මාස් තුරුලිය බං බ්‍රැන්ඩික්ස් නෙමේතුල්ටෙක්ස් අන්තිමේ බ්‍රෑන්ඩික්ස් වුනා...
අප්පච්චිට තිබුනා ලැම්බ්‍රෙටා ස්කූටර් එකක්. සුදු පාට. මුලු පලාතටම තිබ්බෙ හතරයි. පාරෙ යනකොට මිනිස්සු පාරට එනව බයික් එක බලන්න. පොඩි කාලෙ හෙන ගැම්මෙං ගියේ ..මේ පෝස්ට් එක දැක්කම ඇහැට කඳුලු ආවා.ඒ කාලෙ මේරට කොච්චර සුන්දරද? යාරය රු.2.12ට තිබුනු චීත්ත වලින් අපේ අමිම මට ෂර්ට් මහල දීල තියෙනව.සිංහළ අවුරුද්දට අනිවාර්යයෙන්ම චීත්ත සරමක් ලැබෙනව.ඒ කාලෙ අපේ රට ලෝකයට ණය නැහැ.
උපාලි පියට් කාර්එක ලැම්බ්‍රෙටා ස්කූටරය මතක් වෙද්දි ජේආර් ගෙ වලටත් හෙනගහපන් කියල හිතෙනව.මම දන්න හැටියට ඒ කාලෙ අවම මාසික වැටුප රු.180යි.මිනිස්සු ණය නොවී කාල බීල හිටිය.ඉරිදට රැකියා කරන හැම දෙනාම ගෙදර. අද තත්වය එහෙමද? ඒ තත්වය අද දක්වා තිබුනනම් මේ රට යුරෝපයට දෙවැනි වෙන්නෙ නැහැ ..
දැං මාස් එක ඔය යස අගේට කරගන යන්නෙ පාඩු නොලබඒ කාලේ ලෝක අර්ටික model එකට ඕවා ගැපුනාට අද නිබුනන්නම් ඕවත් පාඩු ලබන ආයන්තන. කොච්චර කීවත් මේ දුපත් මානසික බයියන්ට ලෝක ආර්ථියක තුල රටක ආර්ථිකය ගොඩනගාගන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නෑ.
Lankawe thread/yarn manufactures la ne okkoma importedMAS එකේ නූල් හදන්නෙ නෑ නෙද. import කරලා knitting කරන එක විතරනේ කරන්නේ

ඉතින් ඔයාගේ ප්‍රකාශය තුලම උත්තරේ තියනව නේ බන් ... මේක මුළු ලිපියම කියවලා බලපන් මුලින්ම !දැං මාස් එක ඔය යස අගේට කරගන යන්නෙ පාඩු නොලබ
Lankawe thread/yarn manufactures la ne okkoma imported![]()
ඒ කාලේ ලෝක ආර්තික model එකට ඕවා ගැපුනාට අද නිබුනන්නම් ඕවත් පාඩු ලබන ආයන්තන. කොච්චර කීවත් මේ දුපත් මානසික බයියන්ට ලෝක ආර්ථියක තුල රටක ආර්ථිකය ගොඩනගාගන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නෑ.
naturub එකත් රටින් නේද ගේන්නෙNaturub Exports Intenational
මේකේ කරනවා. MAS එකට එහෙම ගන්නේ මේකෙන්.
![]()
කපුත් වවලා තමයි ෆැබ්රික් හදලා EXPORT කරලා තියෙන්නේ.
------ Post added on Nov 10, 2024 at 11:01 PM
කපු ගෙන්නලා හදන්නේ අහලා තියෙන විදිහට.naturub එකත් රටින් නේද ගේන්නෙ
කෙලින්ම කපු වලින් නුල් හදන්නෙ නෑ නේද
මන් එකපාරක් ෆැක්ට්‍රියට ගියාට production ඇතුලට යන්න උනේ නෑ. clothing accessories තමා කරනව කිවුවෙ
oke ASS seen on televison ekai ape ewun baluwe![]()
දැන් තමයි තේරෙන්නේ මේවා විදේශ කුමන්ත්‍රණ වල ප්‍රතිපල කියල.![]()
Seriously..! Surprise to see the comments..ඒ කාලේ ලෝක ආර්තික model එකට ඕවා ගැපුනාට අද නිබුනන්නම් ඕවත් පාඩු ලබන ආයන්තන. කොච්චර කීවත් මේ දුපත් මානසික බයියන්ට ලෝක ආර්ථියක තුල රටක ආර්ථිකය ගොඩනගාගන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නෑ.
