90 දශකයේ චමත්කාරය

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    816
    351
    63
    lankawe
    Yaluvonta miss call gahapu eka. Eka dawasata 60-70 gahanawa miss call.

    Jathike giyapu Amazon, spell binders.

    raata Wela download wenna daala Eli weddi down wela thiyenava.

    Celltel 1000rs card daagaththu kaagen Hari 10rs transfer Kara gaththama 3min incoming free.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,579
    1
    28,453
    113
    - උඩරට -
    මට මතකයි ඉස්සර පත්තර වල ගියපු නොකියා හා සොනී එරික්සන් ෆෝන් වල පීන්තූර බලන් ඒවාට ආස කරපු හැටි. :love2:
    අම්මා තාත්තා ඇතුලේ පවුලේ සැමගේ පින්තූර ඇතුලත් කැන්ඩෝස් චොක්ලට් කවර එකතු කරපු හැටි.. - මැජික් බෝල , මැජික් ච්‍රිත්‍ර පොත් ගත්ත හැටි.:love2:
    මිස්ටර් පොප් ටිපිටිප් කකා තරගෙට ප්ලාස්ටික් ගැජෙට් කෑලී එකතු කර කර ඒවා හදපු හැටි.:cool:
    ඉරාජ් , රනිදු , ඩීටැප් , බාතිය සන්තුශ් ලගේ සින්දු පට්ට ගහපු හැටි.:love:
    බොහොම අමාරුවෙන් සෝනී එරික්සන් w200 ෆෝන් එකක් ගත්ත හැටි.:yes:
    ජාතික රූපවාහිනි එකයි සිරසයි තරගෙට කා‍ටුන් පෙන්නපු හැටි..:)
    කොලම්බු රයිඩර් බස් වල යන්න ආස කරපු හැටි:rofl:
    ෆ්ලොපී ඩිස්ක් වලින් වැඩ ගත්ත හැටි:lol:
    ටෙක් ශ්‍රී ලංකා එකේ කොම්පුටින් ඉගෙන ගත්ත හැටි:yes:
    ඩයලොග්ලා ඉන්කමින් කෝල් වලටත් ගනන් අය කරපු හැටි හා ටීගෝ ඇවිත් ඒක වෙනස් කරපු හැටි:frown:
    ඔශීන් බලපු හැටි:love:
    වට්සැප් වලින් තොර වූත් ෆේස්බුක් වලින් තොර ඌත් ගෙවල් වල නම්බර්ස් යාලුවෝ එක්ක ශෙයාර් කරන් තොරතුරු හුවමාරු කර ගත් හැටි:love:
    රුපියල් 2 කොට අයිස් හා රු.5 දිග අයිස් පැකට් වල රස බලපු හැටි.:love:
    වෝල්ස් අයිස්ක්‍රීම් වල රසය විදපු හැටි:love:
    ටෙනිස් බෝල එකතු කරපු හැටි:love:
    තව බොහෝ තියෙනවා..;)
    ආයෙත් ඒ කාලේට යන්න ඇත්නම්:sorry:
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,922
    113
    Kandy
    මට මේ ටික ලියන්න හිතුනේ අද පොඩි අය තාක්ෂණයත් එක්ක මුහු වෙලා ගොඩක් Robotsල වගේ නිසා...අපිටත් ඔය ටිකම කියන්න ඇති හැබැයි අපේ අත්තම්මලා Walkman අරන් ගේ වටේ දුවනකොට :-D

