මේ ලිපියට අනුව, "මහා රහතුන් වැඩි මග ඔස්සේ" ලියුවායයි කියමින් බණ කියන හාමුදුරුවෝ කවුද ?
සද්ධර්මය සොයාගෙන ඇයි මේ ලංකාවටම එන්න ඕන ?
බෝසතාණෝ පස් මහා බැලුම් බලා ඉන්දියාවේ ඉපදුනේ වැරදිමකින්ද ?
මෙවැනි ප්‍රස්න එන්නේ කාගේ "අමන බණ" හරහාද යන්න පැහැදිලිය. මේ ප්‍රශ්න වල මුල පන්සල්හේනේ ධම්මාලංකාර නමින් එක වරක් පැවිදිව පැවිදිබව අහොසි වී , තවත් නමකින් නැවත පැවිදිව විකාර දහම් දෙසීම නිසා පැවිදි බව අහෝසිවී මානසික අසමතුලිතාවයකට පත්ව, විකාර දොඩවමින් සිට "බුදුන් වැඩ මා පැවිදි කලායි" කියන මීවණපලානේ සිරි ධම්මාලංකාර කියන මනෝ ව්‍යාධියකින් පෙලෙන, බුදුන් වහන්සේ උපන් ජන්බු-ද්වීපය ලංකාවයි කියමින් ගොන් කතා කියන චීවරදාරියාය. මේ පිස්සූන්වහන්සේත් අනෙකුත් බොහෝ ශාසන භක්ෂකයන් පිටුපසත් සිටින්න්නේ කට්ටඩිකම් කරමින් ගතමනාව සොයාගත් කිසිදු ශාසනික පරිචයක්, උගැන්මක් නොමැති ගොබ්බ කමම ආභරණයක් කරගෙන බුදුබණ විකෘති කල වහරක නම් පීසාචයාය.
පස් මහ බැලුම් බැලුවේ ඩෙන්මාර්කයේ ඥානාදීප හිමි අරමුණු කර නොව බුද්ධත්වයත් බුද්ධ ශාසනයත් අරමුණු කරගෙනය. එවැනි සරල කරුනු නොතේරෙන අමු හරකුන්ට දහම ආලෝකවර්ෂ ගනනින් දුරය.
බුදුන් වහන්සේ තම ධර්මය අතුරුදන් වන්නේ සාසනය තුලම පහලවන හිස් පුරුෂයන් නිසා බව අනාගත භය සුත්‍රයේදී මනාව දෙසා වදාලේ මේ මීවණපලානේ, වහරක, සමන්ත බඩ්ඩ, රතුපස්කැටියේ විමුක්තිරතන, වලස්මුල්ලේ අභය වැනි අඥාන පිස්සන් ගැන උන් වහන්සේ තුන්කල් දක්නා නුවණුන් දුටු බැවිනි.