ඉඳපන් අහන්න වැඩ කරන එකෙක්ගෙන්.කපු ගෙන්නලා හදන්නේ අහලා තියෙන විදිහට.
අහපු කතාවක් මතකයි මට මතක විදියට බොරැල්ලෙ හරි මොකක් හරි හන්දියක ඇගේ වෛරය ආපු කාලෙ ලොකු බෝඩ් එකක් ගහල තිබ්බලු Film එකෙ Advertising ....
ඉතින් එතන ටික දවසක් යද්දි Traffic, Accidents වැඩි උනාලු .... හේතුව හොයන් ගියාම සිංහලු එතන වාහන ටික හිට්ටෝගෙන අර බැනර් එක දිහා බලන් ඉන්නබලුඊටපස්සෙ අයින් කරාලු
පත්‍තර කෑලි දිහා අත මරපු ආදි සිහලුන්ට ඒක හෙන Magic වගෙ වෙන්න ඇති නෙ ඉස්සර ... අපිට නිකන් First time Porn බලනව වගෙ Feel එකක් එන්න ඇති
සිරා සිද්ධියක්
හරියටම place මතක නැ
Thultex Fabrics වෙළඳ දැන්වීම - 1984
නිෂ්පාදනය - Tele-Cine Team
අධ්‍යක්ෂණය - ඩී බී සුරනිමල
ගායනය - මාලිනී බුලත්සිංහල
තනු නිර්මාණය - ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය - කේ ඩි කේ ධර්මවර්ධන
පසුමිබ් කථනය - ඉන්ද්‍රා රාමනායක මහත්මිය
නිරූපණය - විශාකා සිරිවර්ධන, තමාරා සුබ්‍රමනියම්, අකුෂ්ලා සෙල්ලයියා
ආභාෂය - Kishore Kumar - Ekla Chalo Re Song - 1981
ආසියාවේ විශාලතම පෙහෙකම් හල උනේ තුල්හිරිය පෙහෙකම් හලය. තුල්හිරිය රෙදි කම්හල ජර්මනියෙන් ලංකාවට ලැබුණු තෑග්ගකි. Thultex යනු Vertex සහ Putex සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෙදිපිළි සමාගම් තුනෙන් එකකි. අපනයනය සඳහා කපු නිෂ්පාදනය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරමින් මෙම සමාගම් ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. මෙම රෙදිපිළි කම්හල මුලින්ම කපු නූල් නිෂ්පාදනය කරන කපු බේල් වෙතින් වේ. ඉන්පසු කපු නූල් වලින් රෙදි විවීම සිදු කරයි, ඉන්පසු රෙදි මුද්රණය කිරීම සිදු කරයි. කපු වගා කලේ හම්බන්තොට ප්‍රදේශයේය. 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වන තෙක් ශක්තිමත් දේශීය රෙදිපිළි ආර්ථිකයකින් මෙම යුගය සනිටුහන් වූ අතර එය මෙම කර්මාන්තවලට අහිතකර ලෙස බලපෑවේය.
පෙහෙකම් හල පිළිබද ෆේස්බුක් කමෙන්ට් කිහිපයක් :
අමල් අත්තනායක - ඒ කාලේ ලංකාවම සලිත කරපු ඇඩ් එක තමයි තුල්ටෙක්ස් ඇඩ් එක.අඩනිරුවත් කෑල්ලක් දාලා ගහපු පලමු ඇඩ් එක මං හිතන්නෙ..අපි එකල පොඩි උන් උනාට මේක TV එකේ ගිය දවසේ අනිත් පහුවෙනිදා මේ ගැනමයි කතා කරේ.අර වෙරළේ ඇවිදින තරුණියන්ගේ කලවා පේන්න රෙද්ද උඩ යන කෑල්ල ගැන පත්තරවලත් ලිවුවා සමහරු..