    90 දශකයේ ඉපදුනු අය හැම තාක්ෂණයම ටික ටික පොඩි කාලෙදිම අත්වින්දා...හැම තාක්ෂණයම කියල මම අදහස් කලේ අපට කලින් යුග වල තිබුන තාක්ෂණය සහ අපේ ගැමි සුවඳ ක‍ටුගෙදරට යන්න ඉස්සෙල්ලා අපි සජිවිව අත්වින්දා,ග්‍රැමෆොන් එකේ සිට වැර්ලස් රේඩියෝ එක දක්වාත් ඉට පස්සෙ ට්‍රන්ස්සිටර් රේඩියෝ එකටත් ඉටත් පස්සෙ එක පොඩ්ඩක් මොඩ් වෙලා ආපු ඩිජිටල් රේඩියෝ එකෙනුත් අපි පොඩි සන්දියේ සිංදු අහැව්වා.....චිත්‍රපටි VHS පටයෙනුත්,VCD තැටියෙනුත් DVD තැටියෙනුත් යන්තමට 16 - 17 විතර පස්සෙ Pen එක භාවිතා කරගනත් එ කාලයෙදිම ඩයලොග් සහ වෙනත් සැටලයිට් හරහත් බැලුවා,ඡායාරූප Reel භාවිතා කරගන වගේම ඩිජිටල් ක්‍රමයටත් අපි 18 පනින්න කලින් ගත්තා...Games උනත් Cartridge එකෙන් පටන් අරන් CD/DVD එකෙන් මැශින් එකට Install කරලා ගහනකන් ගියා.අපි පොඩි කාලේ කොලපතක් වත්තෙන් හොයාගන සෙල්ලම් කරලා Chopper බයිසිකලෙන් රවුමක් ගහලා,සෙල්ලම් ගෙවල් හදලා කිරි බතුත් ඉව්වා....මොකක් හරි තෙරෙන්නෙ නැත්තන් Microsoft Encarta එකෙන් බලන්න පටන් ගත්තු එක Yahoo දක්වා ගියා....සිංදු අහන්න උනත් ගොඩක් මාධ්‍ය යොදාගත්තා අපේ දශකයේ බිහි උනු උදවිය (තැටියේ සිට ඩිජිටල් මාධ්‍ය තෙක් 18 පනින්න කලින් සිංදු අහන්න භාවිතා කලා).සමාජ මාධ්‍යන් වන Facebook,MySpace,Skype,ElaKiri වැනි වෙබ් අඩවි කරලියට ආවෙත් අපි පොඩිහිටියෝ කාලේ,එ කියන්නෙ 18 කලින්....Funday Times වගේ පත්තර වලින් Pen Pals ලට අන්තිමට ලිව්වෙත් බොහෝ දුරට මේ දශකයේ බිහි උනු අය...Cell Phone උනත් මොටරෝලා ගඩොල් භාගයේ සිට නොකියා N73 වගේ වෙනකන් අපි 18 පනින්න කලින් භාවිතා කර හෝ දැකලා කරල තිබුනා...ලියුම් ලිව්වෙත්,ටෙලිග්‍රැම් ගෙදරට එනවා අන්තිමට දැක්කෙත් බොහෝ විට අපේ දශකයේ අය....එ විතරක් නෙමෙයි තෙල් සංථාවේ භූමිතෙල් කරත්තෙ,දර කරත්තෙ ,පිදුරු කරත්ත,පොල් අතු කරත්ත වගේ එවත් අපි තමයි බොහෝ විට දකින්න ඇත්තෙ අන්තිමට....සත සෙට් එකෙන් අන්තිමට භාවිතා උනේ සත 50 නේ,ඔකෙන් ගොඩක් වැඩ කලෙත් අපේ කාලයේ උපන් අය....ඉතින් වාහන ගැන කතා කරන්න ගියාමත් ඔහොමමයි.............

    එ වගේම ලයිට් එකාලේ නිතරම කපනවා,එක වෙනම සිද්ධියක්,මතකද එකාලේ Tv Times කියල අතිරෙකයක් එනවා....ටිකිරි පැදුර (හපන් පැදුර) පුංචි වීරයෝ,රස රිසි ගී වගේ වැඩසටහන් මතකද ? රොබින් හුඩ්,ටිං ටිං,සූර පප්පා අද ගියත් බලනවා..........එකාලේ තමයි ගමට ලයිට් කියල චුටි මල්ලියි පොඩි මල්ලියි Are and Mare කලේ සිරස FM එකේ,සිරසෙන් රියැලිටි වැඩසටහන් පටන් ගත්තෙත් අපි පාසැල් යන සංධියෙමයි.....එකාලේ ශෙහාන්ලාගේ ෆොටෝ ගහපු කොල සහ කැලැන්ඩර් විකුණන්න හිටන් තිබුන මතකද ? SL Cricket සූපිරියටම තිබුනෙත්,චොක්ලට් එක්ක ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ඡායාරූප දුන්නෙත් එ යුගයේ...60-70 වේ දශකයේ ආපු ටාටා ටකරන් බස් වල පාසැල් අන්තිමට ගියෙත් ඔය 90වේ සෙට් එකම තමයි බොහෝ විට.එතකොට Floppy Disk අන්තිමට පාවිච්චි කලෙත් අපි

    LTTE එකේ සිද්ධි තමයි එ යුගය මූසල කලේ,වෙන නම් ඉතින් නරකක් කියන්න නැති තරම්...

