Aape Urumee.අපේ උරැමේ 3

523183_376097922485828_136615368_n.jpg


තමන් කැමති උදවිය සමඟ පමණ ඉක්මවා
හිත මිත‍්‍රකම් ඇතිකරගන්ට එපා.

අප‍්‍රිය පුද්ගලයන් හා හිතමිතුරුකම් කොහෙත්ම ඕනෙ නෑ.

ප‍්‍රියයන්ට ඇළුණොත්,ඔවුන් දකින්ට නොලැබීමෙන් දුක් ඇතිවෙනවා.

අප‍්‍රිය පුද්ගලයන් දකින්ට ලැබීමෙනුත් දුක් ඇතිවෙනවා.

(ජේතවනාරාමයේ දී එකම පවුලකින් පැවිදි වූ තිදෙනෙක් අරභයා
වදාළ ගාථාවකි.)
65038_3514235632828_1102974185_n.jpg

530573_376848959077391_786539781_n.jpg

541778_3559747010584_1891803616_n.jpg


ආදරය කරන දෙයින්මයි ශෝකය උපදින්නෙ.
ආදරය කරන දෙයින්මයි බිය උපදින්නෙත්.
ආදරයෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ.
භයක් කොයින්ද?

(ජේතවනාරාමයේ දී විශාඛා උපාසිකාව අරභයා වදාළ ගාථාවකි.)
533533_3502164531058_1889983422_n.jpg


අනුගමනය නොකළ යුතු වැරදි දේ තමයි
සමහරු අනුගමනය කරන්නේ.

අනුගමනය කළ යුතු සතිපට්ඨානය පුරුදු කිරීම් ආදී දේ අනුගමනය
කරන්නෙ නෑ.

ආශා කරන දේ පස්සෙ දුව දුව යහපත
අත්හරිනවා.

නමුත් යහපත් දේ අනුගමනය කරලා
සැප ලබාගත්තු අය දැක්කට පස්සේ,
ඒ සැප ලබාගන්ට ඔවුනුත් කැමති වෙනවා.

(ජේතවනාරාමයේ දී එකම පවුලකින් පැවිදි වූ තිදෙනෙක් අරභයා
වදාළ ගාථාවකි.)
483289_3547778791386_211345886_n.jpg

ප‍්‍රිය දේ තුළින් ශෝකය උපදිනවා.
ප‍්‍රිය දේ තුළින්මයි බිය උපදින්නෙත්.
ප‍්‍රිය දේවල්වලින් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ.
භයක් කොයින්ද..?

(ජේතවනාරාමයේ දී එක්තරා පියෙක් අරභයා වදාළ ගාථාවකි.)
542814_432371960163473_90675903_n.jpg

73377_277404212386814_1306001156_n.jpg


තථාගතුප්පාද සූත්‍රය
තථාගතයන් වහන්සේගේ ඉපදීම ගැන වදාළ උදානය
බුද්දක නිකාය-උදාන පාළි

"යම්තාක් හිරු මඬළ උදා නොවේද, ඒ තාක්ම කණාමැදිරියන් යස අගේට බබලනවා. නමුත් හිරු මඬළ උදාවුන විට අර කණාමැදිරියන්ගේ එළිය නැතිවෙලා යනවා. බැබලීම නැතිවෙලා යනවා.

අන්න ඒ වගේම තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ නොවන තාක් විතරයි තර්ක කර කර ඉන්න ඔය අන්‍යාගම්කාරයන්ට තැනක් තියෙන්නේ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් ඒ තාර්කිකයන්ගේ බැබළීම ඉවර වෙනවා. ඔවුන්ගේ ශ්‍රාවකයන්ට වෙන්නෙත් ඒ ටිකමයි. වැරදි දෘෂ්ටි අරගෙන ඉන්න ඒ උදවියට දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ."

සාදු! සාදු!! සාදු!!!
418691_3532922699993_1474465095_n.jpg


ඒ නිසා කිසිදෙයක් කෙරෙහි ඇල්මක් ඇතිකරගන්ට එපා.

ඒක එහෙම තමයි.
ප‍්‍රියයන්ගෙන් වෙන්වෙන්ට සිදුවුණොත්
ඒක ඔහුට දුකක් වෙනවා.

නමුත් යමෙකුට ඔය ප‍්‍රිය-අප‍්‍රිය දේවල් මොකවත්
නැත්නම් ඔවුන් තුළ කෙලෙස් ගැට නෑ.

(ජේතවනාරාමයේ දී එකම පවුලකින් පැවිදි වූ තිදෙනෙක් අරභයා
වදාළ ගාථාවකි.)

554418_460602433995602_2000258246_n.jpg

230322_449474205119915_1320495865_n.jpg

430943_446877855379550_274586401_n.jpg
 
Last edited: