A/L and Online Entrepreneurship

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,752
    1
    100,101
    113
    33
    Kalutara
    AL පැත්තක දාල Online Entrepreneursල වෙන්න යන 2000න් පස්සෙ මල්ලිලට නංගිලට
    👇

    මේක දාන්න හිතුවෙ කියවන එක කොල්ලෙක්ට කෙල්ලෙක්ට හරි ඔලුවට දෙයක් යයි කියල..

    ශිශ්‍යත්වෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ගිහිල්ල සාමාන්‍ය පෙලටත් A8 B1 අරන් උසස් පෙල ලියන කොල්ලෙක්ට ප්‍රතිඵල සටහනේ A3 F1 යි තියෙද්දි මොනවගේද දැනෙන්නෙ කියල මට වඩා හොඳට කියන්න දන්න වෙන එකෙක් නැතුව ඇති..

    එදා අපේ ගෙදර මලගෙයක් වගේ. මන් ඔලුව ගහගෙන දවසම ඇඬුව. මට මතක් වුණා මට ශිශ්‍යත්වෙ ලකුණු ආව දවසෙ අම්මල ඒක අහල ඔහේ මාව ඉඹල නිදාගත්ත. මොකද ඒක එයාල වෙන බව දැනන් හිටිය.

    OL වලදිත් එහෙමයි.

    ඒත් AL කරල මට ඒ Results අම්මලට පෙන්නන්න තිබ්බ අමාරු කම අදටත් මතකයි.

    A3 අරන් කැම්පස් ගිය මගෙ සමහර යාලුවන්ට වඩා මගෙ Z එක වැඩි කියල දැනගත්තම මට ඊට වඩා අවුල් ගියා. මොකද මට මතකයි මන් Accounts Paper එක ගෙදර ඇවිල්ල කරල මගෙ Individual කරපු Sirට දුන්නම Sir කිව්වෙ මේකෙ 99ක් නම් Sure කියල.

    Econ එකත් එහෙමයි. එහෙම තියෙද්දි තමා මන් හැමෝම කරපු Business Studies වෙනුවට Stat කරේ.

    ඒ Subject එක ඉස්කෝලෙ උගන්නපු වෙලාවටත් ඔහේ ආතල් එකේ ඉඳල ලකුණුත් ගත්ත නිසා අන්තිමට මේ වුණේ මොකක්ද කියල මට තේරුණෙත් නෑ. හැබැයි මන් දැනගත්ත මන් Life එක Fail කියල.

    ඉතින් මේක අද වුණානම් මට මන් මෙලහකට "AL මොකටද. කැම්පස් උන්ට තාම ජොබ් නෑ. මන් Online සල්ලි හොයනව" කියල Online Entrepreneur Tag එක ගහගෙන ඔලුවට.

    ඒත් වෙලාවට ඒ කාලෙ හැමතැනම Luxury වාහන , Online Business තියෙන කතා, Entrepreneurship ගැන ආටිකල් , ඉන්ටවීව්,චැනල් තිබ්බෙ නෑ.
    සාර්ථක මිනුස්සු ඉන්නව.ඒත් ඒ සාර්ථක මිනිස්සු ඇත්තටම එහෙම වුනේ මාර කට්ටක් කාල. ඒ මිනිස්සුන්ගෙ කතාවල ගන්න ගොඩක් දේවල් තියෙනව. ඒත් අවුල තියෙන්නෙ ඒ එක්කම එන දෙවෙනි පෙල කණ්ඩායම.

    මේ අය ලෝකෙට පෙන්නන්නෙ තනි බොරුවක්. අච්චර හොයනව මෙච්චර හොයනව.. ඉගෙන ගෙන රස්සාවක් කරන්න ඕනෙ නෑ.. Youtube එකෙන් මෙච්චරයි ගගා ලොකු දේවල් පෙන්නනව. ප්‍රශ්නෙ තියෙන්නෙ මේකට අහිංසකයො ගොඩක් අහුවෙනව. Law of attraction කියල ඉතින් අපේ මිනිස්සු හීන ගොඩක් එක්ක මේව පස්සෙ යනව.හැමදාම හීන දැක දැක ඉඳල ජීවිතේ සාර්ථක කරගන්න බෑ.. ඒකට හීන වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ. ඔන්න ඕකයි අපේ අයට වරදින්නෙ.

    ඉන්ටර්නෙට් එකේ Fail වෙලා උඩට ආව මිනිස්සු උලුප්පල පෙන්නුවට දුක අහල එහෙම, Fail වෙලා නැත්තටම නැති වුන උන් ගැන කතා කරන්නෙ නෑ කවුරුත්.උන් හැමදාම Fail.

    හරියට හොයල බැලුවොත් ඔය දෙවෙනි පෙල කණ්ඩායමට ඉඳල හිටල ඩොලර් ටිකක් එනව. සාමාන්‍ය මට්ටමකට එනකොට ලක්ශයක් දෙකක් අතින් දාල 70% LTV එකටත් පිටින් යන ලීසින් කම්පැනියකින් 90% ණයට අරන් ලීස් එකට වාහනයක් ගන්නව. Apple Phone එකක්, Apple Watch එකක් Sure.
    දැන් ඉතින් 2000න් පස්සෙ සෙට් එක ඇන්දෙනව. අපිට මොකටද AL කියල හිතනව.

    ඒත් මතක තියාගන්න අද කාලෙ AL නැතුව මෙලෝ දෙයක් කරන්න බෑ. ඉස්සරහට Degree එකත් ඒ ගානට එනව.

    මන් A3ක් එක්කනෙ Stat Fail වුනේ කියල හිතල ආයි AL නොකර හිටියනම් මට බැංකුවක රස්සාවක් කරන්නත් නෑ අද වෙද්දි.. ඒ වගේමයි ඉගෙන ගත්තෙ නැත්තම් මේ හදපු Digital Brand එක හදන්නත් බෑ..

    අපි ඉගෙන ගත්තොත් ඒක අපතෙ යන්නෙ නෑ.ප්‍රශ්නයක් ඇතිවුනත් අපි කතාවට කියන්නෙ "ඉගෙන ගත්ත මිනිහෙක්" කියල මිසක් Entrepreneur කියල නෙමේ.

    ඒ හින්ද තුන්වෙනි පාර හරි කරල AL Pass වෙන්න. ඒකෙ වටිනකම කවදහරි තේරෙයි.

    අන්න එදාට ඔයා පස්සෙ කාලෙක Online Entrepreneur කෙනෙක් වුණත් ඒ කරන දේට Value එකක් එනවමයි..

    නැත්තම් වෙන්නෙ හැමදාම අනුන්ට හූල්ල හූල්ල ඉන්න.
    ✌️
    🙏

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684

    Okata reason eka mekai machan. Mulu lokema kalin generation eke unta job ekak karala tamange pawla balagena, wahanayak aragena geyak hada gena inna puluwan taramata padiyak hambuna. Eth me weddi inflation, cost of living eka wadi unata ape padi wadi wela na. Itin ape unta terumgena yanawa unge ammala thattala mase padiyen karapu ewa unta karanna bari bawa. A asse ontaponnayo awilla unta boru heena dila ungen hamba karan kanawa.

    Me system ekama hadala tiyenne ekekta dennekta success wenna misak okkotama goda yanna nemei kiyala munta therenne na. Api mona taran mahansi unat, smart unat company ekaka inna puluwan eka CEO kenai, uta padiya laksa ganak hambenne anit un 999k adu padiyata weda karana kan witarai. Api hamotama business karannat ba, mokada marketplaces kiyanne race ekak, eke dennek dinanawa anit un habak. Family eke salli tiyena ekata aye aye fail wewi karanna puluwan mokada unge ammala thattala invest karana nisa. Mewage un ekek dennek dakala matat ohoma karanna puluwan kiyala hitana eka "survivorship bias" ekak tanikara.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,439
    113
    Will just leave it here. I share the same sentiments.

