______ +18.. ලිංගාශ්‍රිත රෝග_____
ලිංගාශ්‍රිත රෝග හෝ සමාජ රෝග යනු මිනිසුන් හෝ සතුන් සමග මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී බෝවීමේ හැකියාව ඇති රෝගයන්ය. මෙහිදී බහුලව ලිංගාශ්‍රිත රෝග (Sexually transmitted infection ) යන වචනය භාවිතා කෙරුනද ඒ සඳහා පුළුල් තේරුමක් ඇත. මෙහිදී පුද්ගලයෙකු ආසාදනය වී ඇති අතර ඔහුට තවත් පුද්ගලයින් වෙත රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. ඇතැම් ලිංගාශ්‍රිත රෝග සිප ගැනීමකදී, ආසාදිත රෝගියෙකු භාවිතා කරන ලද ඉදි කටු මගින්, දරුප්‍රසුතියේදී හෝ මව්කිරී දීමේදි බෝවිය හැකිය. ලිංගාශ්‍රිත රෝග වසර සියගණනක් තිස්සේ ඉතිහාසය තුළ පැවත ඇත.
බොහෝමයක් ලිංගික රෝග ශිෂ්ණය,යෝනි මාර්ගය හා මුඛය වැනි අවයවවල ආස්තරන පටල හරහා වඩාත් පහසුවෙන් බෝවේ. ශිෂ්ණයෙහි හිස කොටස ආස්තරණය කරනු ලබන පටලය ද ඉහත ආකාරයේ ආස්තරණ පටලයක්වන අතර එමගින් ස්රාවයන් නිකුත් කරනු නොලබයි. (මුඛෙයහි තොල්වලින් ද මේ හා සමාන ව්‍යුහයක් ඇත.) මේකී ආස්තරණ පටල (mucous Membranes) සමෙන් වෙනස් වන්නේ එමගින් නොයෙකුත් ව්‍යාධිජනකයින්ට සිරුර තුළට ඇතුළු වීම සදහා ඉඩ ප්‍රස්තා ලබාදෙන බැවිණි.
මෙලෙස බොහෝ රෝග තත්ත්වයන් ලිංගික නොවන ස්පර්ශයන් වැනි (සිපගැනීම, ස්පර්ශය අතට අත දීම) වෙනත් ක්‍රමවලට වඩා ලිංගික ක්‍රියාකාරකම්වලින් බෝවීම සඳහා වැඩි ප්‍රවණතාවයක් තිබීමට එය එක් හේතුවකි. ස්‍රාවී ද්‍රව්‍යයන් නිකුත් කරන ආස්තරණ පටල ලිංගික අවයවවල මෙන්ම මුඛයෙහි ද පිහිටා ඇති බැවින් බොහෝ ලිංගික රෝග තදින් සිපගැනීමකට වඩා මුඛයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී වඩා පහසුවෙන් ව්‍යාප්ත වේ. දක්වා ඇති වගුවට අනුව මුඛ මාර්ගයෙන් ලිංගික අවයවවලට හෝ, ලිංගික අවයවවලින් මුඛයට පහසුවෙන් ව්‍යාප්ත වන ආසාදන ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයෙන් වෙනත් පුද්ගලයෙකුගේ මුඛය වෙතට බෝවීම දුෂ්කර කාර්යයකි. එච්.අයි.වී. වෛරස මගින් ආසාදිත ලිංගික ස්‍රාවයන්වල ඛේටයට වඩා වැඩි ප්‍රමාණයකින් ව්‍යාධිසන්නකයින් අන්තර්ගත වේ. ඇතැම් ලිංගික රෝග සම හා සෘජුව ස්පර්ශ වීමෙන් බෝවිය හැකිය.
ලිංගිකව බෝවන රෝග වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලිංගික ක්‍රියාකාරකම් මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත වේ. බැක්ටීරියා, දීලිර, ප්‍රොටොසෝවාවන් හා වෛරස මෙම රෝග කාරක ද්‍රව්‍යයන් වේ. ලිංගික රෝගයක් ඇති පුද්ගලයෙකුගෙන් මිස තවත් අයෙකුට එවන් රෝගයක් වැළඳිය නොහැක. වෙනත් ආකාරයකට පැවසුවහොත් ලිංගික රෝගයක් සහිත පුද්ගලයෙකුට එය උරුම වී ඇත්තේ තවත් එවන්ම වූ පුද්ගලයෙකුගේ දේහ ස්රාවයන් මගිනි. HIV වැනි ඇතැම් ලිංගික රෝග ගර්භණී සමයේදී හා මවුකිරී දිමේදී මවගෙන් දරුවාට ගමන් කළ හැකිය.
විවිධාකාර වූ ක්‍රියාකාරකම්වලින් විවිධ ලිංගික ක්‍රියාකාරකම් වලින් විවිධ ලිංගික රෝග ව්‍යාප්ත වීම විවිධාකාර වුවද පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන සියළුම ලිංගික ක්‍රියාකාරකම් පොදුවේ ගත් කළ ලිංගික රෝග බෝවීම දෙපසටම ක්‍රියාකාරී වන මාර්ගයක් ලෙසට හැදින්වේ. උදා - “රෝගය ලබාදෙන්නා” හා “රෝගය ලබාගන්නා” යන දෙපිරිසම අවධානම් තත්ත්වයකට මුහුණ පාති.
සෞඛ්‍ය වෘත්තිකයන් කොන්ඩම් භාවිතා කිරීම වැනි ආරක්ෂිත ලිංගික එක්වීම් ක්‍රම භාවිතා කිරීම මගින් ලිංගික රෝග ඇතිවීමේ අවධානම අවම කල හැකි බවට යෝජනා ඉදිරිපත් කර ඇත. නමුත් ආරක්ෂිත ලිංගික එක්වීම්වලින් සියයට සියයක්ම ලිංගික රෝගවලින් ආරක්ෂා වීමට හැකියාව නොමැත. දේහ තරල මගින් , රුධිර පාරවිලනය මගින්, එන්නත් කටු හවුලේ භාවිතා කිරීම මගින්, එන්නත් කටු ඇනීම මගින් (වෛද්‍ය පරීක්ෂණවලදී රෝහල් කාර්යය මණ්ඩලය මෙකී අනතුරු වලට භාජනය වේ.)පච්චා කෙටීම් සදහා භාවිතා කරන ඉදිකටු හවුලේ භාවිතා කිරීම මගින් ලිංගික රෝග බෝවීමේ අවස්ථාවන් ඇත.
ඔබගෙ දෑන ගෑනිම උදෙසා මෙය උපුටා ගෑනිමකි...

Last edited: