About Config යොදාගෙන Firefox වෙනස් කරමු

මොකක්ද හොඳම වෙබ්


  • Total voters
    20

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    About Config යොදාගෙන Firefox වෙනස් කරමු

    ඔබ ෆයර්ෆොක්ස් භාවිතා නොකරන්නෙක් නම්, ඔබට මේ About Config ගැන අවබෝධයක් නැතිව ඇති. මෙය සාමාන්‍ය වෙබ් පිටුවක් නොව, වෙනස් කම් රාශියක් කර ගත හැකි සැගවුනු පිටුවකි. මේ පිටුවේ තියෙන ඒවා දැක්ක ගමන් ඔබට අපැහැදිලි විය හැක. එම නිසා පහත පියවරවල් අනුගමනය කරන්න.


    images12.jpeg


    Firefox වේගවත් කරගැනිම



    මුළින්ම URL Bar එකේ about:config ලෙස ටයිප් කරන්න.


    දැන් එන Filter Bar එකේ Pipelining ලෙස ටයිප් කරන්න.

    network.http.pipelining: හි Value එක True ලෙස ලබාදෙන්න.

    network.http.proxy.pipelining: හි Value එක True ලෙස ලබාදෙන්න.

    network.http.pipelining.maxrequests: හි Value එක 8-16 ත් අතර අගයක් ලබාදෙන්න.

    දැන් Filter Bar එකේ max-connections ලෙස ටයිප් කරන්න.

    network.http.max-connections-per-server: හි Value එක 32 ලෙස ලබාදෙන්න.




    Antivirus නැවැත්විම


    ඔබ ප්‍රමාණයෙන් වැඩි ෆයිල්ස් බාගන්න අවස්ථා වලදි Antivirus මෘදුකාංගය ක්‍රියාත්මක විම හේතුවෙන් Download වේගය අඩු වේ. මෙම පහසුකම නැවැත්විමෙන් එතරම් හානියක් නොවේ, එවගේම Download වේගය වැඩි වේ.

    browser.download.manager.scanWhenDone: හි Value එක False ලෙස ලබා දෙන්න.




    Popups Window අලුත් Tab එකකින් විවෘත විම

    අප සමහරක් ක්ලික් කිරිමේදි එහි අඩංගු දේ Popups Window එකක් ලෙස විවෘත වේ. එය මහත් අපහසුවකි. නමුත් එය අලුත් ටැබ් එකකින් විවෘත වන ලෙස සැකසුවොත්?

    ඒ සදහා,

    browser.link.open_newwindow.restriction: හි Value එක 0 ලෙස ලබාදෙන්න.



    Search Bar Results නව Tab එකකින් විවෘත කරගැනිම

    ඔබ යම් කිසි දෙයක් Search කර එහි Result එකක් උඩ ක්ලික් කරාම එම Tab එකේම එය ඕපන් වෙයි. ඉන්පසු නැවතත් Result එකක් බැලිමට නැවතත් අපි Back බොත්තම ක්ලික් කර කර යන්න ඕන.

    මේ සදහා Filter Bar එකේ openintab ලෙස ටයිප් කරන්න.


    browser.search.openintab: හි Value එක True ලෙස සකසන්න.



    Extension Install කිරිමේදි ඇති වන ප්‍රමාදය ඉවත් කිරිම.

    අපි නව Extension එකක් ඉන්ස්ටොල් කිරිමට යැමේදි ෆයර්ෆොක්ස් විසින් Countdown එකක් යොදා තිබෙනවා. එය කරදරයක් නම් එයත් අපිට ඉවත් කරගන්න පුලුවන්..එය සිදුකරන්නේ මේ විදිහටයි.

    security.dialog_enable_delay: හි Value එක 0 ලෙස සකසන්න.



    වෙබ් පිටුවක Source Codes එක වෙනවම විවෘත කරගැනිම.

    බොහෝ වෙබ් නිර්මාණකරුවන් වෙනත් වෙබ් අඩවි වල Source Codes බැලිමේදි එය ෆයර්ෆොක්ස් තුලම පෙන්වනු ලබනවා.. නමුත් එයට අකමැති අය ‍එම කොඩ් එක කොපි කරගෙන තමන්ට කැමති Editor එකකට කොපි පෙස්ට් කරනවා. මෙය කෙලින්ම ඕපන් විමට හදන්නත් පුලුවන්. එය කරන්නේ මේ විදිහටයි.


    Filter Bar එකේ view_source.editor ලෙස ටයිප් කරන්න.

    view_source.editor.external: හි Vale එක True ලෙස සකසන්න.
    view_source.editor.path: හි Vale එක සදහා ඔබට අවශ්‍ය Editor එකේ නම දෙන්න.




    වැඩි Add-On ප්‍රමාණයක් සර්ච් වලිදි ලබාගැනිම.


    themes.gif

    ඔබ ඔබට අවශ්‍ය Add-On ලබාගැනිමේදි පෙන්වනු ලබන්නේ සර්ච් result 5ක් වැනි ගානක්..නමුත් එය වැඩි කරගන්න පුලුවන්.


    Filter Bar එකේ getAddons ලෙස ටයිප් කරන්න.

    extension.getAddons.maxresults: හි Vale එක 10 ක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් යොදන්න.


    මොකෝ හිතෙන්නේ... දැන්ද මේ ටික ගැන දැනගත්තේ? ඔබේ අදහස් හා රෙප් දෙන්නත් අමතක කරන්න එපා
     
    • Like
    Reactions: cresendo

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Firefox වේගවත් කරගැනිම නම් කරලා බැලුවා..:yes:
    රෙප් බැලු..
     
    Last edited:

    Similar threads