පත්රිකාව සම්මතයි..
February 1, 2021 at 8:37 pm | lanka C news
කොළඹ වරාය සම්බන්ධයෙන් නව උපාය මාර්ගික වැඩසටහන ඇතුලත් කැබිනට් පත්‍රිකාව මීට ටික වේලාවකට පෙර ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
එම කැබිනට් පත‍්‍රිකාව එහිදී ඒකමතිකව සම්මත වී ඇත.
එමගින් යෝජනා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය පූර්ණ ලෙස වරාය අධිකාරිය යටතේ තැබීමටත් ඉදිරි වසර තුනක් ඇතුළත එය අධිකාරිය යටත් සංවර්ධනය කිරීමටත්ය.
එමෙන්ම බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට සමග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත්තේ මීට පෙර CICT පර්යන්තය ජාත්‍යන්තර සමාගමකට ලබාදුන් කොන්දේසි වලට යටත්වය.
ඒ අනුව බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට 85%ක් හා ශ‍්‍රී ලංකා රජයට 15%ක් ලෙස සංවර්ධනය කිරීමටද කැබිනට් පත‍්‍රිකාව සම්මත වී ඇත.
17,978 views
39 215
RSS Copyright © 2016 lanka C news
This Copy and Paste
https://lankacnews.com/බුදුන්-වහන්සේ-යක්‍ෂයෙක්/
සියල්ලෝ සතුටින් විසිර යනව විපක්ෂේ උන්දලට හුලං