A/L Results ආවානේ. උඹට කෙලවෙලාද..??? By [ගිහාන් මායාදුන්න]
එලකිරි දාපන් 5ක්..
මටත් දෙපාරක්ම කෙලවුනා.
අත්දැකීමෙන් කියන්නේ. ඕක කෙලවිච්ච එකෙක්ට සමාJන් කිසි පිලිගැනීමක් නෑ.
සමාJ පැත්තකින් තියපංකො, දැන් උඹට උඹම වධ දෙනවා, දොස් පවරගන්නවා.
"අපරාදේ මම මීට වඩා පාඩම් කරා නම්"
සමාජෙට ඕන නිසා නෙවෙයි උඹ උඹෙන් නිදහස් වෙන්න, උඹේ හෘදසාක්ෂියට උඹ පොරක් වෙන්න ඕන නිසා පටන් ගනින් එහෙනම්.
දැන් කල්පනා කරපන් Artsද, commerceද, Scienceද, Mathsද අදාල නැතුව.
* තව shy එකක් ඉතුරු නම්,
* උඹට private කරන්න සල්ලිත් නැත්තම්,
* උඹට government කැම්පස් යන්න ආසාවක් තියෙනවා නම්,
* ඒ වෙනුවෙන් දවස් 250ක් කැපවෙන්න පුළුවන් නම් පටන් ගනින් එක හිතින්ම.
මොකද අද තමයි හොඳම දවස. අද 30. හෙට 31. අනිද්දා 1. අනිද්දා තමයි turning point එක. ❤
නංගියේ මල්ලියේ,
උඹ මේක කියව කියව ඉන්නවා නම් උඹ දැන් fb deactivate කරපන් මුලින්ම. ඊටපස්සේ whatsapp,viber,imo uninstall කරලා, තියෙන games ටිකත් uninstall කරලා දාපන්.
Social mediaවල ඉන්න එපා.
හොඳට pass වුන අයගේ results දකින්න දකින්න වෙන්නේ උඹ කඩන් වැටෙනවා විතරයි.
ඒ අතරේ දුකයි නම් අඬපන්. කෑම කන්න බැරි නම් නොකා ඉඳපන්. හොඳට දුක් වෙයන් අදයි හෙටයි දවස් දෙකම.
" අත්තාහි අත්තනෝ නාථෝ "
තමන්ට පිහිට තමන්මයි.
එහෙනම් ඊලඟට කරන්න ඕනේ අද හෙට දවස් දෙකම අරගෙන මුලින්ම කාමරේ අස් කරගන්න එක. කාමරේ ඇඳ තියෙන තැන වෙනස් කරපන්, මකුළු දැල් ටික කඩපන්, ඉතිරි බඩු ටිකත් තියෙන තැන් වෙනස් කරපන්. ඊට පස්සෙ උඹ ලඟ තියෙන අනවශ්‍ය tutes, පොත් අරවා මෙව්වා ටික කාමරෙන් අයින් කරපන්. කාමරේ පිලිවෙලට හදාගනින්.
හරි, ඊලඟට හොඳට pass වුන එකෙක්ට කතා කරලා කොහොමද පාඩම් කරේ කියලා අහන්න නම් එපා.
මුලින්ම අම්බානෙකම කෙලවගෙන පස්සෙ 2න් හරි 3න් හරි කැම්පස් ගියපු එකෙක්ට කතා කරලා අහපන් මොනවද කරන්න ඕන සහ නැති දේවල් කියලා.
දැන් syllabus එක මේසේ උඩට අරන් මුල ඉඳන් හරියට notes ටිකක් තියෙනවාද කියලා බලපන්. අනවශ්‍ය වැල් වටාරම් නැතුව අත්‍යාවශ්‍යම notes ටික විතරක් තියාගෙන අනික්වා අයින් කරපන්.
කොණ්ඩෙ රැවුල් වවලා ඉන්නවා නම් ඒවා කපලා, පාට කරන් ඉන්නවා නම් අදම ඒකත් කළු කරලා දාගනින්.
කොල්ලොන්ට fail වුන දුකට බොන්න ඕන නම් අද බීපන්. හෙට නම් බොන්න එපා අනිද්දා 1 වෙනිදා. ආයේ සතියෙන් සතිය බොන්න තියාගන්නත් එපා ඉතින්. 31 රෑ සුවසේ නින්දට ගිහිල්ලා 1වෙනිදා උදේ නැගිටිද්දී ඔළුව fresh වෙලා තියෙන්න ඕන.
යන්න ඕන revision classes ටික බලපන් අදම. සතියකට දවස් 4කට වඩා clz දාගන්න එපා. අඩුම දවස් 2ක්වත් උදේම Library එකකට ගිහින් study hall ගිහින් හවස් වෙනකන් තනියම වැඩ කරපන්. කරන්න තියෙන ඔක්කොම විකාර ටික අදයි හෙටයි විතරක් කරලා පටන් ගනින් අනිද්දා උදේ ඉඳන්.
දැන් පරක්කුයිද.. අපෝ නෑ.
TV බලන එකත් අතාරින්න වෙනවා,
Phone එක cl ගන්න එකට විතරක් සීමා කරහන්,
මාස දෙකකට සැරයක් මොකක්හරි happening එකක් දාගනින් ඔළුව relax වෙන්න. ඒ කියන්නේ පෙබරවාරි අන්තිමට වගේ කොහේහරි කොලපාට ගස් තියෙන දිහාවක ඇවිදින්න වගේ. ඊටපස්සේ මාර්තු මුල ආයේ refresh වෙනවා.
A/L දිනන්න මීටරේ ඕන නෑ බං. ඕන මෝටරේ විතරයි.
මම මනෝ විද්‍යා උපදේශකයෙක් නෙවෙයි. හැබැයි අපි විඳපු අත්දැකීම් තව එකෙකුත් අද අනිවාර්යයෙන්ම විඳිනවා කියන්න දන්නවා. ඒ එකෙක්ට හරි මේ එක වචනයක් හරි උදවුවක් වෙනවා කියන්නත් දන්නවා.
වැදගත්ම දේ..
කැම්පස් යන්න බැරුව කැම්පස් කියන්නෙ ජීවිතේ නෙවෙයි කියන්න නෙවෙයි, A/L ගොඩදාලා කවදහරි කැම්පස් ගිහින් කියපන් කැම්පස් කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා.
️
- ගිහාන් මායාදුන්න -