    නුවර සෙට් එකට මතක ඇති ඉස්සර ධනසිරි එකනේ ටිකක් ප්‍රසිද්ධ ශොපින් කම්ප්ලෙක්ස් එකකට නුවර තිබුනේ,කැසට් සිඩි ගන්න නම් ඉතින් එකාලේ ටොරින්ටන් එකට හරි කොළඔ විදියේ හරි තමයි.දැන් එ එකක්වත් නැ....කම්පියුටර් නම් ඉතින් නුවර එදවස් වල PC House,තව Second Hand PC Machines වලට ප්‍රසිද්ධ එකක් තිබුනා නම මතක නැ,එකේ අයිතිකාරයා ඩෙංගු හැදිලා නැති උනා.


    මතක් වෙන දෙයක් තියනවා නම් දාන්න......

    පේරාදෙණිය පාරේ Good Shepherd's Convent එක ළග.තිබ්බ නේ සෙවන රෙකෝඩ් බාර් එක මතක විදිහට. දැන් නම් නැ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    31,180
    1
    142,278
    113
    96
    හෝමාගම
    බෝම සුන්දරයි

    මන් ඉස්කොලෙ ගියා අර රතු / අලු සී ටී බී බස් වල. ගාන 1.25 යි බාගෙ ටිකට්.

    ඉස්සර අවුරුද්දට හම්බෙන ඔක්කොගෙම සල්ලි වලට රතිඥඥ තමයි ගන්නෙ. 13 අවුරුදු නන් 11 ඉදන් රතිඥඥ දානවා.

    අපේ තාත්තට තිබුන කැන්ටර් ලොරියක්, වෙසක් එකට වන්දනා හයර් යනවා. මාවත් එකකගෙන යනව ඉස්සරහ සීට් එකෙ. පාරවල් කාපට් එහෙම නෑනෙ, ගැස්සි ගැස්සි යනවා ඉතින් , පාන්දර තමා එන්නෙ ගියාම. රුපියල් 800කින් ඩීසල් පුල් ටෑන්ක් ගහනව ඒ කාලෙ.

    අම්මට වොරන්ට් එකෙක් හම්බුනා, ඒකෙන් මාතර යනවා, උදේ .7.35 ට කුරුනෙගලින් නගින්නෙ. එන්ජින් Class M4 එකක්. මාතරට යනකොට හවස 3.30 වගේ වෙනවා.

    අම්මට පඩි හම්බුන දවසට චීස් ගේනවා

    හවසට ඇලේ මාලු අල්ලන්න යනවා, දන්ඩි/කාවයියො/වැලිගොව්වො/මඩ කනයි තමා ගොඩක් ඉන්නෙ. ගෙනල්ල දානවා මිදුලෙ පොකුනට. ( පව් වැඩ ඉතින්, දැන් නන් හරි දුකයි ඒව මතක් වෙනකොට :cry: )

    පාන් ගෙනවා 3.50 ට, චන්ද්‍රිකාගෙ පාන්


    දියරෙදි ඇඳන් නානවා හවස කළුවට වැටෙනකන්.. මම චූටී එකා ලිඳ ගාවට වෙලා ඉඳගෙන ඉන්නවා..
    හරිනේ
    පොඩි කාලේ ඉදන් උබ අසහන කාරයෙක් 😁
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,691
    113
    කැමති තැනක
    e kalenam patta mara nidahase hitiye udde thibath isara maligawa langin bus yana dunna kiyala dan inna aya danne na katugastota parana palame isara giya hati thama mathk wenawa sarungal yawapuwa kumburu gane awida ewa alata panala napuwa isgediyo allapuwa mathak weddith dukai dan thusitha eke film baluwa ewa arena ekei sigiri ekei film baluwa ewa jurassic park balanna gehin hitha gassuna hati mathaki thamath.

    ampare yaddi barrier kiyak thibaada isara aduma 5s polakawath nawthanawa e kale 2000 passe eun danne na un dakalath na dakth mathaka na dan

    api mehema wela 2000 passe eun singithi pathale wela inne onna okai
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,616
    4,119
    113
    Messier 87
    math ekka podi kale hitapu gothayek magen ewwa obalage gedara telecom thiyanavada kiyala ithin man ow kiwwa. menna mu kiwwa ehanam obata internet yanna puluwan kiyala. me SLT broadband dunnu alutha eh kale internet thiyanava kiyanne venama gemmak. den mata patta happy internet yanna puluwan hinda. u kiwwa telecom connector ekata ghana port eka galavela cpu ekata ghapan oya line ekin thami internet eka enna oka phone ekata gewwoth call karanna puluwan CPU ekata gewwoth internet yanna puluwan kiyala. Ithin math ghala dawasapura balan hitiya ban load venakan

