩ්බි ශූරතාව හිමිකර ගත්තේ සිය36 වෙනි

    බ්‍රැඩ්බි ශූරතා ජයග්‍රහණයද සටහන් කර ගනිමිනි.
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    thanx for the post bro.........im a royalist ,thanx a lot,