90 ගණන් වල ඉපදුන අයගේන් අහන්නේ ?

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    90 ගණන් වල ඉපදුන අයගේන් අහන්නේ ?

    මමත් ඔය category එකේ සාමාජිකයෙක්. මේක මෙහෙම එළකිරි ගත කරන්න හිතුනේ මීට දවස් කීපයකට කලින් මට කන වැටුණු කතාවක්. අපේ පවුලේ කොලඹ හා ගම්පහ පැත්තේ ඉස්කෝල යන මල්ලිලා සහ නංගිලා ටිකක් ඉන්නවා. ඒ ඔක්කොම අදාල ඉස්කෝල වල ශිෂ්‍ය නායකයෝ. ගිය මාසේ ඔය ඉස්කෝල වල පන්ති චෙක් කරනකොට 7, 8 සහ 9 වසර වල ළමයින් ලග තිබිල (කොල්ලෝ ලග) එක එක මත පෙති වගයක් හමු වුනාලු. පන්තියේ අර හොදම එක කියන එක ගාවත් තිබිල. 4 හෝ 5 වගේ තමයි ඒවාට සම්බන්ධ නොවිතින්නේ. එතකොට ඔය කොළඹ අවට කෙනෙක් ඉන්නවනම් මේක කියවන දන්නවා ඇති ඔය කොළඹ ගොඩක් බාලිකා පාසල් අවට තියන ෆාමසි වලට සමහර ගනු ළමයි ඉස්කෝල එවර වෙලා birth control pills අරගෙන යන්න එනවා. සමහර කෙල්ලෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔය අපිට (90 කට්ටියට) පස්සේ එන ඔක්කොම අද කාල හෙට මැරෙනවා වගේ ප්‍රතිපත්තියක ජීවත් වෙන්නේ. ජීවිතේ විදින විදිහ වැරදියි කියල මට හිතෙනවා. කෙනෙක්ට කියන්න පුළුවන් කලේ වෙනස තාලේ අලුත් කියල එත් නිකන් හිතල බලන්න. අද බොහෝ විට ඉස්කෝල පද්ධතිය අවුල් වගේම විශ්ව විද්‍යාල පද්ධතිය පවා අවුල්. අපේ නැන්ද කෙනෙක් වන ගුරුවරියක් එක්තරා පිරිමි පාසලක උගන්වනවා. එහා පන්තියේ ළමයි කගහනකොට ගිහින් නිශ්‍යබ්ද කරාම, පල වේ* යන්න කියල කොල්ලෝ බැනල. එය කියනවා අවුරුදු 25 ගුරු ජීවිතේට අහුනමයි කියල. මේක අපේ රටේ විතරක් නෙමෙයි අනිත් රටවලත් අඩු වැඩි වශයෙන් තියනවා. අපි දැනට ලංකාව ගැන කතාකරමු.
    වෙන රටවල යුනි වල ළමයි research කරන්න වලි කනකොට අපේ එවුන් පාරේ කෑගහනවා. තමුන් යන්නේ කොහෙද කරන්නේ මොකක් ද කියල දන්නේ නෑ.
    අනික ඔය Big Match උප සංස්කෘතිය, උන් පාරේ යනවනම් කමක් නා පාරේ යන වාහන වල Spray Paint වලින් එක එක මගුල් කොටගෙන යන්නේ, වික්ටර් රත්නායකගේ මගුල් අරව මේවා. දැන් ඒ වාහනේ අයිති කාරයට ඕක වතුර ටිකක් ගහන මකා ගන්න පුලුවන්ද? එවගන හිතන්නේ නෑ.
    මම මේ ජාතික දේශනයක් දෙනවා නෙමෙයි. නිකන් හිතන්න 90 අපිට පස්සේ එන පරම්පරාව ටිකක් අවුල් වගේ කියල හිතෙන්නේ නැද්ද? (මම මේ කියන්නේ බහුතරයක් නොවෙන්නත් පුළුවන්. මට ඇහැට දැකපු දේවල් වලින් කියන්නේ. )
    රට සහ මේ ගෝත්‍රික සමාජය දියුණු වෙන්න ඕනේ. හැබැයි මේක Brazil වගේ රටක් වන ලක්ෂණ තියනවා නේද? මම බ්‍රසීලයේ ඉතිහාසය අරන් බලන්න. මෙවිදිහට පටන් ගත්තේ. එක්කෝ අපි සිංහල අර පරණ ගෝත්‍රික ක්‍රමේ හිර වෙන්න ඕනේ එක්කෝ වෙන උසස් යුරෝපියානු හෝ English සංස්කෘතියක් වෙන්න ඕනේ. (ඔය මම සංස්කෘතිය කියල අදහස් කරේ රටේ පරිසරය ගැන.)
    ඕගොල්ලන්ගේ අදහස් මොනවද?
     
    • Like
    Reactions: genius_EK

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගොඩක්ම මේක වග කියන්න ඔනා සොශල් මීඩියා. 70,80 අපේ කාලේ අපිට 60 ගනන්වල උන් බැන්නේ ටීවී කැසට් රේඩියො, වොක්මන්, ඩිස්ක්මන් එක්ක් ජිවිතේ කියලා. දැන් හැදෙන උන්ට ග්‍රැමෆොන් එක අමතකයි කියලා. අපිට දැන් බනින්න වෙල තියෙන්නේ වෙනමම සමාජෙකට. යුටියුබ් එකේ විඩියො දාගන්න කොල්ලො කොච්චර කුපාඩි වැඩ කරනවද? මේ සොශල් මීඩිය ක්‍රමේ වැරැද්ද. මීට ඉස්සරහට තව මීට වඩා දේවල් එයි. එදට අද ඔය මහනාමේ ගිය උන් කියයි. ඒ කාලි අපි නම් කලේ ඉස්කොලෙට පැනල විදුරු කුඩු කරලා යකා නටපු එක විතරයි. ඒකට දැන් උන් .... .... etc කොරනවා, සමාජේ අන්තිමයි කියලා.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිනිස්සු දියුණුව කියලා යන්නේ වෙනම ගමනක්
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    එහෙම එකක් නෑ බං අනුගනන් වලින් පරම්පරා ගැප් එකක් හැදිලා ඒකයි අපිට එහෙම හිතෙන්නේ අපේ තාත්තලටෙත් ඹහොම හිතිලා ඇති :D:D:D අපි පරිණත වේගෙන එනවා:D:rolleyes::rolleyes:
     

    SM95

    Member
    Jan 26, 2016
    70
    4
    0
    තාක්ෂණික දියුණුවත් එක්ක අපේ සිරිත් විරිත් සදාචාරය ටිකෙන් ටික ඈත් වෙනව මචන් අපිටත් නොදැනිම
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ඉන්න අයට දඬුවමක් දෙන්න ගුරුවරුන්ට බෑනේ.පාරක් හරි ගැහුවොත් පහුවෙනිදට ළමයින්ගේ දෙමව්පියෝ මානව හිමිකම් එකේ.ඉතින් ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට දඬුවමක් දෙන්න බයයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිස්සුන්ගේ හිතේ ඇතිවන චේතනා උපකල්පන අදහස් වල වැරැද්ද තමයි
    එක කොනක ඉදන් හදන එන්න ඕනේ

    කොටින්ම කන බොන ඩේ ඉදල
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නැත්නම් සම්පුර්ණයෙන් මිනිස්සු වඳ වෙලා අයි නැවත පවතගෙනන එන්න ඕනේ

    එක තමයි දැනට තියෙන කාර්යක්ෂම විසඳුම
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    අහන්න දකින්න තියෙන දේවල් වලින් ලමයින්ට පොර මානසිකත්වය දෙන්නෙ ඔය වගේ දේවල්.... බහුතරයක් ලමයි හිතන්නෙ ඔය වගේ දේවල් කරාම සමාජයේ පොරක් වෙනව කියල... එන්න එ් මතය අයින් කරන්න මාධ්‍ය වගකීම තිසියාකාරව සමාජගත නොවෙන එක ලොකු වරදක්... අනික අපේ ගොඩක් දෙමාපියන් අතෙත් යම් මට්ටමකට මේ වරද තියෙනව... ගොඩක් දෙමාපියන් සමාජයේ ඇසූපිරූ තැන් අඩු අය... ඒ ගොල්ලොත් කල්පනා කරන්නෙ තමන්ගෙ ලමය පොරක් වෙන්න නම් ඔය දේවල් අනුමත කල යුතුයි කියල. ඒ වගේම අපේ පාසල් කාලෙ කරන්න බය උන.. එහෙමත් නැතිනම් හොරෙන් කරපු දේවල් එලිපිට කරන්න හදන එකත් බරපතල කාරණාවක්..
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මමනම් මේකෙ වරදක් දකින්නෙ නෑ මචන්. Generation gap එක කියන්නෙ ඕක තමයි. අපේ කලින් පරම්පරාව වගේ නෙමෙයි අපි. අපි වගේ නෙමෙයි අපේ පස්සෙ පරම්පරාව. අපේ කාලෙට, අපේ දෙමාපියන්ගෙ කාලෙට වඩා අද සමාජෙ ගොඩක් විසයි. තාක්ෂණේ දියුණුව ඒ විස වැඩිකරල තියෙනවා. ගුරු ගෞරවය අඩුවීම මමනම් දකින්නෙ ගෝලීයකරණයෙ ප්‍රතිඵලයක් විදියට. ඕවා හරිගස්සනවට වඩා හොඳයි ඕවායින් සමාජෙට වෙන හානිය අවම කරන්න යම් දෙයක් කලානම්. අපේ පාසල් කියන්නෙ තනිකර හිරගෙවල්. අපේ සමාජෙ හැම කෙනාම ඉන්නෙ අසහනයෙන්. මොකද, ජීව විද්‍යාත්මකව, සමාජ විදයාත්මකව තමන්ට ලැබෙන්න ඕන දේවල්, සමාජය විසින්ම කප්පාදු කරල තියෙන්නේ. ඉතින් මේ සම්මතය බිඳගෙන යන්න උත්සාහ දරන මිනිස්සු ප්‍රමාණය වැඩියි. අලුත් පරපුර මේ කරන්න හදන්නෙ ඒ දේ කියල මම හිතනවා. මේ වෙනස මම දකින්නෙ ධනාත්මකව. අපේ පල්වෙන හැමදාම එකතැන තියන සමාජෙ ඉදිරියට පියවරක් තියන්න යන්නෙ. උදාහරනයක් විදියට විශ්වවිද්‍යාල සංස්කෘතියට විරුද්ධ පිරිස් දැන් විශ්වවිද්‍යාල තුලින්ම බිහිවෙමින් යනවා. බරහිර විශ්වවිද්‍යාල වගේ අපේ ඒවත් අනාගතේදි පරීක්ෂණ සමීක්ෂණ කරන තැනට ඒවි.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mata pena de nan WAR eka iwara wunata passe thamai hema ekama parata behela pissu kelinna patan gaththe. Kohoma hari umbe kathawa 100% hari. Mekath Brazil wage wemin thienne.

