87 හැවිරිදි මව අභිරහස්‌ ලෙස මියගිහින්

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    87 හැවිරිදි මව අභිරහස්‌ ලෙස මියගිහින්

    87 හැවිරිදි මව අභිරහස්‌ ලෙස මියගිහින්

    හොරණ - විධුර විජයනාථ

    අභිරහස්‌ අන්දමින් මියගොස්‌ සිටි අසූහත්හැවිරිදි අටදරු මවකගේ මළ සිරුරක්‌ ඊයේ (18 වැනිදා) දහවල් මොරගහහේන පොලිසිය විසින් සොයාගෙන ඇත.

    තම නිවසේ තනියම ජීවත්ව ඇති මෙම වයස්‌ගත මවගේ මළ සිරුර නිරුවත් කර තිබී ඇති අතර කිසියම් පුද්ගලයකු ඇය අපහරණය කර මරා දැමුවේද යන්න සැක පහළකරන බවද පොලිසිය කියයි.

    හොරණ වැඩබලන මහෙස්‌ත්‍රාත් පුෂ්පා කන්නන්ගර මහත්මියද සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය පැවැත්වූ අතර සිරුර පානදුර අධිකරණ වෛද්‍යවරයා වෙත භාරකර වෛද්‍ය වාර්තාවක්‌ ලබාගෙන හොරණ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළාය.


    ආච්චිලාටත් ගේම දෙන එවුන් බන් මේ රටේ ඉන්නේ