    යූටියුබ් චැනල් වල කතා කරන්නෙ A/L ෆේල් වෙලා ජීවිතේ ජය ගත්ත ඉතා සුළුපිරිස ගැන විතරයි. A/L ෆේල් වෙලා ජීවිත පිටිං විනාස කරගත්ත ඇනගත්ත බහුතරයක් ගැන කතා කරන්නෑ
    😑
    ඒනිසා A/L ෆේල් වෙලා ජීවිතේ ජයගත්ත බහුබූත කතා වලට රැවටෙන්නැතුව, ජොබ් එකක් කරන ගමං සෙකන්ඩ් ශයි හෝ ද්විතීය හෝ වෘත්තීය කොස් එකක් හරි කරපල්ලා
    ❤️
    ❤️

    A/L පාස් වෙලා ජීවිතේ ජය ගන්න එක , ෆේල් වෙලා ජයගන්න එකට වැඩිය ගොඩක් ලේසියි
    ❤️
    ❤️
    😘
    😘

    A/L ගොඩ දාගත්ත කොල්ලො කෙල්ලංට සුබ පැතුම් !!

    -Ratta
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    Math dekka oka fb eke oesl group eke dala thibba.eth eke godak inna owage course wikunana un bn.eke un kiynnema igena gena wedak ne kiyala.owa eke demmoth hodta gahanwa anith peththta.mama dekka oya post eketh sehenna wadan dila thibba. dn inna podi unuth lanuwa kanawa lassnata.online hamba krnna puluwn bn al krlath campus gihillath job ekak krna gamanuth.eth igena ganna eka thram watina deyak ne thwa
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,349
    20,538
    113
    මූ නේද ලන්කාවෙ යූටුබ් හැක් උනාම ගොඩ දාන වැඩ්ඩා...මොකද්ද බ්න් ඌ ඇත්තට කරන්නේ...ටෝක්ස් නම් තියෙන්නේ යූටුබ් එකේ මහ එකාට කෝල් කරලා බැනලා හදලා දෙනවා වගේ....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Will just leave it here. I share the same sentiments.

    යූටියුබ් චැනල් වල කතා කරන්නෙ A/L ෆේල් වෙලා ජීවිතේ ජය ගත්ත ඉතා සුළුපිරිස ගැන විතරයි. A/L ෆේල් වෙලා ජීවිත පිටිං විනාස කරගත්ත ඇනගත්ත බහුතරයක් ගැන කතා කරන්නෑ
    😑
    ඒනිසා A/L ෆේල් වෙලා ජීවිතේ ජයගත්ත බහුබූත කතා වලට රැවටෙන්නැතුව, ජොබ් එකක් කරන ගමං සෙකන්ඩ් ශයි හෝ ද්විතීය හෝ වෘත්තීය කොස් එකක් හරි කරපල්ලා
    ❤️
    ❤️

    A/L පාස් වෙලා ජීවිතේ ජය ගන්න එක , ෆේල් වෙලා ජයගන්න එකට වැඩිය ගොඩක් ලේසියි
    ❤️
    ❤️
    😘
    😘

    A/L ගොඩ දාගත්ත කොල්ලො කෙල්ලංට සුබ පැතුම් !!

    -Ratta
    අනිත් එක mark zuckerberg ල bill gates , elon musk ල college වලින් drop out වෙලා දියුණු උනා කියන එක ..... හිතන්නේ නැත්තේ උන් dropout උනේ උන්ට කරගන්න බැරුව නෙමේ ඊට වඩා දෙයක් වෙන opportunity එකක් හම්බුනා හින්ද කියලා .... අනික උන් අයින් උනේ Harvard වගේ ඒවාට තේරිලා ඊට පස්සේ ....

