ලෝකේ තාක්ෂණය කොච්චර ඉක්මනින් දියුණු වෙනවද කියලා මං කාටත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයාලා හැමෝම දන්නවා එදිනෙදා අපි කරන දේවල් තව අවුරද්දක් විතර ගියාම කෙතරම් පහසුවෙන් කරගන්න පුළුවන් යන්ත්‍රෝපකරණ බිහිවෙනවද කියලා.
ඒ එක්කම තමයි තාක්ෂනය දියුනුවත් සමග ලබාදෙන සේවාවන් වල ගුණාත්මක භාවය ද වැඩි කර දීමට බොහෝ දෑ කරනවා. මේ කියන්න යන්නේ ඉන්දියාවේ නිර්මාණය වන අපුරු චිත්‍රපටියක් ගැන.
ඒ තමයි ඉන්දියාවේ ප්‍රසිද්ධ අධ්‍යක්ය වරයෙක්, ප්‍රසිද්ධ සංගීතඥක් වගේම ප්‍රසිද්ධ නළුවෙක් එක්වී කරන විත්‍රපටය වන ROBO 2.0 චිත්‍රපටය. මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නේ අධ්‍යක්ෂ ශංකර් විසින්. ප්‍රධානතම නළුවා කව්රුත් දන්නා රාජිනි කාන්ත්. මෙය ඔහුගේ Robot චිත්‍රපටයයේ දෙවන අධියරක් ලෙසයි නිර්මාණය වන්නේ. ඒ වගේම මෙය දකුණු ආසියාවේ නිර්මාණය වන ප්‍රථම 3D තාක්ෂණයෙන් යුතු චිත්‍රපටය ලෙසද ඉතිහාසගත වෙනවා.
හොඳම හරිය දැනුයි තියෙන්නේ. එනම් මෙහි සංගීත වැඩකටයුතු භාරව සිටින්නේ ඔස්කාර් සම්මාන ලාබී A.R.Rahman හට. මොවුන් විසින් පසුගියදා ඔවුන්ගේ ROBO 2.0 චිත්‍රපටයේ Audio Track එකක් එළිදැක්වූවා. එහි විශේෂත්වය වන්නේ මෙය 8D තාක්ෂනයෙන් නිර්මාණය කර තිබීම.
මං එහෙම කියනවට වඩා ඔයාලම මේ Track එක අහලා බලන්න. හැබැයි අනිවාර්යයෙන්ම headphone එකක් දාගෙන මේක අහන්න. නැත්තම් කොලිටිය තේරෙන්නේ නැහැ.





