_සිතට ගන්න ආයේ මේ ස්ථාන අට බලන්න යන්නෙ නෑ කියල_

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අටමහ නිරය*

    *1. සංජීව නරකය*

    : යම පල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කෑලි කෑලි කොට කපද්දීත් ඒ සත්වයන් කර්ම බලයෙන් නැවත ජීවත් වන බැවින් ඒ නිරය සංජීවය නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝළාහල කළෝ ද, දුබලයන් පෙළු රජවරු හා නිලධාරීහු ද මැරයෝ ද සතුන් මරන්නෝ ද මෙහි උපදින්නා හ.

    *2. කාලසුත්‍ර නරකය*

    : මෙහි උපන් සත්වයන් ගිනියම් වූ යම පොළොවේ පෙරළා, දැලිනූල් ගසා සහින්නා වූ බැවින් කාලසුත්‍ර නරකය නම් වේ. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළවුන් එහි දුක් විඳින්නා හ.

    *3. සංඝාත නරකය*

    : මේ නිරයේ සත්වයන් නව යොදුන් ඝනකම පොළොවෙ හි එරී නිශ්චලව සිටිති. එහි අහස ගුඟුරන්නාක් මෙන් මහ හඬ නංවමින් එරී සිටින නිරි සතුන් අඹරමින් පර්වතයෝ ඒ මේ අත පෙරළෙති. ඒවාට යට වී සත්වයෝ සුණු විසුණු වෙති. ඇත්, අස්, ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ කරන්නෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

    *4. රෞරව නරකය*

    : මේ නිරයෙහි සත්වයන්ගේ ශරීර තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬනු ලබන නිරි සතුන් ගේ හඬ නිරතුරුව එහි ඇසෙන බැවින් එම නරකයට රෞරව නරකය යැ යි කියනු ලැබේ.

    *5. මහා රෞරව නරකය*

    : අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්වයන් ගේ නිරන්තරයෙන් පවත්නා මහ හඬ ඇති නිසා ද නිරි සතුන් ගේ ශරීර වලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකය මහා රෞරව නම් වේ. තුණුරුවනට අයත් වූ ද මාපියනට අයත් වූ ද වස්තුව පැහැර ගන්නෝ ද විනාශ කළ අය එහි උපදිති.

    *6. තාප නරකය*

    : මේ නිරයේ යම පල්ලන් විසින් ගිනියම් වූ පොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණන ලද සත්වයෝ ගින්නෙන් දැවෙමින් දුක් විඳිති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන් ගේ ගෙවල් ගිනි තැබුවෝ ද එහි උපදිති.

    *7. ප්‍රතාප නරකය*

    : මෙහි ද තාප නරකයෙහි නිරි සතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්වයෝ පැසෙති. මරණින් මතු ඉපදීමක් නැතැයි කියා මිත්‍යා දෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

    *8. අවීචි මහ නරකය*

    : මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති. අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ බෞද්ධයා ගේ අත්පොත නම් ග්‍රන්ථය ඇසුරෙනි.

    නමෝ බුද්ධාය..!
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,737
    2,515
    113
    Bevery Hills-90210
    මේ ආත්මේ පව් කරොත් ලබන ආත්මේ අපායට යන්නේ එම පුද්ගලයා ලෙසටද එහෙම නැති නම් වෙනත් අලුත් පුද්ගලයෙකු ලෙසටද?
    සමන් පව් කරනවා + මැරෙනවා ලබන ආත්මේ Ann කියලා ඇමරිකාවේ ඉපදෙනවා. ( ඔය concept එකටද අපායේ යන්නෙත්)
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ ආත්මේ පව් කරොත් ලබන ආත්මේ අපායට යන්නේ එම පුද්ගලයා ලෙසටද එහෙම නැති නම් වෙනත් අලුත් පුද්ගලයෙකු ලෙසටද?
    සමන් පව් කරනවා + මැරෙනවා ලබන ආත්මේ Ann කියලා ඇමරිකාවේ ඉපදෙනවා. ( ඔය concept එකටද අපායේ යන්නෙත්)

    ow bn e kwe maranassana mohethe athi wena chuthi sitha anuwa example mehema hithanna mama me athme sahenna saththu maranawa habai mage mokak hri pinak balwath wela mm labana athme manussayek wenwa eth mm sahenna saththu marapu nsa adu ayusha walin marenawa

    mewa kiyewwama aththatama baya hithenawa
    :yes: :yes: :yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,737
    2,515
    113
    Bevery Hills-90210
    ow bn e kwe maranassana mohethe athi wena chuthi sitha anuwa example mehema hithanna mama me athme sahenna saththu maranawa habai mage mokak hri pinak balwath wela mm labana athme manussayek wenwa eth mm sahenna saththu marapu nsa adu ayusha walin marenawa


    :yes: :yes: :yes:
    ලබන ආත්මයේ එහෙම මැරුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? මොකද ඒ මැරෙන්නේ කලින් හිටපු කෙනා නෙවෙයි වෙනත් අලුත් මිනිසෙක් නිසා...
    සමන් සත්තු මරණවා. මැරුණට පස්සේ නිමල් වෙලා ඉපදෙනවා. නිමල් අඩු වයසින් මැරෙනවා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලබන ආත්මයේ එහෙම මැරුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? මොකද ඒ මැරෙන්නේ කලින් හිටපු කෙනා නෙවෙයි වෙනත් අලුත් මිනිසෙක් නිසා...
    සමන් සත්තු මරණවා. මැරුණට පස්සේ නිමල් වෙලා ඉපදෙනවා. නිමල් අඩු වයසින් මැරෙනවා.

    Prashanyak wennne na neda kwe mkakda bn

    ara karme gewila iwara wenakm athma ganak ehema marenawa

    oya athre ona tharam apaye yanna plwn