    VHS aran enava LITA and Trish stratusge wrestling balanna balanava amma enakota galavena ai ghanava ai ghalavanava eka venama athal ekak
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,846
    8,272
    113
    Social media ekka thawa loke artificial una bung. honda th unaa wagema passe apu generation walata loku haniyak unaa.

    issara bung api trip ekake giyath sirwatama api a moment eka widinawa bung. ohee photos gaha gaha anith unta penna status danne nathuwa moment eka windaa

    dan godak welawata photos danne nathuwa yana trip ekake atheema na bung.

    anith eka bung a kale kollo kochara cricket gahanawada? dan bung podi un match ekake gahanawa wath hoygannaa na bung.

    athatama a parana widiyata giya nam minissu ada kalee duwana race eka anith unta penna jeewath wena eka adu welaa. athama sathutaka labanawaa

    issarahata mitath wadaa artificial, complicated lokekata yanne 2030, 2040 wenakota api a kaleta kiyawi :dull: "ado 2010,2020 kalee mathakada bung a kaleth sira kiyala"
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    975
    93
    A kaale a windapu dewal nam dan inna podi unta kawadawath karanna wenne na. Api podi kaale apita mechchara loku stress ekak thibune na. Hamadama iskole arila enne sellam karanna balagena. Hawasata sellam nokarapu dawasak nathuwa athi a kaale. Onawata wadaa dagalala guti nokaapu dawasakuth nathi tharam. :yes: :yes:
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    1,734
    1,136
    113
    London
    94-96 කාලයේදී Yellow pages පොතේ computer section එක බලලා හීන මවනවා computer එකක් ගන්නේ කොයි කාලේද කියාල. ඊට අමතරව phones වල pictures කපල wenama තියාගන්නවා. ඒ කාලයේදී Alcatel Motorola තමයි godak ප්‍රසිද්ද phone models .

    96/97 කාලවලදී tin tin poth වලට පුදුම ආසාවක් තිබ්බ. මතක හැටියට Vijitha Yapa එකේ තමයි තාත්තා පොත් අරගෙන දුන්නේ. පුදුම ගණන් ඒ කාලවලදී ඒ පොත්. ඉස්ස්ලේම මල්ලිගේ උපන් දිනයට ලැබුනේ Red rackham's treasure පොත.

    97 යාලුවෙක් එක්ක මතකයි internet cafe එකකට යන්න try කල හැටි(මතක හැටියට දැන් කොල්ලුපිටියේ Mcdonlads එක කිට්ටුව තිබ්බ පොඩි communication shop එකක්.

    විජය / සමුදුර/ තව english IT magazine එකක් තිබ්බා ( නම මතක නැහැ ) පුදුම ආසාවෙන් හිට්යේ ඒ පත්තර ටික කියවන්න

    තව පුදුම ආසාවක් තිබ්බ casio watches වලට. උපන්දිනයට විමලදර්ම එකෙන් calculator watch එකක් ලැබුනා.
    මම හිතන්නේ Rs 2200 වගේ උනා 1995 වගේ මතක හැටියට.
    Casio stopwatch කියල ඉස්සර අපි කිවුවේ. තව G -Shock වට්චෙස් සෙට් එකක් තිබ්බ. ඉස්කෝලේ යනකොට ඇඳගෙන ගියේ බයෙන් මොකෝ අතේ wrist size එකට වැඩිය ගොඩක් ලොකුයි. Teacher බනියි කියල බයෙන් හිටියේ ..
     
    Last edited:

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,042
    2,709
    113
    Spain
    අඩෝ ඒ දවස් වල සල්ලි තිබේබෙත් නෑ. ඒත් බලපං හිතේ තිබුණු සතුට.
    පොඩි දවස්වල වැඩි දෙයක් අපි දන්නෙ නෑනෙ බන්. සෙල්ලමයි ඉස්කෝලෙ යාලුවොයි කාටුනුයි සුරතල් සත්තුයි තමයි ජීවිතේ,,

