හැමදාම පට්ට ගහන ඩෙනිම ගැන

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    හැමදාම පට්ට ගහන ඩෙනිම ගැන

    14e2blj.jpg


    හැමදාම පට්ට ගහන ඩෙනිම ගැන මොනවා කියන්නද නේද? හැබැයි මේ ඩෙනිම ගැන වෙනස්ම කතාවක්.

    1829 පෙබරවාරි 26 දින උපත ලැබු ඔහු 1872 දී 23 හැවිරිදි වු ජර්මන් ජාතික ලියෝබ් ස්ට්‍රස් නමින් හැදින්වුනු (පසුව නම ලෙවි ස්ට්‍රස් ලෙස වෙනස් කර ගනු ලැබුවා.) ඇමරිකාවට පැමිනි තරුණයා සිදු කලේ ඇමරිකාවේ රන් පතල් අසල ගැවෙසෙමින් දුෂ්කර ජිවීත ගෙවන පතල් කරුවන්‍ට තම රෙදි තොග අලෙවි කරනු ලැබුවා.

    නිතරම කලිසම් ඉරීමත් පතල් වැඩ වලට ඔරොත්තු නොදීමත් හින්දාම නිතර නිතර ඇදුම් ගන්න පෙළඹිලා හිටියත්, ඒ කිට්ටුව ඇදුම් මැසීමේ සාප්පුවක් දමා ගත්ත නෙවාඩා හි වැඩකල ඩේවිඩ් ජැකොබ් වැඩි වශයෙන් කලිසම සම්බන්ධ වන තැන් වලට යකඩ බොත්තම් යොදමින් කලිසමේ භාවිත කල හැකි කාලය වැඩි කර ගැනීමේ ක්‍රමයක් ලෙස කරන්නටත් අත්හදා බලන්නටත් බැලුවා. ඒක හුගක් ජනප්‍රිය වුනා.

    මේ ක්‍රමය පිලිබඳ දැනුවත් වුනු ලෙවි ස්ට්‍රස්,ඩේවිඩ් ජැකොබ් හා එකතු වෙමින් තම රෙදි වර්ගයට මේ රිවට් ඇන එකතු කරමින් කරපු නිර්මාණයට පේටන්ට් බලපත්‍රය ගත්තා. ඒ 1873 මැයි මස 21 දින ඇමරිකානු පේටන්ට් අංක 139,121 ලෙසයි. ඩෙනිමේ උපත නැත්නම් උපන්දිනය ලෙස සලකන්නේ මේ මැයි මස 21 දිනයයි.

    එසේ නිර්මාණය කල ඕවරෝල් එකල ජීන්ස් යන නමින් හැදින්වෙන්නට වුනා. කපු නුල එකිනෙක හරහා කිහිප සැරයක්ම එහා මෙහා යැවීමෙන් මේ ඩෙනිම් රෙද්ද සාදා ඇති අතරම ඒ ප්‍රංශ වචනයක් ලෙසයි. Serge -රෙදි වර්ගයක නම හා Nimes යන ප්‍රංශ නගරයක නම එකතුව Serge De Nimes යන ‍නම කෙටි වීමෙන් ඩෙනිම් (De-Nim) යන වචනය නිර්මාණය වී ඇත.

    1960 වෙන විට විවිධ ආකාර වු ඩෙනිම් කලිසම් නිර්මාණය වු අතරම ආසියානු රටවල් වලද ජනප්‍රිය වුනු එය මිල අධික දෙයක් විදිහට පත්වුනා. 1990 වෙද්දී ඩෙනිමේ වෙලඳපොල පහල බැස්මකට ලක්වු අතරම එකල අංක එක ඩෙනිම් නිෂ්පාදකයා වු ලෙවි ස්ට්‍රස් සහ සමාගම තම කර්මාන්ත ශාලා 11 ක් වසා දමන්නට සිදුවී තිබුනා.

    ඒත් නැවතත් 2000 වසර ආසන්න වෙද්දී ඩෙනිම ගැන කතා බහ ඇති වුනේ Chanel,Dior,Chloe වැනි විලාසිතා ලොව විශාල ආයතන ඔවුන්ගේ විලාසිතා සමග ඩෙනිම් භාවිතා කිරීමට ගැනීමත් සමඟයි. ඒ කාන්තා විලාසිතාවන් සදහා ඩෙනිම් රෙදි වැඩි වශයෙන් යොදා ගැනීම නිසායි.

    100% කපු රෙද්දෙන් නිමවු Regid ඩෙනිම් රෙද්ද, Elastane හෝ lycra සමඟ මිශ්‍ර කලා වු Stretch ඩෙනිම් රෙද්ද, Selvage ඩෙනිම් රෙද්ද ලෙස ඩෙනිම් රෙදි වර්ග කිහිපයක් දැක්විය හැකි අතරම ඩෙනිම් යොදා ගෙන නිර්මානය කරන්නවු එයටම ආවේනික වු විවිධ නම් වලින් වු කලිසම් විලාසිතාද පවතී.

    ඔබ දන්නවාද???

    2001 දි ලිවිස් සමාගම තමන්ම නිපද වු පැරනිම ඩෙනිම් කලිසම් දෙකක් ඇ.ඩො.46,000 ඊ- බේ වෙබ් අඩවිය හරහා මිලදී ගෙන තිබුනි. :yes::yes:

    1829 පෙබරවාරි 26 දින උපත ලැබු,1902 සැප්තැම්බර් 23 දී 73 හැවිරිදි වියේදී ලෙවි ස්ට්‍රස් මිය ගියත්,ඔහුගේ නිපැයුම මේ වනතුරුත් වෙනස් වෙමින් ලොව පුරා අමරණීයව පවතිනවා. ඉදිරියටත් එහේම වේවි.
    :yes::yes:

    හොදනම් සලකලා යමු හොදේ..:yes::yes::P:P

    උපුටා ගැනීමකි..