AD සහ BC

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    AD සහ BC

    Anno Domini & Before Christ

    ක්‍රිස්තු වර්ෂ සහ ක්‍රිස්තු පුර්ව

    ක්‍රි.ව. හෝ ක්‍රිව හෝ ලෙසින් සංක්‍ෂිප්ත කෙරෙන, ලතින්: අන්නෝ දොමිනි(මධ්‍යතන ලතින්: (අප) ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්), සිංහල: ක්‍රිස්තු වර්ෂ යනු, ජූලියන් හ‍ා ග්‍රෙගෝරියන් දිනදර්ශනයන්හි වසර අංකනය කිරීමට භාවිතා කරන යෙදුමකි. අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි ("අප ‍ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.

    මෙය විසින් අංකනය කෙරෙන දින දර්ශන යුගය පදනම් වී ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම යුගය ඇරඹීමට පෙර වූ කාලවකවානුව හැඳින්වීමට සිංහල භාෂාවෙහි භාවිත වන්නේ ක්‍රිපූ හෝ ක්‍රී.පූ. ලෙස සංක්‍ෂිප්ත කෙරෙන ක්‍රිස්තු පූර්ව යන්නයි.

    වසර 525 දී ක්‍රිස්තු වර්ෂ දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප් වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ රාජ්‍යත්ව වර්ෂයන් අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය.වසර 1422 දී, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන බටහිර යුරෝපීය රට බවට පෘතුගාලය පත්විය.


    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::


     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    10cixdw.jpg