දැන් ගොඩක් කම්පනීස් වල management power එක තියෙන්නෙ ඉන්දියන්ස්ලට. ඉන්දියාවල වැඩිවෙන graduated work force එකට opportunities දෙන්න ඕන. උන්ගෙත් ජොබ්ස් හොයන පිරිසට සාපේක්ශව ජොබ්ස් අඩුයි. එතකොට පාලනාධිකාරියට pressure එක වැඩී. ඔය forcing එක එනව වක්‍රාකාරව රට ඇතුලෙ තියෙන කම්පනීස් වලට.
ඒක නිසා 2022 post COVID එකෙන් පස්සෙ IT bubble එක කඩාවැටෙන්න පටන් ගත්ත තැන ඉදන් උන් බලන්නෙ අනිත් රටවල තියෙන projects කඩල එහෙට ගන්න එහෙ වුන්ට ජොබ්ස් හදන්න. ඕක තාම යන්නෙ ඔය පොඩ්ඩ පොඩ්ඩ. ඕක පීක් එකට එන වෙලාවක් ඉස්සහරහට ඒවි. අන්න එතකොට තමයි අනිත් රටවලට sorry වෙන්න ගන්නෙ.
අනික දැන් අවුරුදු 10කට කලින් සාපේක්ශව බැලුවොත් රටවල් කීපයක තම්යි mainly ඔය ෆීල්ඩ් එකට work force එක වැඩිපුර හැදුනෙ. නමුත් දැන් ඒක වෙනස්. කලින් හිටියෙ නැති රටවල් ගොඩක දැන් IT work force එක හැදීල සහ හැදීගෙන එනව. හිතුවෙවත් නැති Uganda වගේ African රටවල පවා.
අනික COVID කාලෙ තිබ්බ IT bubble එකත් එක්ක ලන්කාවෙ ළමයිනුත් රැල්ලට කොච්චර IT කරන්න ගත්තද. ඒකෙ result එකක් විදිහටනෙ දැන් ඔය private uni වල IT බැච් over crowd වෙලා තියෙන්නෙ. අවුරුද්දකට කීදාහක් එලියට එනවද. ගොඩක් පොඩි වුන්ට internship එකක් හොයාගන්න එකත් challenge එකක් වෙලා. එතකොට හිතන්නකො අපේ මෙහෙමනම් ඉන්දියා වගේ රටක ඔය තත්වෙ post COVID එකෙන් පස්සෙ කොහොම ඇතිද කියල.