මීට පැය භාගයකට විතර කලින් තමයි මේ අනතුර සිද්ධ උනේ, හොරණ ඉදලා බුලත්සිංහල හරහා මතුගම පාරේ බැල්ලපිටිය හන්දියට 4km විතර එහායින් කඳන කියන හරියේ, කාර් එකේ ඉස්සරහා ටයර් එක ගිහින්, ඊට පස්සෙ කන්ට්‍රොල් නැතුව පාර අයිනේ නවත්තලා තිබුන මොටර්බයිසිකලයකුත් හප්පගෙන තමයි නැවතිලා තියෙන්නේ, ආරංචියේ හැටියට කාර් එකේ හිටිය තුන්දෙනාටම තුවාලයි, අවට හිටපු අය වහාම ඒ අයව හොරණ මූලික රෝහලට ඇතුල කරලා.

