++_ලෝකයේ පිරිමින් අතර ජනප්‍රියතම ඩෙනිම් 10ක්_+

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ++_ලෝකයේ පිරිමින් අතර ජනප්‍රියතම ඩෙනිම් 10ක්_+

    ලෝකයේ පිරිමින් අතර ජනප්‍රියතම ඩෙනිම් 10ක්

    varias-correntes-jeans-causais-dos-homens_qzfhkm1366267713143.jpg


    ඩෙනිම් කලිසම් කියන්නෙ මානව ශිශ්ටාචාරයේ එතෙක් මෙතෙක් බිහිවූ ඇඳුම් විලාසිතාවන් අතර ඉහළින්ම තියෙන සොයාගැනීමක්. ඩෙනිම් කලිසමේ බිහිවීම සම්බන්ධයෙන් තියෙන ප්‍රකටම ජනප්‍රවාදයක් තමයි කූඩාරම් රෙද්දකින් මෙය නිර්මාණය කෙරුණු බව. තවත් කතාවක් තමයි පතල් කම්කරුවන් විසින් දුඹුරු පැහැ කැන්වස් කලිසම් නිල් පැහැයෙන් වර්ණ ගැන්වීමෙන් ඩෙනිම් බිහිවුණු බව. නමුත් ඩෙනිම් කලිසමේ පියවරුන් හැටියට සැලකෙන්නෙ ජේකොබ් ඩේවිස් සහ ලීවයි ස්ට්‍රෞස්. 1871දි ඔවුන් නිර්මාණය කළ ඩෙනිමට 1873දි පේටන්ට් බලපත්‍රය හිමිවෙනව. මුලින්ම ඩෙනිම් කලිසම් ඇන්දෙ ඇමෙරිකන් ගොපල්ලන් එහෙම නැත්නම් කව් බෝයිස්ල සහ කම්කරුවන්. නමුත් 1950 පමණ වනවිට තරුණයින් අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තු ඩෙනිම 70, 80 දශකවලදි උන්මාදයක් බවට පත්වෙනව. එදා ඉඳල අද වෙනකම් ඩෙනිමට ගහන්න කලිසමක් ආවෙ නෑ.

    වර්තමානය වෙද්දි විවිධ සන්නාම රැසක් යටතේ විවිධාකාරයේ ඩෙනිම් කලිසම් නිර්මාණය වෙනව. මේ කියන්න හදන්නෙ අන්න ඒ වගේ ලොව පුරා ජනප්‍රිය ඩෙනිම් බ්‍රෑන්ඩ්ස් දහයක් ගැනයි. මේ අතරින් බොහොමයක් ලංකාවෙත් ඉතාම ජනප්‍රියයි.

    10. Lee Cooper

    couple-ad.jpg


    1908දි මොරිස් කූපර් සහ ලුයිස් මෙයිස්ටර් විසින් ගොඩනැගූ එම්. කුපර් සමාගම ඩෙනිම් කලිසම්වලට අතගහන්නෙ 1930දි විතර. මෙය ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් එංගලන්ත සමාගමක්. පසුකාලීනව එම්. කුපර් නාමය ලී කූපර් බවට පත්වෙනව.

    09. Armani Jeans

    COVER-CATALOG-AJ-FW20141.jpg


    ජෝර්ජියෝ අර්මානි කියන්නෙ විලාසිතා ලෝකයේ සුපිරි සන්නාමයක්. ජෝර්ජියෝ අර්මානි කියන ඉතාලි ජාතික සම්මානනීය විලාසිතා නිර්මාණකරුවා 1981දි තමයි ඩෙනිම්වලට අතගහන්නෙ. ලොව බොහෝ ධන කුවේරයින්, සුපිරි තරු අතර වඩාත් ජනප්‍රිය විලාසිතා සන්නාමයක්.

    08. Pepe Jeans London

    Pepe-Jeans-London.jpg


    ලන්ඩන් කෑල්ල දකිද්දිම තේරෙනවනෙ කොහෙ එකක්ද කියල. ඔව් මේකත් ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ 1973දි. නමුත් අද වෙද්දි මෙය පිහිටල තියෙන්නෙනම් ස්පාඤ්ඤයෙ.