    අනේ මන්දා ඒ වගේ සතුටින් සැහැල්ලුවෙන් හිටපු කාලයක් ආයෙ ලැබෙයිද කියලා.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,921
    1
    2,260
    113
    සුන්දරම අතීතයක් එකනම්, පුටා ර් පදින්න පුරුදු වෙද්දී ඉස්සරලාම යටින් දාල පදින්න,අම්මෝ අය ඉතින් හැමදාම වැටිලා ඇගේ කෑලි නෑ පතුරු යන්නේ, ඒත් ඒවා ගානක් නෑ සෙල්ලම් කරද්දී,ගෙදර ආවම තමා අමාරු, දැන් ඉන්න පොඩි කෙල්ලෝ උන් උන් ගහ ගත්තට අපේ කාලේ හිටපු කෙල්ලෝ අපි කොල්ලොත් එක්ක වලියක් ගියත් උන් බේරන්න එනවා ,ඉස්සර ithn පංති අතර වලීම තමා.අහු වෙන ඕනි දෙයක් කනවා,ආශාවට බඩේ අමාරුවක් හැදෙන් නෑ,ඉස්සර ඉන්ටර්වල් එකට ඉස්කෝලෙ ගේට්ටුව ළඟට එන අයිස් මාමගෙන් දෙකේ අයි ස් කන්න දුවන හැටි එහෙම,ඒ දේවල් එක්ක අපි ජිවිතේ මාර විදිහට වින්දා දැන් ඉන්න උන්ට වඩා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,812
    1
    12,487
    113
    Gotham City
    අපෙ රටෙ දැන් ඉන්න වැඩිහිටි පරපුර සහ පොඩි හිටි පරපුර ගත්තොත් අපි තමා මෙ දෙපැත්තෙම අයගෙ අත්දැකීම් සමව විඳපු කට්ටිය.

    වැඩිහිටියො පොඩි කාලෙ අත් විඳපු වෙලෙ දුවලා පැනලා ඇවිද්ද සෙල්ලම් කරපු අතීතෙ අපිටත් තිබ්බා.
    කුරුම්බැට්ටි මැශිම ,කොලපතෙ ඇදගෙන යන එක ,
    ටිං කැඩීම ,සම්බොල කැඩීඅම් වගෙ ක්‍රීඩා අපි කරා .


    ඒ වගෙම අද ඉන්න පොඩි උන්ට තියෙන තාක්ෂණය අපිත් අපෙ තරුණ කාලෙ අත්වින්දා.

    ඒ වගෙම අපිටම ආවෙනික දෙවලුත් තිබ්බා.
    මතකද ව්‍රෙස්ලිං බලලා අපි ගහගන්නවා.
    ජැකී චෑන් ,ජෙට් ලී වගෙ අයගෙ ෆිල්ම් බලලා අපි ගහගන්නවා.

    ඒ වගෙම අපෙ වැඩිහිටි අයියලා අක්කලත් අම්මලා තාත්තලත් යුද්ධය, ජේ වී පී කලබල වගෙ දේවල් වලින් බැට කාපු කට්ටිය.
    අපි පොඩි කාලෙත් යුද්ධෙ බියකරු බව තිබ්බා ඒත් යුද්ධෙ ඉවරවුණ කාලෙත් අපි අත්විඳිනවානෙ ?

     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,569
    113
    සොරබොරවැව

    097d1a71cd961cd8d23aa6df2d93ba03.jpg



    මේ බයිසිකලේ ගන්න බැරිවෙච්ච එක අදටත් දුකයි බන්.. :dull: කඩගානේ ගිහින් කුණු බක්කි ඇදගෙන මූඩී එකතු කරලා එක ජාතියේ මූඩී 3 ගලපනවා... ඒ අරන් ගිහිල්ලත් ලොක් එක ඇරෙන්නේ නෑ.. මට තවම මතකයි මගේ ඉස්සරහම එකෙක් බයිසිකලේ ලොක් එක ඇරලා හරි උජාරුවට ඒක පැදගෙන ගිය හැටි... :(


    Also miss the bat...

    100957041_3194803247248296_2038823097125044224_o.jpg
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    6,654
    1
    2,541
    113

    097d1a71cd961cd8d23aa6df2d93ba03.jpg



    මේ බයිසිකලේ ගන්න බැරිවෙච්ච එක අදටත් දුකයි බන්.. :dull: කඩගානේ ගිහින් කුණු බක්කි ඇදගෙන මූඩී එකතු කරලා එක ජාතියේ මූඩී 3 ගලපනවා... ඒ අරන් ගිහිල්ලත් ලොක් එක ඇරෙන්නේ නෑ.. මට තවම මතකයි මගේ ඉස්සරහම එකෙක් බයිසිකලේ ලොක් එක ඇරලා හරි උජාරුවට ඒක පැදගෙන ගිය හැටි... :(
    adoo sirawata bn. :( habai kandos eke magic book eka nan gaththa pawla ekathu karala :D