මොනා උනත් ඒක හරි සුන්දර ඇඩ් එකක්..ඒ කාලේ මේක බලලා තුල්ටෙක්ස් රෙදි විකුණුනා මාර විදිහට..අපේ කාලේ සෙට් එකට මේක අමතක නොවන ඇඩ් එකක්.... දුක හිතෙන කෑල්ල තමයි මේ තරුණියන් තුන් දෙනාගෙන් එක් අයෙක් අද ජීවතුන් අතර නොමැති වීම..ඒ විශාකා..මේ ගීතය ගායනා කරන මාලණී බුලත්සිංහලත් අද අප අතර නෑ.. අද තුල්ටෙක්ස් තියා ඒවා හදපු තුල්හිරියත් නෑ ලස්සන ඇඩ් එක විතරයි ඉතුරු අපිට.... මේක හරි ලස්සන ඇඩ් එකක්....
Bernard Silva - මුලින්ම අපේ තුල්හිරිය රෙදි මෝල පිළිබඳ මතකය අවදි කළ නදීනා දහනායක මහත්මියට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මාලනී බුලත්සිංහල ගීතය ගායනා කරන අතර ක්ලෙරන්ස් විජේවර්ධන සංගීතය සපයා ඇත. ඇත්තටම තුල්හිරිය ඉතා අලංකාර ඇඳුම් නිෂ්පාදනය කළා. තුල්හිරියා රෙදි වලින් කාන්තාවන් වඩාත් ලස්සන වන බව දැන්වීමත් සමඟ ඉතා පැහැදිලිය. තුල්හිරිය රෙදි කම්හල ජර්මනියෙන් ලංකාවට ලැබුණු තෑග්ගකි. ජර්මානු විශේෂඥයන් සමඟ මෙම රෙදි මෝල ගේන්න අපි මහන්සි වුණා. මෙම රෙදිපිළි කර්මාන්ත ශාලාව රෙදිපිළි සංකීර්ණයක් විය. මෙම රෙදිපිළි කම්හල මුලින්ම කපු නූල් නිෂ්පාදනය කරන කපු බේල් වෙතින් වේ. ඉන්පසු කපු නූල් වලින් රෙදි විවීම සිදු කරයි, ඉන්පසු රෙදි මුද්රණය කිරීම සිදු කරයි. මම විශ්වාස කරනවා එය 60 00 ක වැඩ ධාරිතාවක් තිබුණා. අවාසනාවකට දේශපාලනය සහ දූෂණය නිසා තුල්හිරිය රෙදි කම්හල බංකොලොත් වුණා. ඊට පස්සේ 2002 දී විතර රෙදි කම්හල වැහුවා. මම රෙදි මෝලෙන් අයින් වෙලා 1979 පිටරට ගියා. දැනට ලැබෙන තොරතුරුවලට අනුව තුල්හිරිය රෙදි මෝල් නැවත විවෘත කර නිෂ්පාදන කටයුතු මාස් හෝල්ඩින් ආයතනය විසින් සිදු කරන ලදී.
Nimal Jayathilaka - අපි ඉස්කොලෙ යද්දි සාප්පුවෙන් ඉල්ලන්නෙම පූගොඩ කහ ඉර කලිසම් රෙද්ද ඒ ගැන ඉතින් කියල වැඩක් නෑ ජේ ආර් නම්වූ කාලකන්නි පාලකාය අපේ රටට කල විනාසය .කවදාවත් අපේ රටට ගොඩ ඒමක් නෑ අපේ මෝඩ මිනිස්සුන්ට බඩ ලොකුකරගෙන දීපු චන්දයක ප්‍රතිපල තමයි මේ.කොස්ගම තුනීලෑලි ඔරුවල වානේ සිමෙන්ති කම්හල් කීයක්ද කඩදාසි කම්හල් කීයක්ද සීනි කම්හල් කීයක්ද තවත් නම් කොයිතරම් දේවල් විනාස කරාද.
Gotabhaya Gunathilaka - ජේ.ආර් ගෙ ඇට අටට වශීවෙලා බලයට පත්කරල,ඒ පරය ව්වෘත්ත ආර්ථියය ගෙනල්ල කරපු විනාශය.රටම ආගාධයට ඇදල දැම්ම විතරක් නෙවෙයිඒව විඳවනව අදටත්.හෙටටත්.
