AC එකකින් හැදෙන පරිසරය බටහිර රටක වසන්ත කාලෙ පරිසරයට සමානයි. Humidity, Temperature දෙක අඩු වෙනව ලංකාවට සාපේක්ෂව.
ඒ රටවල මිනිස්සු මොකද කරන්නෙ බලල කරන්න. Humidity එක අඩු වෙන නිසා තමයි සමහර අයට ප්‍රශ්න එන්නෙ. මටනන් එහෙම අවුලක් නෑ. ඇස් දැවිල්ල ගන්නවනන් පල්ලෙහ තියෙනව වගේ humidifier එකක් use කරල බලන්න. හම කලු වෙනවා කියල ඔය කියන්නෙ හම වේලෙන හින්ද. ඒකට moisturizer cream එකක් පාවිච්චි කරල බලන්න. මේ products කොහොමත් තියෙන්නෙ ඔය වගේ humidity අඩු රටවල උන්ට පාවිච්චි කරන්න. ඒ උනාට අපේ යක්ඛ පුතාලා දාඩිය පෙර පෙරත් ඕවා පාවිච්චි කරන හින්ද මෙහෙනුත් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම.