Accident @ Delkanda yesterday

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,436
    113
    Battaramulla, Sri Lanka
    අති සුඛෝපභෝගී මෝටර් රථයක් (Mercedes CLS) සහ රුපියල් කෝටි ගණනක දේපළ ගබඩා කර තිබූ තිබු ලොරි රථයක් දෙල්කඳ හන්දියේදී ගැටීමෙන් එම වාහන දෙක ගිනිගෙන විනාශ වූ බව මිරිහාන පොලිසිය කියයි.


    මෝටර් රථයේ රියැදුරු හා රිය සහායකයා තුවාල ලබා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් වී ඇත.


    මෙම අනතුර ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුව ඇති බවත් කාර් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය පැවසීය.


    සුඛෝපභෝගී කාර් රථ දෙකක් දෙල්කඳ හන්දිය දෙසසිට මහරගම දෙසට ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් ගමන් ගත් කාර් රථයට වේගය පාලනය කර ගැනීමට වම්පස තාප්පයක පළමුව ගැටී අනතුරුව මාර්ගයේ අසල නවතා තිබූ ලොරි රථයේ පිටුපස කොටසේ ගැටුනු බවත් එම අවස්ථාවේ එක වරම මෝටර් රථය ගිනි ගැනීමට පටන් ගත් බවත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසින් සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පැවසීය.

    මෙම අනතුර වී ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ මාධ්‍ය ය උපකරණ තොගයක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට(Derana ?) අයත් මැදිරි සංකීර්ණයක් වෙත බාමින් සිටියදී බවත් පොලිසිය කියයි.




    නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් පාලනයකරගැනීමට නොහැකිව පසෙක තිබූ තාප්පයක ගැටීමෙන් අනතුරුව නතරකරතිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් පසු ගිණි ගැනීමට ලක්වීමෙන් පෙර දින(10) රාත්‍රී 10.00 ට පමන සිදුවූ අනතුර

    244017642_3004888963158598_7282773978904409721_n.jpg


    244205948_3004820196498808_2895327755159644521_n.jpg


    244383315_3004820549832106_6271296166273489389_n.jpg


    244382648_3004820463165448_8951248442573719188_n.jpg


    243885240_3004820509832110_6123811813483832081_n.jpg


    244350775_3004820583165436_5739923214759976356_n.jpg


    https://www.hirunews.lk/284656/සුඛෝපභෝගී-මෝටර්-රථයක්-ලොරි-රථයක-ගැටී-රථ-දෙකම-අළුවෙයි-වීඩියෝ
    https://www.lankadeepa.lk/latest_news/මෝටර්-රථය-ලොරියේ-ගැටේ:දෙකම-ගිනිගෙන-අළු-වෙයි/1-600763
    https://www.facebook.com/accidentfirst/
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,776
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    ehm yadenna malli..:D insurance eken claim ek hmbenv.. onnam 1million wge aduwen hmbei... eeka uta kalani gagata pollella wge:P

    ඇන්ටිජන් එකෙන් රුපියලක් වැඩි කරලා ඒකත් කවර් කර ගනී. 😂
    මං කියන්නෙ හැමදාම ලොකුම පවුකාරයො ලංකාවෙ මහජනතාව.

    හැබැයි හරිනං drunk driving වලට ගෙවන්නෙ නෑ නේද? එතකොට ලොරියට වෙච්ච පාඩුව බීපු ඩ්‍රයිවරයා අතින් ගෙවන්න ඕන වෙන රටක නං. ලකේ පංකාවෙ නං කොහොමද දන්නෙ නෑ.
    මෙතන රටේ බලපෑමක් කරන්න පුළුවන් එකෙක් නං ඒකත් insurance එකෙන් ගෙවයි මොකක් හරි කරලා. නැත්තං ලොරි කාරයට තග දාලා නොගෙව ඉඳියි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    ඇන්ටිජන් එකෙන් රුපියලක් වැඩි කරලා ඒකත් කවර් කර ගනී. 😂
    මං කියන්නෙ හැමදාම ලොකුම පවුකාරයො ලංකාවෙ මහජනතාව.

    හැබැයි හරිනං drunk driving වලට ගෙවන්නෙ නෑ නේද? එතකොට ලොරියට වෙච්ච පාඩුව බීපු ඩ්‍රයිවරයා අතින් ගෙවන්න ඕන වෙන රටක නං. ලකේ පංකාවෙ නං කොහොමද දන්නෙ නෑ.
    මෙතන රටේ බලපෑමක් කරන්න පුළුවන් එකෙක් නං ඒකත් insurance එකෙන් ගෙවයි මොකක් හරි කරලා. නැත්තං ලොරි කාරයට තග දාලා නොගෙව ඉඳියි.
    drunk driving කරේ වෙන එකෙක්නෙ එතකොට ලොරියෙ insurance ගෙවනවනෙ.
     
    • Like
    Reactions: hrm

    shenat

    Well-known member
  • May 13, 2007
    57,776
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    drunk driving කරේ වෙන එකෙක්නෙ එතකොට ලොරියෙ insurance ගෙවනවනෙ.

    මචන් මම කිව්වෙ ලොරියෙ එකාගෙ වරදක් නැත්නම් ඌට ගෙවන්න ඕන බීපු එකාගෙ ඉන්ෂුවරන්ස් එකෙන්. හැබැයි කාර් ඩ්‍රයිවරයා බීපු නිසා ඒකත් ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්න බෑ කියයි. එතකොට බීපු කාර් ඩ්‍රයිවරයා ඒක තමන්ගෙ අතින් ගෙවන්න ඕන ලොරි කාරයට. එහෙමයි වෙන දියුණු රටක නන් වෙන්නෙ.