Dukaa - මම දන්න විදිහට බොහේම කාලෙකට කලින් වේයන්ගොඩ පෙහෙකම්හලත් . . . තුල්හිරියේ පෙහෙකම්හලත් . . . . රජයට අයිතිව තිබූ පේෂකර්මාන්ත ශාලා දෙකක් . . . දැන්නම් මා දන්න තරමින් දෙකම වහල දාලා . . . නමුත් පසුගිය දවසක පුවත්පතක මා දුටුවා ඒවා නැවත රජයට පවරාගෙන . . . යලිත් විවෘත කරන්න අදහසක් තියෙනවා වගේ පුවතක් . . . මේ වෙළඳ දැන්වීම මට යලි සිහිකැඳවන්න ඒ පුවතත් හේතු සාධක වූවා විය හැකියි . . . ! වේයන්ගොඩ පෙහෙකම්හලේ "වේටෙක්ස්" රෙදිත් . . . තුල්හිරියේ පෙහෙකම්හලේ "තුල්ටෙක්ස්" රෙදිත් අපූරු නිමාවෙන් යුතුවූ . . . ලස්සන ලස්සන මෝස්තර වලින් සපිරුනු ඒවා බව මගේ මතකයේ රැඳී තියෙන්නේ මගේ ආදරණීය අක්කා ඒ කාලයේ ඒවායින් මැසූ ගවුම් ඇඳි බවට මගේ සිතේ ඇති මතකය විය හැකියි . . . ! ඇත්තෙන්ම මම ගොඩක් පුංචි එකා සංදියේදි තමයි මේ වෙළඳ දැන්වීම රසවින්ඳේ . . . මට පුංචි සංදියේ ඉඳන් . . . හොඳ ගීත රසවිඳින්න මගේ ආදරණීය අම්මා මට උගන්වා තිබුනු නිසා . . . උසස් පදමාලාවකිනුත් . . . මියුරු තනුවකිනුත් . . . ටී. එම්. ජයරත්න මහතාගේ ළගන්නා ස්වරයත් සම්මිශ්‍රනය වූ මෙය මගේ හිතේ රැඳී තිබුනා වියත් හැකියි . . . ! ඒ හැමදේටම වඩා මේ වෙළඳ දැන්වීමට පෙනී සිටි යෞවනියන්ගේ සොඳුරු රූ සපුවත් . . . ඉරිඟු පැහැති බඳත් . . . ඇත්දළ පැහැති පායුගත් . . . වල තිබූ ආකර්ශනීය බව . . . එකල පුංචි එකෙක් වුවත් . . . මනුශ්‍යත්වයට ආවේනිකවූ රාගනිශ්‍රිත ආශාව විසින් මෙහෙයවනු ලැබූ යම්කිසි මනෝභවයක් හේතුවෙන් මේ ගීතය අඩංගු වෙළඳ දැන්වීම මගේ මතකයේ රැඳුනා විය හැකියි . . . ! එකල කුඩා එකෙක් වූ මා . . . මටම සුවිශේෂී වූ ගී පද රාශියක් මතක ගබඩාවේ තැන්පත් කරගැනීමේ හැකියාවට පින්සිදුවෙන්න . . . මේ ගීතය කටපාඩම් කර ගත්තා වුවත් . . . අද දින වැඩිහිටියෙකුවූ මා මේ ගීතයත් . . . එයට අල්ලා තිබූ රූප පෙළත් . . . මනසින් රසවිඳින්නේ . . . . සියුම් අනුරාගික රසයක්ද සමඟින් . . . . !
ළඳුනේ සතුටු සිතින් . . .
පාට පාට මාල බඳින්නේ . . . .
ළඳුනේ සතුටු සිතින් . . .
පාට පාට මාල බඳින්නේ . . . .
කෝමල නාරී ගමන ළතාවේ . . .
මුවගේ . . .
සිනහා සිරි දෙව්දුව බැබලෙනවා . . .
දේදුනු පැහැය ඇගේ . . .
මුදු බඳ වට දැවටෙනවා . . .
ඇගේ මුදු පාදේ ගිගිරි සැලෙන්නේ . . .
ළඳුනේ සතුටු සිතින් . . .
පාට පාට මාල බඳින්නේ . . . .Source 1 | Source 2 | Source 3 | Source 4
Thultex Fabrics Advertisement

ඒ කාලේ ලෝක ආර්තික model එකට ඕවා ගැපුනාට අද නිබුනන්නම් ඕවත් පාඩු ලබන ආයන්තන. කොච්චර කීවත් මේ දුපත් මානසික බයියන්ට ලෝක ආර්ථියක තුල රටක ආර්ථිකය ගොඩනගාගන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නෑ.

නැචුරබ් එකේ නෙමෙයි. උන් මැටීරියල් ගෙන්නලා නූල් හදන්නේ.ඉඳපන් අහන්න වැඩ කරන එකෙක්ගෙන්.