achchu gahana salli

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,834
    35,711
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද දිනයේ සිට සෑම මසකම රජයේ සේවකයි සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවයි මුදල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
    මිට අමතරව සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා ද තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් ලබාදීමට යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කලේ.
    ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියා.
    මිට අමතරව සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමටද තීරණය කර තිබෙන බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.
    වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව නිසා ඉදිරියේදී වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක් නියම කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදුන් බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ. මේ වන විට වී කිලෝවක් සඳහා රුපියල් 50ක මුදලක් ගෙවනු ලබන බවත් වැඩිපුර වී කිලෝවක් සඳහා රු.25ක් ගෙවීමෙන් ගොවීන්ට අස්වැන්න හිඟකම නිසා ඇතිවන පාඩුව පියවා ගත හැකි බවද කියා සිටියා.
    වී මිල වැඩිකිරීම නිසා කිසිදු අයුරකින් පාරිභෝගිකයාට එම බර පැටවෙන්නේ නැති බවද මුදල් ඇමතිවරයා මෙහිදී සහතික කර සිටියා.
    මිට අමතරව අපි වවමු - රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
    මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 229ක් රජයට වැය කෙරෙන බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.
    එමෙන්ම රටේ පවතින බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    santa-jewish-1425713547.jpg
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඕවා දෙන්න මුං ඉවක් බවක් නැතුව සල්ලි අච්චු ගහලා, උද්ධමනේ අහස උසට ගියාම, ඒකෙං කෙළ වෙන්නෙත් ප්‍රයිවෙට් ජොබ් කරන උන්ට
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,526
    22,632
    113
    අම්බකිස්ස
    ඔය හූ කියපු,බැනපු වුන් දැන් සයිලන්ට්,වුන්ට ප්‍රශ්නේ තිබ්බේ ආර්ථිකේ අවුලක් නෙමෙයි.කිරිපිටි නැති එක රාක්කේ.දැන් වුන් ටික ශේප්.දැන්ම චන්දේ තියයි.තාව මාස 6කින් 12කින් තමයි පත්තු වෙන්නේ.