awlak na machanඉතාම හොඳ වැඩක්. මම මේ පින්තුරයක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකට දාගත්තාට කමක් නැද්ද මචන්

ඇයි අපි වන්දනා කරන්නේ?
මවි පියන්ට පාසල් යෑමට මත්තෙන්, නිවසෙන් පිටවිමට මත්තෙන් වැද නිවසින් පිටවිම සමිප්රදායක් වශයෙන් බොදු නිවෙස් හි කරනා බැවි අපි දන්නා කරැණක්. ඇයි අපි මවිපින්ට වඳින්නේ? මෙයෙට හේතූන් නමි සියල්ලොම පාහේ දන්නවා. නමුත් සරලව එම කරැණු මේ විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි දෙමාපියන්ට වඳින්නේ දෙමාපියන් අපිට, අපේ ජීවිතයට බොහෝ උපකාර කල තැනැත්තතන් වන නිසා. එම උපකාර කිරිමට කෘතගුණ දැක්විමක් වශයෙන්, ගෞරවය දැක්විමක් වශයෙනුයි අපි දෙමාපියන්ට වන්දනා කරන්නේ. හරි මවි පියන් දරැවන් වෙනුවෙන් කරනා කැපකිරිම අපි කවුරැත් දන්නා කරැණක්. දැන් මෙහෙම හිතමු. මවෙකුට පියෙකුට දරැවන් වෙනුවෙන් කැපකිරිමි කල හැකි, ප්‍රමාණය බොහෝම සීමිතයි කියා කිවහොත් ඔබ පිලිගන්නවාද? මෙසේ කිමට හේතුව වන්නේ, දෙමවිපියන්ගෙත් දරැවන්ගේත් ජීවිත කාලය තුලදී කල හැකි කැපකිරිමි ප්‍රමාණයක් පමණයි ඔවුන්ට කල හැකි වනුයේ. එසේ දෙමාපියන් දරැවන් වෙනුවෙන් කැපකිරිමි කරනුයේ මෙත්තාව, මුදිතාව ආදි අංග තමාගෙ දරැවන් සමිබන්ධයෙන් පමණක් පතුරවමින්. උදාහරණයක් විදියට අසල්වැසි නිවසේ දරැවාට, අසනිප වුවා යැයි කියා අයෙකුට ඇති ගැටළුවක් නැති වන්නට පුළුවනි. නමුත් තමන්ගේ දරැවාට අසනිප වු විට එය ඒ මවි පියන්ට බොහෝ දුකක් වගේම, කනගාටුවට පත්විමට කරැණක්. මේ කියු දේ ඔබට තේරෙන්නට ඇති. ඒ නිසා මවි පියන්ගේ දරැවන් කෙරේ වන ගුණයන්ගේ යමි සිමිත බවක් තිබෙනවා.![]()
බුදු රජානන් වහන්සේ.
![]()
අපගේ භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ දැනට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙන් දිවකුරැ බුදුපියානන් වහන්සේ හමුවේ තමාට ලබන්ට තිබු ඒ අමෘතවු නිර්වාණය හැර දමා, තවත් බොහෝ සත්ත්වයින් මේ සංසාරයෙන් එතෙර කොට මමද මේ සසරින් එතෙර වෙමියි යන ඒකායන අදිෂ්ඨානයෙන්, ගණනින් ප්‍රමාණ කල නොහෙන කාලයක්, පාරමිතා, උප පාරමිතා හා පරමත්ථ පාරමිතාවන් පුරන ලදි. ඔබත් මාත් සංසරෙන් එතෙර කරවිමට, ඔබ මේ අසනා ධර්ම රත්නය ඔබට ඇසිමට සැලැස්විමට, උන්වහන්සේ දෙනලද දාන වස්තු සමිභාරයට උපමා නමි නැත. පුජා කරණ ලද රැධිරයට, උපමා නමි නැත.පුජා කරන ලද ජිවිතයන්ට උපමා නමි නැත. ඉදින් ප්‍රිය මිතුරනේ, මවිවරැන් කොටියක් පියවරැන් කොටියකගේ කරැණාව එක්කොට ගත්තද, භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ විසින් ඔබත් මාත් කෙරේ පතලා වු ඒ කරැණාවෙන් අංශු මාත්‍රයක්වත් ලබන්නට නොලැබෙනු ඇත. එබැවින් උන්වහන්සේගේ ගුණයට උපමා නැත. ලෙකත්රයේ තබා අන් කිසිදු ස්ථානයක, බුදුවරයානන්වහන්සේ වරයෙකු විසින් වැදිය යුත්තෙක් හෝ පිදිය යුත්තෙක් නොමැත. ඒ භාග්‍යවත් බුදු රජානන්වහන්සේ සියල්ලන්ගේ වන්දනා ලැබිමට සුදුසුය. ඒසේම අනන්ත වුත් අප්‍රමාණ වුත් ගුනයෙන් යුතුවු ඒභාග්‍යවතුන් වහන්සේගේ ගුණ කඳමිබය නිසාම බුදුපියාණන්වහන්සේට දෝත නගා වදින්නහුට පවා අනන්ත අප්‍රමාණ දෙවි මිනිස් සැප සැලසෙන්නාවු මහඟු වු කුසල සම්පත්තියක් සිදුවනු ඇත. මේ කරැණු ස්වල්පය ඉදිරිපත් කලේ භාග්‍යවතුන් වහන්සේට කොතෙක් වැන්දද උන්වහන්සේගේ ගුණ කොතෙක් කිවද එහි නිමක් නැති බැවි තේරැමි ගැණිමටයි.