82 අඩවියෙන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,266
    113
    44
    Living in an Atom
    82 අඩවියෙන් තවත් සත්කාර්‍යයක්...

    "අනේ හාමුදුරුවනේ දරුවට බෙහෙත් ටික කරගන්න මටයි දරුවටයි සතියක් විතර නවාතැන් ගන්න පුළුවන්ද ?"
    "පුලුවන් උපාසකම්මේ,දරුවට මොකද කිව්වේ හොස්පිට්ල් එකෙන්?"
    "ඉන්ජෙක්ෂන් කෝස් එකක් තියෙනවා කිව්වා අපේ හාමුදුරුවනේ "
    "උපාසකම්මටයි, දරුවටයි මෙහෙ නතර වෙන්න පුලුවන් ..උදේ දවල් රාත්‍රි කෑම බීම මෙහෙන් ගන්න පුලුවන් ..
    "ගාස්තුව කොහොමද අපෙ හාමුදුරුවනේ ?"
    "අපි මුදල් අය කරන්නේ නෑ උපාසකම්මේ ,තව දරුවට අවශ්‍ය අඩුපාඩු තියෙනවා නම් කියන්න ..
    මේ අතර කලබලයෙන් තවත් කෙනෙක් දුවවිත්..
    "අපේ හාමුදුරුවනේ දරුවට හොඳටම අමාරුයි "
    පොඩි සාදු වටාපත රැගෙන ඉක්මන් ගමනින් රෝහල වෙත පිය නගයි..දරුවාට පිරිත් දේශනා කරමින් සෙත් පතයි..ටික වේලාවකින් දරුවා මෙලොව හැර යයි ..
    ඔවුන්ගේ ගම අනුරාධපුරය ..දරුවාගේ මෘතදේහය අනුරාධපුරයට රැගෙන යාමටවත් ඔවුනට වත්කමක් නැත..ඒ පසුගිය කාලයේම දරුවාගේ අසනීපය වෙනුවෙන් තිබූ සේසතම වියදම් කල නිසාවෙනි.
    "හාමුදුරුවනේ,අපිට දරුවාගේ අවසන් කටයුතු කරගන්නවත් විදියක් නෑ"මහත් අසරණව ඔවුන් පැවසූහ.
    ඔවුනට දරුවාගේ දේහය තැන්පත් කිරීමට මිනී පෙට්ටියක්ද ලැබුණි..සමූපකාර මල් ශාලාවේ දේහය තැන්පත් කොට පාංශකූලය සිදු කොට ඉතාමත් චාම් අයුරින් අවසන් කටයුතු සිදු කෙරිණි ..
    ඔබ දන්නවාද මේ සෑමදේම සිදු කරන පින්වන්ත ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ කාර්‍ය මණ්ඩලයක් සිටින ස්ථානයක් මහරගම අපේක්ෂා රෝහල සමීපයේම තියෙනවා ..ඒ "සුව මංසල" අපේක්ෂා රෝහල් විහාරස්ථානය ..
    එතනට පැමිණ නේවාසිකව සිටින සියලුම රෝගීන්ට ,රෝගියා බලාගැනීමට සිටින අයට අවශ්‍ය සෑමදේම නොමිලේ මෙම විහාරස්ථානයෙන් සැපයෙනවා.. රෝගීන් 100 ක් පමණ එහි සිටිනවා. ඒ සෑම දෙනාටම අවශ්‍ය දේවල් සැපයෙන්නේ පින්වත් දායකයන්ගේ උදව් උපකාර වලින්.
    ඉතින් ඔයාලටත් පුලුවන් එතනට දුර බැහැරින් පැමිණෙන අසරණ නේවාසික රෝගීන්ට ඔබට හැකි අයුරින් පිළිසරණක් වෙන්න.

    ඔවුනට අවශ්‍ය දේවල් ....

    අසමෝදගම් බෝතල්
    සර්ජිකල් ග්ලව්ස්
    ඕඩික්ලෝන්
    සමහන්
    පෙනඩීන්
    ප්ලාස්ටර් (Non Allergic )
    සර්ජිකල් මාස්ක්
    පැම්පස්
    සනීපාරක්ෂක තුවා
    විම් කැට
    ලයිසෝල්/හාපික්
    ඩෙටෝල්
    ගාර්බේජ් බෑග්
    විම් ලික්විඩ්
    රෙදි සෝදන කුඩු
    මොප්
    කොසු
    දත් බෙහෙත්
    දත් බුරුසු
    සබන්
    තේ කොළ
    කිරි පිටි
    සීනි
    ෆ්‍රෙෂ් මිල්ක්
    බිස්කට්
    ගම්මිරිස් ඇට /කුඩු
    උම්බලකඩ
    ගොරකා
    සියඹලා
    අබ
    ලුණු කුඩු/කැට
    කුරුඳු පොතු
    එනසාල්
    කරාබු නැටි
    කහ
    මිරිස් කුඩු
    කෑලි මිරිස්
    උලුහාල්
    සූදුරු/මාදුරු/කොත්තමල්ලි ඇට හෝ කුඩු
    බැදපු තුනපහ /අමු තුනපහ
    කුරක්කන් පිටි
    කිතුල් පිටි
    සව්
    හීනටි හාල්
    පාන් පිටි
    මුං ඇට
    කව්පි
    කඩල
    පපඩම්
    සෝයාමීට්
    සැමන්
    මාමයිට්
    සහල් (සම්බා/නාඩු/සුදු කැකුලු )
    පරිප්පු
    නූඩ්ල්ස්
    ඉඳිආප්ප පිටි
    පොල්තෙල්
    පොල්
    කරවල/හාල්මැස්සෝ
    අල
    රතු ලූණු /රට ලූණු /සුදු ලූණු

    මෙම කටයුත්ත සිදුකිරීම අගෝස්තු මස 20 වන ඉරු දින යොදාගෙන ඇත...
    එම නිසා අගෝස්තු මස 18 හෝ ඊට පෙර ඔබගේ පරිත්‍යාගයන් ලබා දෙන්න...
    🙏

    වැඩි විස්තර සදහා :-



    Erandi Dissanayake
    Dilini Amesha Alwis
    Sujani Rajapaksha
    Rashmika Ratnayake
    Manuja De Zoysa
    Dheeshana Wijesooriya ව සම්බන්ධ කරගන්න....
     
    • Like
    Reactions: neo7x

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    ඔය පන්සල ඇත්තටම පන්සලක්
    . පුලුවන් අය උදව් කරන්න.

    P.S. අපි donations වලින් MRI දෙන්න යන්නේ CH එකට.