A Separation Movie

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,777
    8,072
    113
    332598161_891140795451818_5197257569725557468_n.jpg



    A Separation ඉරාන movie ekak (Imdb 8.3)


    මේ මහල්ලාව සෝදන්නේ ඔහුගේ පුතා Nader විසින්. Naderගේ බිරිඳ Simin ට වීසා ලැබෙනවා පවුලත් සමගම විදේශගත වීමට. ඔවුන්ට සිටිනවා දියණියක්.
    නමුත් Nader එයට අකමැති වෙන්නේ සිය ඇල්සයිමර් (අමතකවීම) රෝගයෙන් පෙළෙන පියාව බලාගැනීමට තිබෙන නිසා. අවසානයේ සිය දියණියගේ අනාගතය ගැන සිතා Simin සිය ස්වාමියාගෙන් දික්කාසදය ඉල්ලනවා. ඔහු කිසිදු විරෝධයකින් තොරව ඇයට එය ලබා දීමට එකඟ වෙනවා.
    ඔය අතරෙදි Simin, Nader ගෙන් අහනවා,

    "ඇයි ඔයාට රට යන්න එකඟ වෙන්න බැරි. අඩු තරමේ තාත්තට ඔයාව මතකවත් නෑ නේද ?" කියලා..
    ඒ වෙලාවෙ Nader ගෙ උත්තරය වෙන්නෙ, "ඔව් ඒ වුනාට ඒ මගේ තාත්තා කියලා මං දන්නවනෙ.." කියන එක..

    Simin: Does he even realize you are his son?
    Nader: I know he is my father!”

    මං හිතන්නෙ මේ දෙබස දෙමව්පිය දූදරු සම්බන්ධයට සීමා නොවී අපි ආදරය කරන ඕනෑම කෙනෙක් ගැන හිතන්න පුළුවන් කියන එක.
    කොහොමහරි මේ චිත්‍රපටිය එතනින් එහා සෑහෙන දේවල් ගැන කතා කරනවා. කතාව මීට වැඩිය සෑහෙන සංකීර්ණයි. බලන්න !


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මං හිතන්නෙ මේ දෙබස දෙමව්පිය දූදරු සම්බන්ධයට සීමා නොවී අපි ආදරය කරන ඕනෑම කෙනෙක් ගැන හිතන්න පුළුවන් කියන එක.
    අපි ආදරේ නොකරන අය/දේවල් ගැනත් හිතන්න පුළුවන් උනා නම් මේ ලෝකේ මීට වඩා ගොඩක් ලස්සන්න වෙන්න තිබ්බා
     
    • Like
    Reactions: Dhanushka.N

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Asghar Farhadi ගේ ෆිල්ම් ඔක්කොම වගේ අරන් බලපන්..

    ෆිල්ම් ගැන මෙච්චර කල් හිතන් හිටපු ප්‍රතිරූපය, රගපානවා කියන වචනේ නියම අදහස, Writing & Directing කියන්නේ මොනාවද කියල මෙච්චර කල් හිතන් හිටපු
    හැමදේම වෙනස් වෙයි.. ඔය ෆිල්ම් ගැන කියන්න වචන නෑ.. ධිෂුම් ධිශුම් බලන අයටනම් සෙට් වෙන්නේ නැති වෙයි.. එහෙම නැති අය අනිවාරයෙන් බලන්න.. ඕවා එකපාරක් බැලුවට මදි වගේ හිතෙනවා.

    Christopher Nolan එක්ක කරට කර තියන්න පුළුවන් Director කෙනෙක්.. මුස්ලිම් සමාජය ගැන, ආගම ගැන අපි මෙච්චර කල් හිතන් හිටපු විදිහත් වෙනස් වෙනවා..


    අවවාදයි.. අධික ලෙස ඇබ්බැහි වෙන සුළුයි..

    A Separation 2011


    About Elly 2009

    The Salesman 2016

    The Past 2013

    Beautiful City 2004

    A Hero 2021


    Fireworks Wednesday 2006

    ඔය ටික ඔය පිළිවෙලට බලපල්ලා.. ඔය Asghar Farhadi ගේ ෆිල්ම්.

    තව


    Incendies 2010

    Capernaum 2018

    ඔය කිව්ව හැම ෆිල්ම් එකක්ම සුපිරිම මට්ටමේ ඒවා තමා.. තව ඕනෙනම් කියපං. පස්සේ දෙන්නම්

    ගොඩක් ඒවා yts.mx එකේ ඇති. නැති ඒවා පොඩ්ඩක් හොයලා ගන්න ඕන.. හරියට හෙව්වොත් හොයාගන්න පුළුවන්.
     
    Last edited: