800 ( මුරලිගේ කතාව) movie ❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,819
    39,767
    113
    Homagama
    මුරලි! මම හිතන්නේ මොන රටේ උනත් ක්‍රිකට් පිස්සෙක්ට කවදාවත් අමතක නොවන නමක්! මුරලි කියන්නේම ක්‍රිඩකයෙක් වගේම ක්‍රිකට් පිස්සෙක්!
    MV5BM2UwMjRmNDEtODkxMi00ODg3LTkxODQtZDJkYTNkMGQ5N2Y1XkEyXkFqcGdeQXVyMTU0ODI1NTA2._V1_FMjpg_UX1000_.jpg


    මුරලි ගැන ෆිල්ම් එකක් එද්දි දෙඩිගියාවක් තිබුනා. කොහොම වෙයිද කියලා. මුරලිගේ ජිවිත කාලේම වගේ අපි දැකලා තියනවා. ක්‍රිඩා කරනවා දැකලා තියනවා. චක් කරනවා කියනවා දැකලා තියනවා. Wc දිනනවා, රොස් එමර්සන් එදා පිට්ටනියේ කරපු බුල ලයිව් tv එකේම දැකලා තියනවා. ඉතින් සැහෙන අඩමානයක් තිබ්බා.

    නමුත් ෆිල්ම් එක බැලුවාම පට්ට දුකක් ආව ඇයි මට මේක ෆිල්ම් හෝල් එකක බලාගන්න බැරි වුනේ ඇයි කියලා. අනේ මට මේක හෝල් එකේ බලන්න තිබ්බ නම්. ඒ තරම් කතාව වැදුනා. පට්ටයි.

    හැම පැත්තම බැලන්ස් කරලා ලෙසට කරලා තියනවා. ලංකාවේ ජිවිතකතා හදනවා වගේ චොර ඩොකියුමන්ට්‍රි ගතිය මේකේ නැ. බලන්ඉන්න පුලුවන් විදිහට ලස්සනට ගලා යනවා.

    ඔයාලත් පුලුවන් නම් බලන්න.
    මිස් කරගන්න එපා.

    1tamilmv ටොරන්ට් සයිට් එකේ තියනවා. සිනෙරු එකේ සිංහල සබ් තියනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    ආර් කෙලිගෙ සින්දු අහන අය ඌ කවුද කියල දැනගත්තට පස්සෙ අහන එක නැවැත්තුව. මාත් ප්ලේ ලිස්ට් එකෙන් අයින් කරා.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කතාවෙ තැන් දෙකකදි ඇරෙන්න අනිත් ටික හොඳයි මට නම්.

    1. කොළඹදි practice කරන්න යද්දි පාරෙ හමුදාවෙන් පාරෙ දණගස්සවන එක.

    2. උතුරට ගියාම LTTE එකෙන් හරිම ආදරෙන් සලකන එක.

    මේකෙන් 1 සිද්ධිය විතරක් තිබුණා නම් ඒක ගැන මට ගැටලුවක් නෑ. මොකද යුද්ධෙ කාලෙදි බෝම්බ පිපිරෙන කාලෙදි ID නැත්නම් කාවවත් හුරතල් කරේ නෑ checkpoint වලදි. සිංහල මිනිස්සුන්ටත් පැය ගණන් රස්තියාදු වෙන්න වුණා කොළඹදි. දෙමළ නම් කොහොමත් හිරිහැර වලට අහුවෙනවා

    2 නි සිද්ධිය ඇත්තටම එහෙමද? මුරලි තමන්ගෙ ජාතියෙ කෙනෙක්ව වගේ උතුරෙදි ආදරෙන් පිලිගත්තාද? World Food Program එකේදි මොනවාද ඇත්තටම වුණේ කියලා මං දන්නෙ නෑ. ඒත් හිතන්න අමාරුයි ඔච්චර සුන්දරයි කියලා.

    මට තේරුණේ ලංකාවේ හමුදාව අමානුෂිකයි, LTTE එක ඊට වඩා හොඳයි කියලා ලෝකෙට පෙන්නන්න පොඩි මහන්සියක් වෙලා කියලා. සමහර වෙලාවට මේ කාලේ රැල්ල තියෙන්නෙ හමුදාවට විරුද්ධ වුණාම පොරක් වෙන්න පුලුවන් කියලා හින්දා කාටවත් අවුලක් නැතුව ඇති 🤷‍♂️