    07. United Colors of Benetton

    United-Colors-of-Benetton.jpg


    මේ තවත් සුප්‍රකට ඉතාලි විලාසිතා සන්නාමයක්. 1965දි පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භවෙන බෙනෙතොන් සමූහ ව්‍යාපාරය තමයි මෙම ප්‍රකට ඩෙනිම් සම්මානය හඳුන්වල දුන්නෙ.

    06. Calvin Klein

    Calvin-Klein.jpg


    කැල්වින් ක්ලයින්. කවුද මේ නම අහල නැත්තෙ. 1968දි ඇමෙරිකානු විලාසිතා නිර්මාණ ශිල්පී කැල්වින් ක්ලයින් තමයි මේ සමාගම ආරම්භ කරන්නෙ. එතැන් සිට විලාසිතා ලෝකයේ ප්‍රමුඛතම නාමයක් බවට පත්වෙන්න මෙම සන්නාමයට හැකි වෙනව.

    05. Dolce & Gabbana

    Dolce-Gabbana.jpg


    විලාසිතා ගැන කතාකරද්දි කොහෙන් ගියත් ඉතාලිය එනවමයි. ඩොමෙනිකෝ ඩොල්චේ සහ ස්ටෙෆානෝ ගැබානා යන ඉතාලියානු විලාසිතා නිර්මාණකරුවන් දෙදෙනා තමයි මෙම සන්නාමය බිහිකරන්නෙ. ඒ 1985දි.

    04. Wrangler

    Wrangler.jpg


    තරමක් දීර්ඝ ඉතිහාසයක් තියෙන ඩෙනිම් සන්නාමයක්. ව්‍රැන්ග්ලර් ඩෙනිම් මුලින්ම එන්නෙ 1940දි විතර බ්ලූ බෙල් කියන සමාගම යටතෙ. විශේෂයෙන් ඇමෙරිකන් කව් බෝයිස්ලට තමයි ව්‍රැන්ග්ලර් මැහුවෙ. හැබැයි දැන්නම් හැමෝම අඳිනව.

    03. Lee

    Lee-Jeans-For-Women-2015-A-Denim-Brand.jpg


    ඩෙනිම් ලෝකයේ දැවැන්තයෙක්. ආරම්භය 1889. හිතාගන්න පුලුවන්නෙ නේද? හෙන්රි ඩේවිඩ් ලී තමයි මේ සුප්‍රකට ඩෙනිම් සන්නාමයේ නිර්මාතෘ. ලෝකයේ විශාලතම ඇඟලුම් සමාගම වන VF සමාගම තමයි ලී ඩෙනිම් නිකුත් කරන්නෙ.

    02. Diesel

    diesel.jpg


    ලංකාවෙනම් සෑහෙන ජනප්‍රිය ඩෙනිම් සන්නාමයක්. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය මේ ඩෙනිමත් ඉතාලි නිර්මාණයක්. 1978දි තමයි මුල්වරට මෙම සන්නාමය බිහිවෙන්නෙ.

    01. Levi’s

    Levis.jpg


    ඩෙනිම් ඇන්දත් නැතත් මේ ලිවයිස් සන්නාමය ගැනනම් දැනගෙන ඉන්න එක වටිනව. මේ තමයි ඩෙනිම් මහගෙදර නිර්මාණය කරන ඩෙනිම. ඩෙනිම් කලිසමේ පියවරුන් දෙදෙනාගේ එක් අයෙක් වන ලිවයි ස්ට්‍රෞස් ආරම්භ කළ Levi Strauss & Co තමයි මේ ඩෙනිම් මහගෙදර. 1853දි ජර්මනියෙ ආරම්භ වී ඇමෙරිකාවට සංක්‍රමණය වූ සමාගමක්.

    මීට අමතරව Guess, True Religion, Earl Jeans, Loomstate, Tommy Hilfiger වැනි ජනප්‍රිය සන්නාම රැසක් තියෙනව. කොහොම උනත් මොන නමින් ආවත්, මිල ගණන් කොහොම උනත් ඩෙනිම් කලිසම් කවදාවත් වයසට යන්නෙ නැති විලාසිතාවක් කියන එකනම් සහතිකයි.


    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.​