     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    නැත්නම් සම්පුර්ණයෙන් මිනිස්සු වඳ වෙලා අයි නැවත පවතගෙනන එන්න ඕනේ

    එක තමයි දැනට තියෙන කාර්යක්ෂම විසඳුම

    ජපානයට වගේ බෝම්බයක් ගහල මුල ඉදන්ම පටන් ගන්න තමයි වෙන්නේ එහෙම නම්... :D :D :lol::lol::lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,223
    113
    Forest
    ළමයින්ගේ අවුලක් නෙවේ දැන් ඉන්න උන්ට ළමයි හදාගන්න තේරෙන්නේ නෑ :rofl:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මමනම් මේකෙ වරදක් දකින්නෙ නෑ මචන්. Generation gap එක කියන්නෙ ඕක තමයි. අපේ කලින් පරම්පරාව වගේ නෙමෙයි අපි. අපි වගේ නෙමෙයි අපේ පස්සෙ පරම්පරාව. අපේ කාලෙට, අපේ දෙමාපියන්ගෙ කාලෙට වඩා අද සමාජෙ ගොඩක් විසයි. තාක්ෂණේ දියුණුව ඒ විස වැඩිකරල තියෙනවා. ගුරු ගෞරවය අඩුවීම මමනම් දකින්නෙ ගෝලීයකරණයෙ ප්‍රතිඵලයක් විදියට. ඕවා හරිගස්සනවට වඩා හොඳයි ඕවායින් සමාජෙට වෙන හානිය අවම කරන්න යම් දෙයක් කලානම්. අපේ පාසල් කියන්නෙ තනිකර හිරගෙවල්. අපේ සමාජෙ හැම කෙනාම ඉන්නෙ අසහනයෙන්. මොකද, ජීව විද්‍යාත්මකව, සමාජ විදයාත්මකව තමන්ට ලැබෙන්න ඕන දේවල්, සමාජය විසින්ම කප්පාදු කරල තියෙන්නේ. ඉතින් මේ සම්මතය බිඳගෙන යන්න උත්සාහ දරන මිනිස්සු ප්‍රමාණය වැඩියි. අලුත් පරපුර මේ කරන්න හදන්නෙ ඒ දේ කියල මම හිතනවා. මේ වෙනස මම දකින්නෙ ධනාත්මකව. අපේ පල්වෙන හැමදාම එකතැන තියන සමාජෙ ඉදිරියට පියවරක් තියන්න යන්නෙ. උදාහරනයක් විදියට විශ්වවිද්‍යාල සංස්කෘතියට විරුද්ධ පිරිස් දැන් විශ්වවිද්‍යාල තුලින්ම බිහිවෙමින් යනවා. බරහිර විශ්වවිද්‍යාල වගේ අපේ ඒවත් අනාගතේදි පරීක්ෂණ සමීක්ෂණ කරන තැනට ඒවි.

    අයියා හරි අයියේ!!!:D:D:D:D:D:D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    කොල්ලෝ කෙල්ලෝ වෙන් කරලා වෙනම ඉස්කෝල වල උගන්වන එක වහාම නතර කරන්න ඕන. ඇත්තටම එහෙම කොල්ලෝ කෙල්ලෝ වෙන්කරලා උගන්වන එකෙන් ගුරවරු දෙමව්පියෝ බලා පොරොත්තු වන්නේ මොකක්ද? පිරිමි පාසල් වලට යන කොල්ලෝ කෙල්ලෝ දිහා බලන්නේ අමුතු සත්තු ජාතියක් දිහා බලනවා වගේ උන්ට මැජික්. පිරිමි පාසල් හා ගැහැනු පාසල් වලට යන කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි විරුද්ධ ලිංගිකයින් කෙරෙහි එකිනෙකා කෙරෙහි සහොදරත්වයක් නෑ. මිශ්‍ර පාසල් වලට ගිය උන් දන්නවාඇතිනේ කෙල්ලෝ කොල්ලො මොනතරම් සහොදර බැම්මකින් කටයුතු කරාද කියලා.