    අපේ ගොන් හැත්තෑ පාඩම් කරන්න ඉගෙන ගන්න මහන්සි වෙන්න කැමති නැතුව අරුන් කරෙත් නෑ ඒ හින්ද ඕනේ නෑ කියල ඉදල හුකා ගන්නවා .. :ROFLMAO:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    අනිත් එක mark zuckerberg ල bill gates , elon musk ල college වලින් drop out වෙලා දියුණු උනා කියන එක ..... හිතන්නේ නැත්තේ උන් dropout උනේ උන්ට කරගන්න බැරුව නෙමේ ඊට වඩා දෙයක් වෙන opportunity එකක් හම්බුනා හින්ද කියලා .... අනික උන් අයින් උනේ Harvard වගේ ඒවාට තේරිලා ඊට පස්සේ ....

    අපේ ගොන් හැත්තෑ පාඩම් කරන්න ඉගෙන ගන්න මහන්සි වෙන්න කැමති නැතුව අරුන් කරෙත් නෑ ඒ හින්ද ඕනේ නෑ කියල ඉදල හුකා ගන්නවා .. :ROFLMAO:
    අනෙ මන්දා බන් .
    ඒ ලෙවල් පාස් වෙන එක ඩිග්‍රි ගන්න එක එක පැත්තක් .
    ඒත් ඉතිං ඩිග්‍රි තියන උනුත් අඬනවානෙ දැන් .
    සමහරුන්ට පඩි මදිලු කන කට්ටෙ හැටියට,
    සමහරුන්ට ඉංග්‍රිසි මදි
    සමහරු එක තැන පල් වෙනවා .

    බලපන් මෙ කිරියෙම (නම් ගම් සඳහන් නොකරමි ) කීයක් පොස්ට්ස් ත්‍රෙඩ්ස් වැටෙනවාද ?

    ඉතිං මන් හිතන්නෙ ඒ ලෙවල් උනත් ඩිග්‍රි උනත් වැඩක් වෙන්න තව දෙවල් තියෙන්න ඔනි .
    අපෙ හිටියා ඕ ලෙවල් ගණන් ෆේල් .
    තුන් පාරක් ආර්ට් කරා
    තුන්වෙනි පාර යන්තම් පාස්.
    නාමල් ජොබ් එකකට දාලා දුන්නා .

    තව එකෙක් හිටියා එත් ඔය වගෙ ඌනම් ආර්ට් එක සැරෙන් යන්තම් පාස් (සිංහල වගෙ පොඩි සබ්ජෙක්ට්ස් තමා කරෙ )
    නිල් බලකායෙන් බැන්ක් ඔෆ් සිලෝන් .

    මැත කරලා ෆිසිකල් ඩිග්‍රි ගහපු උන් තුට්ටුවට තාම වැඩ.
    හෙතුව ඌට කඩ්ඩ බැහැ ,සහ දේශපාලනෙ ,Political කනෙක්ෂන්ස් නැහැ .
    ඒ ලෙවල්ස් ,ඩිග්‍රි වලින් දැනෙන වැඩක් ජීවිතෙට ගන්න නම් තව දෙවල් තියෙන්න ඔනි බන් .

    දැන් මෙතන කියන රැට්ටා උනත් පවුලෙන්ම උරුම වෙච්ච ගෙයක් දොරක් ,වහනයක් තිබ්බ මිනිහෙක් නේ ?
    උගෙ අම්මත් ගුරුවරියක් ,ඉතින් කරන්න ඔනි දෙවල් මුල ඉඳලාම දැනුවත් කමකින් කරෙ .

    මගෙ පාසලෙ මගෙ මිතුරන් ගත්තොත් අධ්‍යාපන සුදුසුකම් වලින් වැඩක් ගත්තෙ හරියකට කියලා එකොම එකෙක් විතරයි .
    අනික් උන්ට ඩිග්‍රි එක කරා නමට ,
    අනික් දේවල් දෙමාපියන්ගෙන් ලැබුණා .
    ඉන්න ගේ දොර ,වාහන ,බිස්නස් පටන් ගන්න ප්‍රාග්ධනය වගෙ දේවල් .
     
    • Like
    Reactions: Master malli