පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීමේ පිංකමට දායක වන්නට ඔබටත් අවස්ථාවක්.. ගොඩක් දෙනෙකු විමසු ප්‍රශ්නයට පිළිතුරු...
පිළිකා රෝහලට ඔබේ කෙස් කළඹ දන් දීම සඳහා තිබිය යුතු සුදුසුකම්...
පිළිකාවක් යන්න ඇසූ පමණින් ඇතැමුන් බියට පත්වෙති. නමුත් කලින් හඳුනා ගැනීමෙන් සුව කළ හැකි පිළිකා අතර පියයුරු පිළිකා, මුඛ පිළිකා මෙන්ම තවත් පිළිකා වර්ග කිහිපයක්ම ඇත.
පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ කෙස් කළඹ බොහෝ විට අහිමිවීමට සිදුවීම රෝගියා මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වේ. එවැනි තත්ත්වයකට කාන්තාවන් මුහුණදීමේදී සත්තකින්ම ඔවුන් ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වන අතර මානසිකව බිඳ වැටීමකට පවා ලක්වේ. එයට විකල්පයක් ලෙස ඇතැමුන් වෙළඳපොළෙන් මිලට ගත හැකි ‘විග්’ භාවිත කළ ද එහි ඇති අස්වාභාවිකභාවය නිසා නොගැළපීමක් ද සිදුවේ.
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී මෙන්ම කොණ්ඩා නිර්මාණ ශිල්පී ලලිත් ධර්මවර්ධන මහතා විසින් මෙම පරිත්‍යාග කළ හිස කෙස්වලින් විග් ‘කෙස් කළඹ’ නිර්මාණය කිරීම සිදු කෙරේ. වෙළෙඳපොළේ එක් ලක්ෂ අනූදහසක ඉහළ අගයක් ගන්නා මෙම ස්වභාවික ‘විග්’ සකස් කිරීම ලලිත් ධර්මවර්ධන මහතා විසින් ඉතා අඩු සහනදායී මුදලකට ලබා දෙන අතර ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹ සකස් කිරීමේ හැකියාව ඇති සහ තාක්ෂණික දැනුම ඇති ශ්‍රී ලංකාවේ එකම සැලසුම් ශිල්පියා වන්නේ ද ඔහුය.
එක් කෙස් කළඹක් සැකසීම සඳහා පරිත්‍යාගශීලීන් 12 - 15 අතර පිරිසකගේ හිසකෙස් අවශ්‍ය වේ.
මෙතෙක් ස්වභාවික හිස කෙස් ඉන්දියාවෙන් ආනයනය කරන ලද අතර මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව කෙස් කළඹ අහිමි වූ පිළිකා රෝගීන් උදෙසා ස්වකීය හිසකෙස් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන්ට අවස්ථාව සැලසේ. මෙම පිළිකා රෝගය වැලඳුන අයට තම හිසකෙස් පරිත්‍යාග කිරීම සඳහා කැමැත්තක් දක්වන කාන්තාවන් සිටී නම්...
පිළිකා සරණ භාරයට අමතා සියලු විස්තර දැනගත හැක.
හිසකෙස් ප්‍රදානය කරන්නන්ගේ හිසකෙස් අවම වශයෙන් අඟල් 12 ක් වත් දිග විය යුතුය.
පරිත්‍යාග කිරීමට පෙර තෙල්, හෙයා ස්ප්‍රේ, ජෙල්, මූස් හෝ වෙනත් ආලේපනවලින් තොරව පිරිසිදුව තිබිය යුතුය.
කොණ්ඩය දන්දීමට දිනකට පෙර හිසකෙස් සෝදා පිරිසිදු කර කිසිම හැඩ ගැන්වීමකින් තොරව තබා ගන්න.
කැපීමට පෙර හිස කෙස් වියළිව තිබිය යුතුය.
හිසකෙස් පෝනිටේලයක් ලෙස හෝ ගොතා තිබිය යුතුය.
වර්ණ ගන්වන ලද පර්ම් කරන ලද හිසකෙස් භාර නොගැනේ.
පැසුණු හිසකෙස් පිළිගනු නොලැබේ.
ලේයර් කරන ලද කෙටිම කොටසේ දිග අඟල් 8 ක් වේ නම් පරිත්‍යාග කළ හැක.
කැරලි ගැසුණු කෙස් අඟල් 8 ක් වත් දිගුව තිබිය යුතුය.
පිළිකා රෝගීන් වෙනුවෙන් නොමිලයේ සිදු කරනු ලබන මෙම සත්කාරය ඇගයීමටත්, පිළිකා රෝගීන් සිටින පවුල්වල සාමාජිකයන් ගේ දැනගැනීම පිණිසත්, මෙය Share කිරීමෙන් ඔබත් කුසලමය පිංකමක් සිදු කර ගන්න.
මේ සඳහා වෙනත් කිසිදු කෙනෙක් හෝ ආයතනයක් සමඟ සම්බන්ධව නොවන්න..
පහත දැක්වෙන අංක වලට කථා කිරීමෙන්, ඔබට අවශ්‍ය ආධාර ලබාදිය හැකි අතර, ඒ සඳහා මා සමඟ සම්බන්ධ නොවන්න. මෙහි දැක්වෙන දුරකථන අංකයට කථා කරන්න..
පිළිකා සරණ භාරයේ දුරකථන අංකය 0112363211
මහරගම අපේක්ෂා රෝහල,
දුරකථන අංකය 0112850253
වැඩි විස්තර සඳහා.. https://g.co/kgs/Tv8F77
තවද මේ ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය දායකත්වය ලබාදීමට ද ඔබට හැකියාවක් ඇත.
Apeksha Hospital - Maharagama
National Cancer Hospital - Maharagama
පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබේ කොණ්ඩය දන්දීම විශේෂිත වූ පිංකමකි. මේ විස්තරය යාලුවන් අතර බෙදා හරින්න..
ඔයාට හැකියාවක් නැති වුනත් ඔයා share කරපු මේ post එක දැකල වෙන කෙනෙක් හරි කෙස් දන් දුන්නොත් ඒ පිනත් ඔබට ලැබෙයි.
තෙරුවන් සරණයි !